Ads 468x60px

.

2013 ලෝකයට කොහොමද...? ජේ‍යාතිෂය ඇසුරින්...

වැසි ජලයත් විෂ වෙන කාලයක්... 
ලංකාව තුළ සිදුවන ක්‍රියා පිළිබඳ අනාවැකි කිහිපයක්...

ලෝකය වටා ඇති විවිධ සංස්කෘතීන්වල සඳහන් කර ඇති ආකාරයට මේ වන විට ලෝකය පුරා විවිධ වෙනස්කම් ඇතිවෙමින් පවතී. සමහර කරුණු ඉදිරියේදී ඇතිවන මහා විපත්තීන් වල පූර්ව ලක්‍ෂණ යැයි අයකුට සිතිය හැකිය.

මේ වන විට සිදුවන ක්‍රියාදාමයන් දෙස බැලීමේදී මහා විනාශයක් අත ළඟ යැයි දැනේ. 2012 වර්ෂය පිළිබඳ විවිධ අය විවිධ මත ඉදිරිපත් කර ඇති අතර, ඒවා සුළුකොටද තැකිය නොහැක. මේ නිසා 2012 වර්ෂයේ දෙසැම්බර් 21 වැනිදා සිට සිදුවන සිදුවීම් පිළිබඳව වඩාත් අවධානයකින් යුතුව බැලිය යුතුය. 

මේ වන විට පෘථිවිය තුළ ඇතිවෙමින් පවතින ඛනිජ තෙල් හිඟයත්, ජීවී විශේෂයන් වඳවී යෑම, දරුණු සුනාමි, ලෝකයේ නොයෙක් රටවල ආර්ථික කඩාවැටීම් සේම, රට රටවල් අතර ඇතිවන යුද්ධ, න්‍යෂ්ටික බලය යොදාගෙන කරන පරීක්‍ෂණ, රතු වැසි, අයිස් කැට වැසි, නගර පිටින් වැළලී යෑම්, භූ කම්පන, උල්කාපාත කඩාවැටීම, ආගමික ගැටලු, තදබල උෂ්ණත්ව වැඩිවීම්, ආහාර හිඟවීම් ආදී තත්ත්වයන් දෙස බලද්දී ඉදිරි කාලයේ සිදුවීමට යන ක්‍රියාදාමයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහළ යා හැකිය. නව සොයා ගැනීම් ගැන පරීක්‍ෂණ කිරීමට විකිරණශීලී මූලද්‍රව්‍යයන් උපයෝගී කරගැනීම නිසා ඇතිවන විනාශයන් ආදියට හේතුවන්නේ අප මිනිස් ජාතීන්ගේ නොහික්මුණු ක්‍රියාවන්ය. මේ පිළිබඳ අපට අපේ අනාගතය පිළිබඳ සිතන්නට යමක් ඉතිරි වේ.


අප කිනම් දේ සිතුවත් ලෝකය පුරා විවිධ අයුරින් අප්‍රසන්න සිදුවීම් සිදුවෙමින් පවතී. මේ සිදුවන සිදුවීම් බොහොමයකට වගකීමට සිදුවන්නේ මිනිසුන් වන අපටමය. මේවාට මූලික හේතුව වන්නේ පරිසර පද්ධතිවල හා සාගරයේ සිදුවන වෙනස්වීම්ය. 


සාගරවල උෂ්ණත්වය ඉහළ යෑම නිසා සාගර ජීවීන් සහ මත්ස්‍යයන් ගොඩබිම කරා ළඟාවේ. මෙම සිදුවීම් දෙස පරීක්‍ෂාකාරීව බැලීමේදී පෙනී යන්නේ පුරාතන ශිෂ්ටාචාරයන් වන මායාවරුන් ප්‍රකාශ කළ කරුණුවල යම් සත්‍යතාවක් ඇති බවයි.

පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් අපට අහසේ තාරකා දිස්වන ආකාරය කාලයත් සමඟ වෙනස් වේ. මෙම වෙනස්වීම් ලෝකය තුළ ප්‍රසන්න හා අප්‍රසන්න සිදුවීම්වලට හේතු වේ. 


