Ads 468x60px

.

ලොව ප්‍රීතිමත්ම මිනිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්

අපි ‍ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන්...

කරන්න තියන්නේ තියෙන්නේ එක දෙයයි...

උන්වහන්සේගේ මුවග නැගෙන ශාන්ත සිනහවත්, හිමාල කදුවැටිය සිප එන නැවුම් සුළගින් රැළි නැගෙන ගුරු වර්ණයෙන් යුතු සිවුරත් ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා සොයාගැනීම සදහා මෙතෙක් සිදුකල පර්යේෂණ අභිභවා ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂුව තෝරා ගැනීමට විද්‍යාඥයන්ට එතරම් අපහසු වන්නට නැත.

භාවනාව තුළ මිනිස් මොළය වෙනසකට භාජනය වන බවත්, එය බර ඉසිලීමෙන් මස්පිඩු වර්ධනය වන්නාක් මෙන්, මිනිසාගේ සතුට වැඩි කරන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. 


"මෙය පර්යේෂණය කිරීමට අතිශය සුන්දර අවස්ථාවක්, භවනාව කියන්නේ, අඹ ගසක් යට සිටීමෙන් ලැබෙන ප්‍රීති ප්‍රමෝදය ඉක්මවා ගිය දෙයක් බව ඉන් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. 

 
එය සම්පූර්ණයෙන්ම පාහේ අපේ මොළය වෙනස් කරනවා. ඒ නිසා එය ඔබවත් වෙනස් කරනවා" යැයි මැතිව් රිචඩ් භික්ෂූන් වහන්සේ ප්‍රන්ශ පුවත් සේවයට පවසා සිටියහ.

සතුට වෙනුවෙන් වැඩි ඉඩක්...

සතුට වෙනුවෙන් වැඩි ඉඩක් සහිත මිනිස් මොළය සොයාගැනීම සදහා මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණයන්ගෙන් සතුට සදහා අසාමාන්‍ය ඉඩක් සහිත මනුෂ්‍ය මොළය ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂූන් වහන්සේ සතු බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ වන විටි 66 වැනි වියෙහි පසුවන මැතිව් හිමියන් මීට වසර 40කට පෙර තමා සතු සියල්ල අතහැර හිමාලයේ ටිබේට් බෞද්ධ ආරාමයක් වෙත පැමිණියේ බෞද්ධ දර්ශනයේ පහස සොයාගෙනය. උන්වහන්සේ වර්තමානයේ දලයි ලාමා තුමාගේ සමීපතමයෙකු වන අතර, ලොව පුරා ගමන් කරමින් දේශනා පවත්වන බටහිර ලෝකයේ මහා ප්‍රාඥයෙකු ලෙසද සැලකෙති.


'අපි ‍ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන් කරන්න තියන්නේ භාවනා කිරීම පමණයි' උන්වහන්සේ පවසති.


ප්‍රංශයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු වූ රිචාඩ් ඩේවිඩ්සන් මහතා මීට වසර හතරකට පෙර මැතිව් භික්ෂුවගේ හිසෙහි සංවේදකයන් 256ක් සවිකිරීමෙන් පසු උන්වහන්සේට භාවන කිරීමට සලස්වා මේ පරීක්ෂණය සිදුකර තිබුණු අතර, මැතිව් හිමියන්ට අමතරව තවත් ඉහළ තලයේ භාවනානුයෝගීන් සිය ගණනක් ඩේවිඩ්සන් මහතාගේ මෙම පරීක්ෂණයට මුහුණ දී තිබිණි.

ස්කෑන් පර්යේෂණය අතර උන්වහන්සේ ක්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥානකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්මටක් මැතිව් හිමිගේ මොළය නිපදවූ ඩේවිඩ්සන් මහතා පැවසීය. එසේම එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පොතපතෙහි මෙතෙක් ඔවුන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව ද ඩේවිඩ්සන් මහතා පැවසීය.

පර්යේෂකයන් විශ්වාස කළ පරිදි, උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය එම දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම ක්‍රියාකාරීත්වයක් පෙන්වන්නට වූයේ සතුට සදහාත්, සෘණ සිතිවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සදහාත් අසාමාන්‍ය ඉඩක් එම මොළයෙහි පැවතිණි.

උන්වහන්සේ මීට පෙරද භාවනාව ඇසුරෙන් ලොවපුරා විද්‍යාඥයන් සිදුකර බොහෝ පර්යේෂණවලට මුහුණ දී තිබිණි. 'කෙටි කාලීන හා දීර්ඝ කාලීන භාවනාව හරහා මනස පුහුණු කිරීමෙන් මානසික ඒකාග්‍රතාව, කරුණාව සහ චිත්තවේග පාලනය හා තුලනය සදහා ඇතිවන බලපෑම වසර 12ක් පුරා අප සොයා බැලුවා'


"50.000 වාරයකට වඩා භාවනා කර ඇති දීර්ඝ කාලීනව භාවනාවේ යෙදෙන පුද්ගලයන් මෙන්ම, වර්තමාන ලෝකයේ කාර්යබහුලත්වයට ගැලපෙන ලෙස දවසකට විනාඩි 20 බැගින් සති තුනක කාලයක් භාවනා කළ පුද්ගලයන් ඇසුරෙන් කළ පර්යේෂණ තුළින් අප නොසිතූ ප්‍රතිඵළ රැසක් සොයා ගැනීමට හැකිවුණා"


1972 වසසේ පැරීසියේ දී ජාන විද්‍යාව පිළිබද සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ උන්වහන්සේ වරින වර සිය නිවාඩුවට පැමිණි අතර බෞද්ධ දර්ශනය පිළිබදව හැදෑරීම්ද ඇරඹීය. ඉන් වසර 26කට පසු ජීවිතයේ අරුත පිළිබද කතිකාව රැගත් "ද මන්ක් ඇන්ඩ් ද ෆිලෝසොෆර්" කෘතිය රචනා කළහ.

නිහඩ දිවිය ලොවට විවෘත වෙයි

"මාගේ නිහඩ ජීවිතය ලෝකයට විවෘත වූණේ ඉන් අනතුරුවයි. එම කෘතිය ලොව පුරා ප්‍රචලිත වෙමින්, මා ලෝකයට විවෘත කළා. ඉන් අනතුරුව විද්‍යාඥයන් සමග මා බොහෝ කතිකාවත්වල යෙදුණා"
විද්‍යාත්මක පර්යේෂණ හා භාවනාවේ විද්‍යාව සෙවීමට මා බොහෝ උනන්දු වුණා. 


හිමාලය ආශ්‍රිත බෞද්ධ ආරාමයක හුදකලා භාවනා පුහුණුව, විද්‍යාත්මක පර්යේෂණවල යෙදීම හා දලයි ලාමා තුමන් ප්‍රංශ භාෂාව හසුරුවන රටවලට පැමිණීමේ දී හා විද්‍යා සමුළුවලට සහභාගී වීමේදී උන්වහන්සේගේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමද මැතිව් හිමියන්ගේ ජීවිතයේ යම් යම් කාලවකවානුවල සිදුව තිබේ.

ලෝකයම යම් ආර්ථික අරබූදයක සිරවී සිටි කාලයක 2009 වසරේදී ස්විට්සර්ලන්තයේ ඩොවෝස් හී පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාවී වී සිටි රාජ්‍ය නායකයන් හා ව්‍යාපාර ප්‍රධානීන් ඇමතූ උන්වහන්සේ පවසා සිටියේ "අවබෝධයෙන් යුතු පරාර්ථය වෙනුවෙන්, මේ තණ්හාව හා ලෝබය දුරු කිරීමට කාලයයි" යනුවෙනි.


"හැපිනස් අ ගයිඩ් ටු විවෙලොපින් ලයිෆ් මෝස්ට් ඉම්පෝර්ටන්ට් ස්කිල්" ආදි කෘතින්ද රචනා කර ඇති මැතිව් හිමියන් තම කෘති අලෙවියෙන් ලැබෙන මුදල් විවිධ පුණ්‍ය කටයුතු හා ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී තිබේ.


එම මුදල්වලින් ඉදිකළ පාසල්වල දරුවන් 21.000ක් පමණ අධ්‍යාපනය ලබන අතර වසරකට රෝගීන් 100.000කට පමණ සෞඛ්‍ය සේවා සැපයීමද සිදුවෙයි. "සොයා බැලීමට හා පර්යේෂණයට අවංකව උත්සාහ කරන්න. බුදුදහම උත්සහා කරන්නේ සතුටේ සහ වේදනාවේ යාන්ත්‍රණය බේරුම් කිරීමටයි" යැයි එහිමියෝ පැවසූහ.

අපිත් සතුට ළගාකර ගනිමුද?

බුදු දහමේ භාවනාව තුළින් අපට ප්‍රීති, සුඛ, පස්සද්ධිය ඇතිවන බව උගන්වා තිබේ. භාවනාවේදී තමා සිටින අරමුණේම සිත තබාගැනීම තුළින් ප්‍රීතිය ඇතිවෙයි. සිත චංචල වනවිට භාවනාව සිදුනොවන අතර සිත වෙහෙසට පත්වෙයි. 


සිත අරමුණක නොතිබීම නිසා ප්‍රීතිය ගිලිහෙයි. නමුත් සිත නිශ්චලව අරමුණක පවතින විට ප්‍රීතිය ඇතිවෙයි. භාවනාව තවත් දියුණු කිරීමේ දී සුඛය හා පස්සද්ධිය කරා පැමිණෙයි. ශරීරය පුරාම ඒ ප්‍රීතිය, සතුට ගලා යයි. 

අපේ සිතේ එක් රූප කාලාපයක් මිය යෑමෙන් තවත් රූප කලාපයක් නිර්මාණය වුණත්, ඒ මියයන රූප කලාපයේ ගති ලක්ෂණ ඇතිව අනෙක් රූප කලාපය නිර්මාණය වන නිසා සිතේ ඇතිවන ලෝබ, ද්වේශ, මෝහ ආදී සෘණ සිතිවිලිවලිත් ඒ රූප කලාපවල පවතී. 

අප භාවනාවක සිත තැන්පත් කළ විට සිත සෞම්‍ය තලයක පවතින නිසා ඇතිවෙමින් නැතිවන රූප කලාප තුළත් ඒ සෞම්‍ය රූප කලාප ගමන් කරයි. අලෝබ, අදෝශ, අමෝහ සිතෙහි වැඩෙයි. 

අපේ ලේ ධාතුව තුළත් ඒ සෞම්‍ය රූප කලාපම ගමන් කරයි. එය අපේ ශරීරය පුරාම පැතිරෙයි. ශරීරය සැහැල්ලු වෙයි. ඔබත් මේ කාර්ය බහුල දිවිය තුළ දවසකට විනාඩි 20 ක් භාවනා කිරීමෙන් ඔබටත් සතුට ළගා කරගත හැකියි.


 
Related Posts with Thumbnails