Ads 468x60px

.

රාවණා රජුගේ උමං මාර්ගයක් සාදින්නාගල කන්දෙන්.

උමං ‍දොරටුව අඩි 11ක් උසයි 
අඩි 5ක් පමණ පළලයි...

පහළට ගමන් කළ හැකි පඩිපෙළක් දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමලා...

එම ප්‍රදේශයට මේ වනවිට දැඩි ආරක්ෂාවක්...

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් විසින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුතු සිදු කරද්දී රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ බවට අනුමාන කෙරෙන ඉපැරැණි උමං මාර්ගයක් මතුවී තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

මේ උමං ‍දොරටුව අඩි 11ක් පමණ උසකින්දල අඩි 5ක් පමණ පළලකින්ද පහළට ගමන් කළ හැකි පඩිපෙළ කිහිපයකින්ද යුක්ත අතර දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමාතිබෙනවා .

මීට වසර 7,500කට පමණ ඉහතදී රාවණා රජතුමා ඉන්දියාවට ගොස් සීතා කුමාරිය පැහැර
ගෙන විත් රාවණා ඇල්ල සමීපයේ සඟවා තිබූ බව ජනප්‍රවාදයේ සඳහන්ව ඇති අතර ඒ බව සනාථ කරමින් රාවණා ඇල්ලේ ශෛලමය බිත්තියක රාවණා රජුගේ රූපයක්ද කොට ඇති බවක් දැකගන්නට තිබෙනවා. මේ වන විට මේ උමං මාර්ගය හමුවූ ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇතැයිද වාර්තා වෙනවා.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සඳහා මෙම කැනිම් කටයුතු කර තිබෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 10 කනුව, ප්‍රදේශයේ සාදින්නාගල කන්ද හරහාය.

පසුගිය සැප්තැම්බර් මාසයේද දර කඩා ගැනීමට ගිය ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරදගොල්ල උඩකිරින්ද ග්‍රාමයේ ගල්පර්වතයක් යටද රාවණා රජුගේ බවට සැක කළ උමඟක් හමුවූ අතර ඉන්පසු එම උමඟට කුමක් සිදුවුනාදැයි දැනගන්නට ලැබුනේ නැත.

 
Related Posts with Thumbnails