Ads 468x60px

.

හෙට්‌ටියාවල සාමාන්‍ය පෙළ සිසුවා ලිඳට පනින්න හේතුව

ෆෝන් එකෙන් කතා කර කර මල්ලි තරහින් එළියට ගියා...

"ගෙදර ආවම මම මල්ලිට කිව්වා කෑම කන්න කියලා. මල්ලි කිව්වා කෑම නෙමෙයි මට වහ කන්න තමයි වෙලා තියෙන්නෙ" කියලා. මම ඇහුවා ඔයාට මොනවයින්ද අඩුපාඩු. 

අපි අවශ්‍ය හැමදේම දෙනවනේ" කියලා. ඊට පස්‌සෙ එයා ඇඳේ හාන්සිවෙලා ෆෝන් එකෙන් කතා කරනවා දැක්‌කා" යෑයි හෙට්‌ටියාවල පැලවත්ත පදිංචි ලියනපතිරණගේ ලහිරු කුමාර (16) නමැති ශිෂ්‍යයාගේ මරණ පරීක්‌ෂණයේ දී මියගිය අයගේ සොහොයුරිය වන ලියන පතිරණගේ නිලූකා දමයන්ති සාක්‌ෂි දෙමින් පැවසුවාය.

මරණ පරීක්‌ෂණයේ දී සාක්‍ෂි දුන් ලියනපතිරණගේ නිලූකා දමයන්ති..


 "මියගියේ මගේ බාල සොහොයුරා මාස පහක හයක සිට මගේ නිවසේ සිට මල්ලී ඉගෙනීමේ කටයුතු කළා. මල්ලී හෙට්‌ටියාවල පැලවත්තෙ පදිංචියි. සෙනසුරාදා ඉරිදා දිනවල ඔහු හෙට්‌ටියාවල මහ ගෙදරට යනවා. එයා දහම් පාසලට යන්නෙත් හෙට්‌ටියාවල මහ ගෙදර සිටයි.

මල්ලී හෙට්‌ටියාවල මහ ගෙදර අසල පාසල් යන ගැහැනු ළමයකු හා ප්‍රේම සම්බන්ධයක්‌ ඇති බව අප දැනගත්තා. අපේ පවුලේ අය මේ සම්බන්ධයට වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නැහැ. මල්ලී 11 දා අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියා. 


09 දා මල්ලී ගෙදර සිට පන්ති යැමට කිරින්දට ඇවිත් පන්ති නැහැ කියල ගෙදර යන්න පාරෙ ඉන්නකොට මගේ දෙවැනි මල්ලි තරිඳු චින්තක ත්‍රීවිලයෙන් මගේ ගෙදරට එක්‌ක ආවා. මම මල්ලීට කිව්වා කෑම කන්න කියලා, කෑම නෙවි මට වහකන්න තමයි වෙලා තියෙන්නෙ" කියලා මල්ලි කිව්වා.

මම ඇහුවා "ඇයි මොකද වෙලා තියෙන්නෙ. ඔයාට මොනවද අඩුපාඩු. අපි අවශ්‍ය හැම දෙයක්‌ම දෙනවානේ" කියලා. ඊට පස්‌සෙ එයා ඇඳේ හාන්සි වෙලා
ෆෝන්එකෙන් කතා කරනවා දැක්‌කා. මම පොල් සම්බෝලයක්‌ හදාගෙන කුස්‌සියෙ ඉඳල ගේ දෙසට එන විට මල්ලි ටිකක්‌ ඔරවගෙන වගේ එළියට බැස්‌සා. 

මම හිතුවා මල්ලි ටොයිලට්‌ එකට යනවයි කියලා. ටික වේලාවකින් මල්ලි ආවෙ නැති නිසා ගරාඡ් එකේ වැඩ කරන මල්ලි කෙනකුට කිව්වා "තිළිණ මල්ලි පේන්න නැහැ. හොයල බලන්න" කියලා.

අපේ ගෙදරට උඩින් තියෙන මහත්තයගෙ මහ ගෙදර හිටිය මගේ මහත්තයට කතා කරල කිව්ව "සුදූ" නැහැ කියලා. අපි කවුරුත් මල්ලි හොයන්න පටන් ගත්තා. හැමතැනම හොයල බැලුවා. ළිඳෙත් බැලුවා. ඒත් පේන්න හිටියෙ නැහැ. 


අපි කිහිප තැනකින් සාත්තර ඇහුවා. මල්ලි වතුර තියෙන තැනක ඉන්නවා කිව්වා. පස්‌සෙ ගමේ කීපදෙනෙක්‌ එකතුවෙලා ළිඳ ඇතුලෙ බැලුවා. එවිට රෑ බෝවෙලා. කවුරු හරි කියනව ඇහුණා ළිඳ ඇතුලෙ ඉන්නව වගේ කියලා.

"අපි හක්‌මණ පොලිසියට ගිහිල්ල පැමිණිල්ලක්‌ කළා. මල්ලිගෙ ප්‍රේම සම්බන්ධයට අපි විරුද්ධ වෙලා හිටියෙ. මල්ලී යාළුවෙච්ච ගෑනු ළමය වෙන පිරිමි ළමයෙක්‌ එක්‌කත් යාළුවෙලා කියල අපි දැනගත්ත. ඒ ළමයා මල්ලිට කිව්වලු සම්බන්ධය නවත්තන්න කියලා. ඒකට මල්ලිගෙ හිත නරක්‌ වෙන්න ඇතැයි" ඇය කීවාය.
 
Related Posts with Thumbnails