Ads 468x60px

.

මම පිරිමින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින කෙනෙක් – මන්ත‍්‍රී අජිත් ප‍්‍රසන්න කියයි...

ගීතට වගේ රසිකයන් පිනවන්න හැමෝටම බෑ...

ගණිකා වෘත්තිය පුරුෂයන්ට සේවයක්...

එය තීනිගත කර ගබ්සාවත් නීතිගත කරන්න...

ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින් වත් කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසින්වත් නෙමෙයි. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. 

මගේ කතාව වැරැදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රකාශ තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වයක් ලබාදීමේ අදහසින්’ යයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර, නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසනවා.

‘ගීතා කුමාරසිංහ මහත්මිය නිවැරැදි කිරීම මගේ යුතුකමක්. මම ඒ මහත්මියට ගරු කරනවා. තම රංගනයෙන් හා රූපශීයෙන් රසිකයන් පිනවීම හැම දෙනකුටම
කළ නොහැකියි. ගීතා කුමාරසිංහ මහත්මිය තවමත් ඒ අන්දමින් මෙරට රසිකයන් පිනවන කාන්තාවක්. ඒ සඳහා කිසිඳු තහනමක් නැහැ.

කාන්තාවන්ට අපහාසයක් වන්නේ පොලිසිය දැක්කාම දුවන්න හැංගෙන්න වූ විට නෙමෙයිද..? ඔවුන් එසේ අපහාස විඳින්නේ හොරකමක්, වංචාවක් කොට නොව, පුරුෂයන්ට සේවාවක් සැපයීම නිසයි

මේ රටේ ගණිකාවන් 65,000 කට වඩා සිටින බව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසා තිබුණා.

ළමා රක්‍ෂණ අධිකාරියේ සභාපතිනි, මේ තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බවත්, ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම් වලට මෙය ප‍්‍රබල හේතුවක් වී ඇති බවත් ප‍්‍රකාශ කර තිබුණා. මෙය ශාරිරික අවශ්‍යතාවක්, කාටවත් වසන් කිරීමට බැහැ. 


විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි. අද වන විට කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තා වෙනවා. මම 1999දී නීති විද්‍යාලයේ සිටියදී ගබිසා කිරීම් නීතිගත කරන්නැයි යෝජනා කළා.’ යයිද ඔහු පවසනවා.
 
Related Posts with Thumbnails