Ads 468x60px

.

ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් ඔබලා...

ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් යොදා මුද්‍රණය කරන ලද නත්තල් සුබපැතුම්පත් තොගයක් ගල්කිස්ස තැපැල් හලෙන් ජපානයට තැපැල්කිරීමට පැමිණි ජපන් ජාතිකයෙකු සමග සුබපැතුම් පත් 44ක් ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

10 දින සවස මෙම ජපන් ජාතිකයා සුබ පැතුම්පත් තොගය තැපැල්කිරීමට පැමිණි අවස්ථාවේදී ගල්කිස්ස පොලිසියේ ජාතික රහස් තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ජපන් ජාතික සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නැවතී සිටි ගල්කිස්ස ද සේරම්පාරේ පිහිටි බෙවරි හිල්ස් හෝටලයේ කාමරයක තිබී තවත් මෙවැනි සුබපැතුම් පත් 120ක් සොයාගෙන තිබෙනවා.


මෙම සැකකරු පසුගිය 7 දින ලංකාවට පැමිණ ඇති අතර මෙරටට පැමිණෙන අවස්ථාවේ ජපානයේදී මෙම සුබපැතිම්පත් මුද්‍රණයකර රැගෙන ඇති බව ප්‍රශ්ණ කිරීම වලදී හෙලිවූ බව පොලිසිය පවසනවා.

සැකකරු මීට පෙරද මෙරටට පැමිණ රජය සමග සම්බන්ධ වී කටයුතු කර ඇති අයෙකු බව පැවසෙන අතර නීතිපති උපදෙස් ලබාගෙන ඉදිරිපියවර ගන්නා බව ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී එම්.ජයලත් මහතා පැවසීය.
 
Related Posts with Thumbnails