මේ ගතකරන කාලය තුළ සිදුවන ග්‍රහ වෙනස්වීම් හේතුවෙන් යම් යම් නරක දෑ සිදුවිය හැකිය. මෙම ග්‍රහ චාරය දෙස බැලීමේදී ලංකාව තුළත් ලෝකයේ බොහෝ රටවලත් සිදුවිය හැකි දේ පිළිබඳ බොහෝ අනාවැකි පළ කළ හැකිය.

එම අනාවැකි පහතින්... 

2013 අගෝස්තු 16 දක්වා ග්‍රහචාරය පවතින්නේ මෙසේය


* රවි ග්‍රහයා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ යන රාශීන්වලද,


* අඟහරු ග්‍රහයා මකර, කුම්භ, මීන, මේෂ,

වෘෂභ, මිථුන, කටක රාශිවලද,

* බුධ ග්‍රහයා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ රාශීන්වලද,


* බ්‍රහස්පති ග්‍රහයා වෘෂභ, මිථුන යන රාශිවලද,


* සිකුරු ග්‍රහයා තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යන රාශීන්වලද,


* සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා තුලා, වෘශ්චික රාශීන් දෙකේද,


* රාහු ග්‍රහයා තුලා, කන්‍යා රාශීන් දෙකේද,


* කේතු ග්‍රහයා මේෂ, මීන රාශීන්වලද ගමන් කරයි.


2013 අගෝස්තු 16 දක්වා වූ ග්‍රහචාරය දෙස සලකා බැලීමේදී 2013 අගෝස්තු 16 දින රවි සිංහ රාශිගත වීමට පෙර සිදුවීම් දාමයක් ක්‍රියාත්මක වේ. මෙම සිදුවීම් දාමයෙහි ආරම්භය සිදු වන්නේ පසුගිය අගෝස්තු 5 වැනිදා සිටය. මෙම කාලාන්තරය තුළ ශ්‍රී ලංකාව තුළ සිදුවන ක්‍රියාදාමයන් පිළිබඳ මෙසේ අනාවැකි පළ කළ හැකිය.


* ස්වාභාවික ව්‍යසනයක් ලෙස බෝවන රෝග වැඩි වී සෞඛ්‍ය අංශයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය.


* සන්නිවේදන මාධ්‍ය තුළ හදිසි වෙනස් වීමක් තුළ අවුල්සහගත භාවයක් ඇති විය හැකිය.


* පුවත්පත් මාධ්‍ය තුළ ගැටලු රැසක් ඇති විය හැකිය. ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක් කඩා වැටීමත් සමඟ එය දීර්ඝකාලීනව පවත්වාගෙන ගිය සුප්‍රසිද්ධ ගොඩනැඟිල්ලක් වෙනත් විදේශීය රටකට හෝ වෙනත් ආයතනයකට අයිති වේ.


* පුවත්පත් ආයතනයක් තුළ ගිනි ගැනීමක් ඇතිවේ.


* තැන තැන ඉතා අබිරහස් ලෙස මිනීමැරුම් සිදුවේ.


* වරායක් තුළ හදිසි ගිනි ගැනීමක් හෝ යම් විනාශකාරී සිදුවීමක් ඇතිවිය හැකිය.


* ඉතා ප්‍රසිද්ධ, කලාවට සහ සංගීත ක්‍ෂේත්‍රයට දිගු සේවාවක් කළ විවිධ සම්මාන ලැබූ පුද්ගලයකුගේ වියෝවක් පිළිබඳ අසන්නට ලැබේ.


* කඳුකරයේ නාය යෑමක් හෝ යම්කිසි ගිලා බැසීමක් සිදුවේ.


* අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අවුල් සහගත තත්ත්වයක් පැනනඟී.


* ප්‍රබල දේශපාලන පක්‍ෂයක සිටි කිහිපදෙනෙක් පවතින රජයට අහඹු ලෙස එක්වේ.


