Ads 468x60px

.

මම මෙච්චර දඟලන්නේ නාග මාණික්‍යය හින්දයි - නයි නළඟන කියයි...

මම නයා නැතිව හිටියේ පාලුවෙන්...

මට නයයි නයාගේ අම්මයි එක්ක දේවාලෙට ගිහින් බාරයක් ඔප්පු කරන්න තියෙනවා...

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා පසුගිය 06 වැනිදා කළ නියෝගයට අනුව ඇය ඊයේ (11) සත්වෝද්‍යානයෙන් එම නයා ලබාගෙන තිබුනා.

ඇය මෙම නයා නිදහස්කරගනු ලැබුවේ රුපියල්  පනස්දහසක බැදුම්කරයක් මතයි. නිරෝෂා විමලරත්න (ඩිලානි) වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව මහේස්ත‍්‍රාත්වරයා ලබා දුන්නා.

මේ නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදාය. පසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී
තිබුනා.

ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තා වේ දැක්
වුනා. එසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබුනා.

නයි නළඟන විසින් සිය නාගයා දෙහිවල සතුන් වත්තේදී පැහැදිලිව හඳුනා ගැනීමෙන් අනතුරුව නාගයා සමඟ සතුන් වත්ත ඉදිරිපිටට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නයි නළඟන මෙසේ කීවාය.

'මම නාගයා ලබා ගන්න මාස තුනකට අධික කාලයක් කොල්ලුපිටිය පොලිසිය එක්ක සටන් කළා. මම රැයක් දවාලක් නැතිව, නින්දක් නැතිව සටන් කළේ නාගයාගේ ජීවිතය තුළ විශේෂත්වයක් තිබෙන නිසා.


නාගයා මට විශේෂයි. සමහරුන්ට එයා විශේෂ නැහැ. මාධ්‍යවල විවිධ දේ පළ වුණා. මම හිතුවේ මගේ නයා මාරු කරලා කියලා. මොකද මාධ්‍යවලින් නාගයා දැක්කේ විශාල විදියට.
නාගයා ලැබුණු එක මට ගොඩාක් සතුටුයි. 

ඒ වගේම ඉදිරියට තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදීත් මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මා සිතනවා. පොලිසියට අවශ්‍ය වෙලා තියෙන්නේ මාගේ කළමනාකරු එක්ක තිබෙන තරහ මිසක් මා සමඟ තරහක් නොවේ. පොලිසිය තමයි මේ සේරම කළේ.

නයෙක් තියාගත්ත කියලා මට මෙච්චර දඬුවම් දෙන්න තරම් පොලිසියට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ වගේම ලෝකයේ නයි ඇතිකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.

මා නාගයා දැක්ක ගමන් මගේ මූණ දිහා බැලුවා. මම මගේ නාගයා හඳුනා ගත්තා. මම නයා අරන් වැදුම් පිදුම් කිරීමට ‍ෙදාඩංවල දේවාලයට යනවා. නමුත් ඒක කඩුගන්නාව පොලිසිය මට අහිමි කරලා තියෙනවා.

මම ඉල්ලන්නේ මට දේවාලයට යන්න තිබෙන අයිතිය ලබා දෙන්න කියලායි. මම නයෙක් එක්ක මෙච්චර ඉන්නේ, නයින් සමඟ මගේ තිබෙන බැඳීම නිසායි. නයින්ගේ මාණික්‍යයක් තිබෙනවා. මට ඒක ආරක්‍ෂා කර ගන්න ඕනෑ. මම හොඳින් පරීක්‍ෂා කරලා බලලා තමයි සතුන් වත්තෙන් නාගයා ලබා ගත්තේ. නාගයාත් මාව අඳුර ගත්තා. නයෙකුගේ විෂ දළ කොච්චර ගැලෙව්වත්, නයාගේ විෂ දළ මාස 06න් එනවා.


එහි සිරස වීඩියෝව පහතින්


නයි නළගන පිලිබඳ මාධ්‍යයට හෙළිවූ තොරතුරු වලට අමතරව තවත් අත්භූත තොරතුරු කිහිපයක් පසුගිය සති අන්තයේ පුවත්පතකට නයි නළගන විසින් පවසා තිබුණි.

ඩිලානි චොප්රා යනු නයි නළගන ගේ ඉන්දියානු නමයි. ඇය දැනට සිටින්නේ තමා ගේ සැබෑ දෙමාපියන් සමග නොවන අතර ඇයගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් හා පියා ඉරාන ජාතිකයෙකු බවද වාර්තා වේ. පසුව කුමක් හෝ කරුණක් මත දන්තුරේ සිටින පවුලක් විසින් ඇයව හදා වඩාගෙන ඇත. සිය දෙමාපියන් ඇයව අතහැරීම පිලිබඳ ඇය පවසන්නේ "එය දිග කතාවක් " පමණක් බවයි .

කෙසේ නමුත් ඇගේ මතකයන්ට අනුව ඇය පවසා තිබුනේ වරක් තම ඉරාන ජාතික පියා තමාගේ මව හැපින්නක් බව කියූ බවය. නයින්ට වරින් වර ස්වරුපය වෙනස් කල හැකි බව අසා තිබුනත් තමා ඒ කතාව විශ්වාස නොකරන බව නිරෝෂා පවසයි.

කෙසේ නමුත් කුඩා කාලයේ පටන් සිය පියා තම මවගෙන් වෙනකොට හැදු බවද ඇය පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි. 







 
Related Posts with Thumbnails