Ads 468x60px

.

ජනපතිට භාරත රත්න සම්මානය...!

ද්‍රවිඩ පෙරමුණේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කැර ගැනීම නතර කළ යුතුයි...

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා එහි නායක වේලුපිල්ලේ ප්‍රභා කරන්ගෙන් එල්ල වූ භීෂණය තුරන් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනපති සතු වූ ආත්ම ශක්තිය වෙනුවෙන් භාරත රත්න සම්මානය පුද කළ යුතු බව ඉන්දියාවේ ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසා ඇතැයි ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පත  සඳහන් කරනවා.

ඉන්දියාවේ උසස්ම සිවිල් සම්මානය වන භාරත රත්න සම්මානයෙන් මෙතෙක් පිදුම් ලබා ඇති විදේශිකයන් දෙදෙනා වන්නේ දකුණු අපි‍්‍රකාවේ නෙල්සන් මැන්ඩෙලා සහ පාකිස්ථානයේ ගාන්ධිකාන් අබ්දුල් ගනෙර් කාන් පමණි.

මේ අතර සුබ්‍රමනියම් ස්වාමි මහතා චෝදනා කරන්නේ අසල්වැසි ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා බිඳ හෙළන්නට උත්සාහ දරන

ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්‍ෂයේ නායක කරුණානිධි මහතාට ඉන්දීය අගමැතිවරයා අවවාද කළ යුතු බවත්, ඉන්දීය නීතිය යටතේ කැරලි ගැසීම හෝ උද්ඝෝෂණය කිරීමට විරුද්ධව නඩු පැවරීමටත් මිත්‍ර රටවල් සමඟ සබඳතාවන්ට හානි සිදුවන ආකාරයෙන් කටයුතු කිරීමට විරුද්ධව ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතු බවත්ය.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා තවදුරටත් පෙන්වා දී ඇත්තේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්‍ෂ නායක කරුණානිධි මහතා විසින් ඉන්දියානු විරෝධී අසත්‍ය ප්‍රකාශ කරමින් අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට පොලඹවන ලද අතර ශ්‍රී ලංකාවේ ස්වයං පාලනය ප්‍රදේශ හා දෙමළ ඊළාමය පිහිටුවීමට ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බව කීමට ද පෙලඹ වූ බවයි.

නීති කටයුතු පිළිබඳ ඉන්දියාවේ හිටපු ඇමැතිවරයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය අගමැතිවරයා විසින් දෙරට අතර හොඳ හිත මානව සංවර්ධනය කිරීමට පියවර ගත යුතු අතර බලය බෙදීම පිළිබඳව හා සුළු ජාතික දෙමළ භාෂා කතා කරන්නන්ට ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලින් සිය ප්‍රදේශවලට සහනය හා ශක්තිය ලැබෙන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් සහතිකයක් ලබා ගැනීම වඩා වටිනා බවයි.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසා ඇත්තේ ද්‍රවිඩ පෙරමුණේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කැර ගැනීමට උත්සාහ ගැනීම නතර කළ යුතු අතර මේ තත්ත්වයේ නිමාවක් දැකීමට නම් ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට භාරත රත්න සම්මානය පුද කළ යුතු බවත්ය.
 
Related Posts with Thumbnails