* දේශපාලන පක්‍ෂයක් කැඩී බිඳී යා හැකිය.


* පාතාල කටයුතුවල නිරත වූ විශාල පිරිසක් නීතියට කොටුවේ.


* ආරක්‍ෂක අංශය තුළ විශාල මෙහෙවරක් සිදුකළ අයකුගේ වියෝවීමක් සිදුවේ.


* ඛනිජ තෙල් පිළිබඳ ගැටලු ඇතිවීමේ හැකියාව උත්සන්න වන අතර, ලංකාවේ ඛනිජ තෙල් පිළිබඳ සිහිනය සැබෑ වේ.


* මහා මාර්ගයේදී දරුණු මාර්ග අනතුරක් සිදුවිය හැකි අතර, බරපතළ දුම්රිය අනතුරක්ද සිදුවීමේ හැකියාව ඇත.


* ලංකාවේ පැරැණි නිධන් වස්තු හෝ මැණික් ඉල්ලමක් නොසිතූ තැනකින් මතුවිය හැකිය.


* විදෙස් කුමන්ත්‍රණ කිහිපයක් ඇතිවීමත් සමඟ නොසිතූ ලෙස අප රටට විපත් කළ සංවිධානයක විශාල ගැටුම් ඇති වී එම සංවිධානවල ප්‍රධානීන් විදේශයකදී ජීවිතක්‍ෂයට පත්වීමක් සිදුවේ.


* දේශපාලන ක්‍ෂේත්‍රයේ වයෝවෘද්ධ කෙනකුගේ අභාවයක් සිදුවේ.


* ඉතා ප්‍රබල ආරක්‍ෂක තත්ත්වයක් ලංකාව තුළ ක්‍රියාත්මක වේ.


* අප රටේ ආර්ථික මට්ටම ඉහළ යා හැකි අතර අප රටේ ඉඩම් විදේශිකයන් මිලදී ගැනීම තුළ ඇතිවන්නා වූ තදබල ගැටලුවක් ඉතා හොඳින් විසඳේ.


* ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නව පිබිදීමක් සමඟම ක්‍රිකට් හා බර ඉසිලීම් වැනි අංශවලින්ද රගර් වැනි ක්‍රීඩා තුළින්ද ඉහළ පිබිදීමක් පෙන්නුම් කරයි.


* මේ කාලවකවානුව තුළ කාන්තා පක්‍ෂය ඉතා පරිස්සම් සහගත විය යුතුය. කාම අපරාධ වැඩි වශයෙන් සිදුවිය හැකිය.


* රටේ සිදුවූ ප්‍රබල සොරකමක නිවැරැදි අගමුල හෙළි වී ඔවුනට දඬුවම් හිමිවේ. ලංකාව තුළ මෙන්ම ලෝකයේ විවිධ රටවලටත් මේ කාලසීමාව තුළ විවිධ වෙනස්කම්වලට මුහුණදීමට සිදුවේ.


* ස්වාභාවික ව්‍යසන


* තදබල ලෙස ආර්ථික කඩාවැටීම් සිදුවේ.


* ආගමික මත ගැටුම් වැඩිවේ.


* න්‍යෂ්ටික අවි ගැටුම් වැඩි විය හැකිය.


* බලවත් හා ආර්ථික අතින් නම් දැරූ රටක් තුළ සුළි සුළං, ගිනි ගැනීම් වැනි විපත්තීන් සහ දේශපාලන ප්‍රබලයකුට විපත් සිදුවේ.


* සුමාත්‍රා දූපත් අසල සාගරයේ නැවතත් භූ කම්පන තත්ත්වයක් ඇති වී රටවල් කිහිපයකට ජලය ගලා ඒමෙන් විශාල විපත් සිදුවේ.


* යුදෙව් ජාතිකයන් සිටින රටක් තුළ ගන්නා ලද තීරණයක් නිසා අරාබිකරයේ රටවල් කිහිපයක යුද ගිනි ඇවිළේ.


