Ads 468x60px

.

ඊයේ 12.12.12 12.12 රත්නපුරයෙන් අපුරු සිදුවීමක්..

ඊයේ වැනි දිනයක් උදා වීමට තවත් වසර සියයක් ගත වෙනවලු...

දියණියගේ කේන්ද්‍රය ඉතා බලගතු එකක්ලු...

2012.12.12 දහවල් 12.12ට රත්නපුර රෝහලේදී දොඩම්පේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය දියණියක බිහි කළා.

ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි ජයවර්ධන සහ උත්තරා හා තුෂාරි වෛද්‍යවරියෝ සූතිකාගාරයේදී මවට වෛද්‍ය ප්‍රතිකාර
කළා.

ඊයේ දින එනම් 2012.12.12 යනු කලක් ලෝක විනාසය සිදු වෙතැයි අපේක්ෂා කල දිනය වේ. ඊයේ දිනයද සාමන්‍යය පරිදි ගෙවී ගියත් 2012.12.12 දහවල් 12:12 ට ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් අපුරු දරු උපතක් සිදුවුනේ අහඹු සිදුවීමක් ලෙසයි.

රත්නපුර මහා රෝහලේ ඉලක්කම් පහකින් සිදුවු සිදුවූ මෙම දරු උපත ලංකාවේ සිදුවූ එවැනි එකම දරු උපත බවට පත්විය හැකි බවට වාර්තා
වෙනවා.

මෙවැනි වෙලාවක දරු උපතක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව දියණියකට දරු ප්‍රසුතිය ලබාදී තිබුනේ රත්නපුර ප්‍රදේශයේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය විසිනුයි.

දැනටමත් ජෝතිශ්‍යවෙදින් විසින් මත පලකොට ඇත්තේ මෙම දියණියගේ කේන්ද්‍රය ඉතා බලගතු එකක් ලෙසය.

උපන් දිනය හා වේලාවට වඩා තමාට වටින්නේ දරු සම්පත බව ගයනි සුසන්තිකා මහත්මිය පවසන අතර දැරියගේ පියා වන වෘතියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු වන රුක්මන් ගුණතිලක මහතා පැවසුවේ තම බිරියත් තමාත් ලොව සිටින වාසනාවන්තම මවත් පියාත් බවට පත්වූ බවයි.



12. 12. 12 මධම රාත්‍රි 12ට ඉන්දියාවෙ කට්සුර්බා ගාන්ධි රෝහලේ උපන් නිවුන් දැරියන්...

මේ අතර ඊයේ එනම් 12. 12. 12 මධම රාත්‍රි 12ට ඉන්දියාවෙ කට්සුර්බා ගාන්ධිරෝහලේ උපන් නිවුන් දැරියන් දෙදෙනකු වඩාගෙන සිටින හෙදියන් දෙදෙනෙකි මේ. සියවසකදී එක් දිනක් පමණක් උදාවන මෙම දිනය දරු උපත් සඳහා ඉතා වාසනාවන්ත දිනයක් බව ඉන්දියානුවෝ සලකනවා.

මේ නිසා බොහෝ තරුණ යුවළ විවාහ ගිවිස ගැනීමටත් මේ දිනය තෝරාගෙන තිබුණු අතර දරු උපත් සිදු කිරීමට ආසන්නව සිටි බොහෝ මවුවරුන් රෝහල් ගතවූ බවත් ඉන්දියානු ප්‍රවෘත්ති සේවා වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails