Ads 468x60px

.

හිමිනමක් අතින් ලිංගික අතවරයට පත් දැරිය අතුරුදන්.

වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනයට පන්සලට ගිහින් 
එහිදී ශ්‍රමණ වේශධාරියා අතින් අතවරයට...

මේ වන තෙක්‌ දැරිය ආගිය අතක් නෑ...
හිමිනම විසින් ඇය සඟවාගෙන සිටින බවට සැකයිලු...

හිමිනමක් විසින් ලිංගික අතවරයට ලක්‌ව අධිකරණ නියෝග මත පරිවාස භාරයේ සිටි 14 හැවිරිදි දැරියක්‌ අතුරුදන්ව ඇති බවත් ඇය සොයාදෙන ලෙස දැරියගේ සීයා වන ඩී. එම්. එම්. හීන්බණ්‌ඩා මහතා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

දියබෙදුම අංක 508 යාය 34 පදිංචි හීන්බණ්‌ඩා මහතා පවසන පරිදි සිද්ධිය මෙසේය.

හීන් බණ්‌ඩා මහතාගේ මිණිබිරිය සන්ධ්‍යා ශ්‍යාමලී නම් දැරිය මාස තුන සැපිරෙද්දී ඇගේ වගකීම හීන් බණ්‌ඩාට පවරා දියණිය ඉනෝක මැදපෙරදිග රැකියාවකට ගොස්‌ තිබෙනවා. පසුව පසුව හීන් බණ්‌ඩා මහතා එම දැරිය හදා වඩාගෙන දියබෙදුම ඉරහඳ විදුහලේ අධ්‍යාපනය ලබාදී තිබෙනවා.


පස්‌වන වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ සාමාර්ථ ලබාඇති දැරිය අධ්‍යයන කටයුතු මෙන්ම කලා කටයුතුවලට දැඩි උනන්දුවක්‌ දක්‌වා තිබෙනවා. වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට දියබෙදුම විහාරස්‌ථානයකට ගිය දැරිය
එහිදී ඉහත ශ්‍රමණ වේශධාරියා අතින් අතවරයට ලක්‌ව තිබෙනවා.

බකමූණ පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත කළුතර ප්‍රදේශයේදී ඉහතකී වේශධාරියා දැරිය සහ අනුබල දුන් කාන්තාවක්‌ද හිඟුරක්‌ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැරිය හිඟුරක්‌ගොඩ බෝසත් ළමා නිවාසටද ශ්‍රමණා වේශධාරියා හා කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පරිවාස භාරයේ සිටිය දැරිය ආසන්න පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී ඉකුත් මැයි මාසයේ දිනෙක හදිසියේ අතුරුදන්ව ඇත. සතියකට වරක්‌ දෙවරක්‌ තම දියණිය බැලීමට එන හීන් බණ්‌ඩා මහතාට පරිවාස නිලධාරිනියන් දැනුම් දී ඇත්තේ දැරිය පළාගොස්‌ ඇති බවයි.

ඉන්පසුව හීන්බණ්‌ඩා මහතා හිඟුරක්‌ගොඩ, දියබෙදුම, බකමුණ පොලිසිවලට ද හබරණ සහකාර පොලිස්‌ අධිකාරිවරයාටද, පොලිස්‌පතිවරයාටද සිද්ධිය පැමිණිලි කර ඇතත් මේ වන තෙක්‌ දැරිය සොයා ගැනීමට හැකිවී නැත.

හිඟුරක්‌ගොඩ බෝසත් ළමා නිවාසයේ පාලිකාවන්ද සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි ශ්‍රමණ වේශධාරියා අධිකරණය මගින් මුදාහැර ඇති අතර හීන් බණ්‌ඩා මහතා පවසනුයේ ශ්‍රමණ වේශධාරියා විසින් ඇය සඟවාගෙන සිටින බවයි. මේ පිළිබඳව අවධානය යොමු කරවන ලෙස හෙතෙම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
Related Posts with Thumbnails