* උග්‍ර ආහාර හිඟයක් නිසා අප්‍රිකානු මහාද්වීපයේ රටවල මහා ජීවිත විනාශයක් සිදුවේ.


* චීනයේ හදිසියේ වෙනස්වන කාලගුණ තත්ත්වයක් නිසා එක තැන දහස් ගණනක් මිනිසුන් මිය යා හැකිය.


* විකිරණ කාන්දුවක් හේතුවෙන් විශාල විනාශයක් සිදුවේ.


* වසරකට වරක් විශාල පිරිසක් සහභාගි වන ආගමික උත්සවයක් තුළ මහා විනාශයක් සිදුවී මනුෂ්‍යන්ට විපත්ති සිදුවේ.


* ගුවන් යානා අනතුරු කිහිපයක් සිදුවිය හැකියි.


* බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් ගිනිකඳු පිපිරීමෙන් විපත් සිදුවේ.


* අපගේ අසල්වැසි රටක් තුළ දේශපාලනික වශයෙන් අවුල්සහගත තත්ත්වයකට කාරණා යෙදේ.


මේ සියලු දෑ දෙස බැලීමේදී යහපත් දේ සිදුවන්නේ නැද්දැයි ගැටලුවක් පැනනැඟිය හැකිය. යහපත් දේ ස්ථිරවම සිදුවේ. නමුත් ඒවා එකිනෙක පෙන්වා දීමට නොහැකිය. 2013 අගෝස්තු 16 පසු ඉතා යහපත් තත්ත්වයක් ලංකාවට පමණක් නොව මුළු පෘථිවි තලයටම උදාවනු ඇත.


ලංකා නීති පද්ධතියේ අලුත් වෙනස්කම් සිදුවෙමින් රජයේ සියලුම අංශවල වේගවත් දියුණුවක් සිදුවී මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු යෙදේ. විපක්‍ෂවල තව තවත් කැලැඹීම් ස්වභාවයක්ද ඇතිවේ.

ඉදිරියේදී සිදුවන්නට යන අසුබ ග්‍රහ විපත්තීන්වලින් බේරීමට නම් තමන්ට මෙන්ම මෙලොව සිටින සියලුම සත්ත්වයන්ට ජීවත් වීමට අයිතියක් ඇති බව පිළිගෙන මෛත්‍රී සිත් ඇතිව තම තමන්ගේ ආගමානුකූලව ජීවත් විය යුතුය.


මේ අනුව බැලු කල 2012 වර්ෂයේ අවසාන මාසය පිළිබඳ මිනිසුන් තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. කවුරු කෙසේ කීවද මිනිසුන්ගේ සිත් තුළ ඇති කුකුස සැකය දුරු කිරීම සුළුපටු නොවේ. 2012 දෙසැම්බර් මාසය පිළිබඳ ජේ‍යාතිෂ විද්‍යාත්මක වශයෙන් දැක්වෙනුයේ මෙවන් අදහසකි.

අඟහරු මකර රාශියේ සිටීමත්, සෙනසුරු තුලා රාශියේ සිටීමත්, රාහු, කේතු නීච තත්ත්වයේ සිට එයින් මිදීමත්, සෙනසුරු රාහු හා එක්වීමත්, අඟහරුගේ රාශියක සිකුරු සිටීමත්, සෙනසුරුගේ රාශියක අඟහරු උච්ච වීමත් නිසා දෙසැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත කාලයේදී යම් යම් විපර්යාසයන් බලාපොරොත්තු විය හැක.


දෙසැම්බර් 17ත් 29ත් අතර කාල පරාසයේදී උසුලා ගත නොහැකි සීතල කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. මෙම සීත කාලගුණය නිසාම සෙම් අමාරු පවතින අයගේ රෝගී තත්ත්වයන් තවත් උත්සන්න විය හැකිය. 


