Ads 468x60px

.

ලෝක විනාශ කතාව බොරුවක් - නාසා කියයි...

ජලය මත පාවි හැකි ගෝලාකාර කුටියක්...

මෙම මස 21 වැනිදා සිදුවේ යැයි කියන ලෝක විනාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජටාකාශ ආයතනය (නාසා) පවසනවා.

එදිනට ඇතිවන විශේෂ ග්‍රහ පිහිටීමක් නිසා ලොව පුරා ස්වභාවික ව්‍යසන ඇතිවී පෘථීවිය විනාශ වනු ඇතැයි ඇතැම්හු විශ්වාස කර
නවා. තවත් අය විශ්වාස කරන්නේ හිරුගේ ආයු කාලය ඉක්ම ගොස් හිරු මරණයට පත්වීමෙන් පෘථීවියත් සමග මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වනු ඇති බවයි. 

මෙම මතයට පාදක වී ඇත්තේ ලොව දියුණුතම ශිෂ්ඨාචාරයක් වූ මායාවරුන් සකස් කළේ යැයි සැළකෙන දින දර්ශනයේ ඔවුන් දින සටහන් කර ඇත්තේ 2012 දෙසැම්බර් මස 21 වැනි දින දක්වා පමණක් වීමයි.

මේ සියලූ මත බැහැර කරන නාසා ආයතනය පවසන්නේ කෙදිනක හෝ කිසියම් ආපදාවක් නිසාවෙන් ලෝක විනාශය සිදු විය හැකි වුවද එය එළැඹෙන දෙසැම්බර් 21 වැනි දා නම් කොහෙත්ම සිදු නොවන බවයි.

මේ අතර තව දෙසතියකින් පමණ එළැඹෙන්නේයැයි කියන ලෝක විනාශයෙන් බේරීමට විවිධාකාර උපාංග හා නිමැවුම් ඉදිරිපත් කරන අයගේද අඩුවක් නම් නැත. එවැන් නිමැවුමක් හදුන්වාදෙන ගොවියකු පිළිබඳව වාර්තා වන්නේ චීනයෙනි.

මිනිසෙක් සුරක්ෂිතව රැදැවිය හැකි ගෝලාකාර කුටියක් ඔහු නිර්මාණය කර තිබෙනවා. මේ කුටියට ජලය මත පාවීමේ හැකියාවද තිබෙනවා. ලෝක විනාශය හෝ වේවා සුනාමි හෝ ගංවතුර තත්ත්වයක් හෝ වේවා සිය නිපැයුමෙන් මිනිස් ජීවිත ගලවාගත හැකි බව ඔහු කිය
නවා. මේ කුටීරය ඇතුළත ඔක්සිජන් සිලින්ඩර ආහාර ජලය ආදී හදිසි අවස්ථාවක දිවි රැක ගැනීමට අවශ්‍ය දේ ද ගබඩා කර තිබෙනවා.


 



ගම්පහ අහසේත් දීප්තිමත් වස්තුවක්...

මේ අතර ගම්පහ ඉහළ යාගොඩ, අක්කර විස්ස ප්‍රදේශයේ ඉහළ අහසේ කිසියම් දීප්තිමත් වස්තුවක් ඊයේ (11) උදේ දිස් වූ බව ප්‍රදේශවාසීහු පවසති. ඊයේ උදේ 6.30ත්, 7.30ත් අතර කාලය තුළ නැඟෙනහිර අහසේ මේ ගෝලාකාර වස්තුව දිස් වූ බව ඔවුහු පවසති.

එම අවස්ථාවේ එම වස්තුව ඉරට ඉහළින් අහසේ බෝලයක් ආකාරයෙන් විශාල දීප්තියකින් යුතුව නිරීක්ෂණය වී ඇත. තවද එය කැ‍රකෙන‍ ලෙසින්ද ඇතැම් ප්‍රදේශවාසීන්ට පෙනී ඇත.



හඳුනා නොගත් ආලෝක බෝල බ‍්‍රහස්පතිගේ...

