Ads 468x60px

.

පාර්ලිමේන්තුවේ කොහිල හොද්ද රතුවෙයි - පොලිසිය පරීක්‌ෂණ අරඹයි...

කිසියම් විෂ සහිත රසායනික ද්‍රව්‍යයක්‌ තිබේ දැයි සැකයක්...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අමුත්තන්ගේ භෝජනාගාරයේදී ඊයේ (16 දා) පිසින ලද කොහිල වෑංජනය අසාමාන්‍ය ලෙස රත්පැහැ ගැනීම පිළිබඳ පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සකස්‌ කරන ආහාර දිනපතා පොලිස්‌ ආහාර පරීක්‌ෂක වරුන් විසින් පරීක්‍ෂාවට ලක්‌ කරන අතර ඊයේ මෙම වෑංජනයද එසේ පරීක්‌ෂාවට භාජනය වුනා.

මෙසේ පරීක්‌ෂා කිරීමේදී මෙම වෑංජනය රත්පැහැ වී තිබීම නිසා පොලිසිය විසින් පරීක්‌ෂණ ඇරැඹූ බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසුවා.

පරිප්පු මිශ්‍ර කර සකස්‌කර තිබූ මෙම කොහිල වෑංජනයේ කිසියම් විෂ සහිත රසායනික ද්‍රව්‍යයක්‌ තිබේ දැයි සැක සිතුණු නිසා එය

භෝජනාගාරය වෙත යෑවීම පොලිසියේ ආහාර පරීක්‌ෂකවරුන් විසින් නතර කර තිබෙනවා.

මෙම වෑංජනයේ සාම්පල් රස පරීක්‌ෂකවරයාට යෑවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. අමුත්තන් සමග මන්ත්‍රීවරුන්ද පැමිණ මෙම භෝජනාගාරයෙන් ආහාර ලබාගන්නා අතර මේ පිළිබඳව ආහාර පාන සකස්‌ කිරීමේ කාර්ය මණ්‌ඩලයේ කිහිප දෙනකුගෙන් පොලිසිය ඊයේ සවස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෙම පරීක්‌ෂණ තවදුරටත් සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු පොලිසිය ප්‍රකාශ කලේ.

මේ අතර මෙතෙක්‌ ආහාර ද්‍රව්‍ය පරීක්‌ෂාවට ලක්‌ කළේ පිසීමෙන් පසුව වුවද මින් ඉදිරියට පිසීමට පෙර ආහාර ද්‍රව්‍ය පරීක්‌ෂාවට ලක්‌ කරන ලෙස කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ නියෝග කළා.
 
Related Posts with Thumbnails