ඇදුම ආදී රෝගීන්ට මහත් පීඩාවක් ගෙන දිය හැකි කාලසීමාවකි. බෙහෙත්වලින් සමනය කිරීමට නොහැකි තරමටම සෙම් රෝගීන්ට පීඩා ගෙන දිය හැකිය.

මේ කාල සීමාව රක්තවාත රෝගීන්ට එතරම් සුබදායක නොවේ. රක්තවාත රෝගය උත්සන්න වී ඇඟේ කුෂ්ඨ ගෙඩි පවා මතුවිය හැකියි. ලේවල පවතින රතු පැහැය දුඹුරු පැහැයට හැරේ. ලේ දූෂ්‍ය වීම නිසා සම මතුපිට කැසීම්, බිබිලි, දද ආදිය මතු වේ. මේවාට ප්‍රතිකාර කිරීමේදී මතුපිටින් රෝගය සුව වූ බව පෙනී ගියත් ශරීර අභ්‍යන්තරයේ රෝගය පවතී.


මෙතෙක් කාලයක් සිදුවූ ලෙසටම හදිසි වාහන අනතුරු, දිවි නසාගැනීම්, මිනීමැරුම් තවත් තුන් ගුණයකින් පමණ වර්ධනය වන කාලසීමාවකි. සුළං මඟින් හා වැස්සෙන් ලෙඩ රෝග බෝවීමේ ප්‍රවණතාව වැඩිය. වාතය අපිරිසුදු වීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා මේ කාලසීමාවේදී ඇති විය හැකිය.


මේ කාලසීමාව තුළ වැස්සෙන් පරිස්සම් වීම ඉතා වැදගත්ය. වැහි වතුරට තෙමීම, වැසි ජලය පාලනය කිරීම හෝ වැසි ජලයෙන් රෙදිපිළි සේදීම කිසිසේත් නොකළ යුතු ක්‍රියාවකි. 


ළිං ජලය පානය කරන අය ඒ කාල සීමාවේ වහින වැස්සෙන් එන ජලය ළිඳට නොවැටෙන සේ ළිඳ ආවරණය කර තබා ගත යුතුය. නළ මඟින් ලැබෙන ජලය පාවිච්චි කිරීමේදී වුවත් ජලය උණු කොට නිවා පානය කිරීම සුදුසුය. මේ දිනවල වැලඳෙන ලෙඩ රෝගවලට පීඩා විඳිනවා හැර ප්‍රතිකර්ම නොමැති තරම්ය.

පරිසරය හා වාතය අපවිත්‍ර වීම නිසා දුරකතන, රූපවාහිනී, ගුවන්විදුලි තරංග ආදියට බාධා සිදුවිය හැකිය. සමහර අවස්ථාවලදී සන්නිවේදන සබඳතාවන්ද බිඳ වැටිය හැකිය. මේ කාල සීමාව තුළ මුහුදු යන්නන්ට හා ගුවන් ගමන්වල යෙදෙන මගීන්ට ගැටලුකාරී තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවේ.


මේ කාලසීමාව තුළ සිදුවන අනතුරුවලින් ආරක්ෂාකාරී වීමට නම් හැකි තරම් නිදහසේ සිටින්න තමන්ගේ පාඩුවේ ආගමික වතාවත්වල යෙදෙන්න.


නිවෙස තුළම අබ තෙල්, කොහොඹ තෙල් පහන් දල්වන්න. (ඔබ හුස්ම පිට කරන විට එය පහන් දැල්ලේ නොවදින තරම් උසකින් පහන් දල්වන්න).


උදෑසනට බුදුරදුන් උදෙසා සහ දෙවියන් උදෙසා කිරිබත් පූජා කරන්න.

දසමාර පිරිත උදේ සවස සජ්ජායනා කරන්න. (7 වරක් වුවද කම් නැත)

මෙසේ මේ කාල සීමාව තුළදී බොහෝ අසුබ දේවල් සිදු වුවත් ලංකාවේ මෙතෙක් නොසිතූ ප්‍රදේශවලින් මැණික් ඉල්ලම් මතුවිය හැකිය.

 
Related Posts with Thumbnails