ඒ අනුව බොහෝ දෙනාට මේ දිනවල අහසේ දර්ශනය වූ බව පැවැසෙන ආලෝක ධාරාවන්ගෙන් 90%ක් පමණම බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් බව තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, චන්දන ජයරත්න මහතා පැවැසීය.


ඒ සම්බන්ධයෙන් ඉකුත් දිනවලදී කෙරුණු පරීක්‍ෂණවලදී මේ බව පැහැදිලි වූ බවද  මහාචාර්ය ජයරත්න මහතා කියයි.මේ දිනවල බ‍්‍රහස්පති ග‍්‍රහලෝකය පෘථිවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරන බැවින් එය විශාලව දර්ශනය වන බවත් මීට අමතරව තවමත් හඳුනා නොගත් ආලෝක ධාරාවන් කිහිපයක් පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බවද ජයරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.


පොළොවට කඩාවැටෙන වස්තු විනාශ කිරීමට ගුවන් හමුදාවට බැහැ...

පොළොවට කඩා වැටෙන උල්කාපාත හෝ වෙනත් වස්තුවක් විනාශ කිරීම හෝ නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාවට නොහැකි අතර අනවසර යානාවක් ශ්‍රී ලංකා ගුවන් අවකාශයට ඇතුළුවේ නම් ඒ පිළිබඳව රේඩාර් ඔස්සේ අධ්‍යයනය කොට වහා ක්‍රියාත්මක විය හැකි බව ගුවන් හමුදා ප්‍රකාශක වින්ග් කමාන්ඩර් එස්.ජල්ඩින් ඊයේ (11) රාත්‍රී පැවැසීය. 

රටේ විවිධ ප්‍රදේශවල ජනතාව දැනුම් දෙන එළි සම්බන්ධයෙන්ද ගුවන් හමුදාව පැය 24 පුරා අවදියෙන් පසුවන බව ගුවන් හමුදා ප්‍රකාශක වින්ග් කමාන්ඩර් එස්.ජල්ඩින් සඳහන් කළේය.

“පසුගිය දවස්වල ඇතැම් ප්‍රදේශවල විවිධ එළි නිරීක්ෂණය වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව අවධානයෙන් පසුවුණා. අදාළ ප්‍රදේශවල ගුවන් හමුදා කඳවුරු සම්බන්ධ කරගෙන කළ එවැනි සෝදිසිවලදී සමහර අවස්ථාවල විශාල ලෙස දිලිසෙන තරු නිරීක්ෂණයවීම්ද තිබුණා” යැයි වින්ග් කමාන්ඩර් එස්.ජලඩින් පැවැසීය.


කෙසේ වෙතත් ‍පොලීසිය ජනතාව ඔස්සේ ලැබෙන තොරුතුරු දැනට ගුවන් හමුදාවට දැන්වීමට පටන්ගෙන තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.


මේ අතර හදිසි ඇමැතුම් අංක 119 හා 116 ඔස්සේ ලැබෙන තොරතුරුද ගුවන් හමුදාවට ලැබෙන බව වින්ග් කමාන්ඩර් එස්.ජල්ඩින් පැවැසීය.
ජනතාව ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාව විමසිලිමත් වන අතර මතෛක් අනවසර යානාවක් ශ්‍රී ලංකා ගුවන් අවකාශයට ඇතුළු වූ බවක් රේඩාර් තිර මත සටහන් වී නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විශ්වාසයෙන් යුතුව පැවැසීය. 



හිරු අසල පැල්ලමක්...

සූර්යා අසලින්ම කිසියම් පැල්ලමක් වැනි යමක් අද (12) බලංගොඩ නගරයට දිස්විය. 

අද උදේ 9 ත් 10 ත් අතර කාලයේ මෙය දැක ගැනීමට හැකි වූ අතර බලංගොඩ සහ අවට ප්‍රදේශවලට දැඩි හිරු රශ්මියක්ද පැවතිනි. අප කැමරාවට හසුවූ සූර්යාගේ ඡායාරූපයක් මෙහි දැක්වේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක මෙවැනි පැල්ලමක් දිස්වී තිබේ.  

 
Related Posts with Thumbnails