Ads 468x60px

.

2012 න් පස්සේ ලෝකය විනාශ වෙන්නේ නැති හේතුව නාසා පහදයි...

නබිරු, x ග‍්‍රහලෝකය හෝ ඊරිස් පෘථිවිය හා ගැටෙනු ඇතැයි යන මතය අන්තර්ජාල මුලාවක්ලු...

‘ටව්ටාටිස්‌’ උල්කාක්‌ පෘතුවිය අසලින් ගමනක...

හිරු අසලින් අමුතු වස්තුවක්... 

මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන හෝ එය සිදුවෙතැයි අපේක්ෂා කරන අයගේ කරදරයෙන් බේරීමට නාසා ආයතනය ‘2012 න් ඔබ්බට : ලෝකය අවසන් නොවනු ඇත්තේ ඇයි?’ යනුවෙන් නිතර අසන ප‍්‍රශ්න වලට පිලිතුරු රැසක් සපයා තිබෙනවා.

එහි කියවෙන පරිදි අපගේ ලෝකය තව වසර බිලියන 4 කට යහතින් තිබෙනු ඇති අතර 2012 එය විනාශ වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත.

නබිරු, x ග‍්‍රහලෝකය හෝ ඊරිස් පෘථිවිය හා ගැටෙනු ඇතැයි යන මතය අන්තර්ජාල මුලාවකි. එසේ ග‍්‍රහලොවක් පාථිවිය හා ගැටීමට එයි නම්
තාරකා විද්‍යාඥයන් පසුගිය දශක කීපයක් තිස්සේ එය නිරික්ෂණය කරනු ඇත.

මේ වන විට එය පියවි ඇසට පෙනෙන තරමි ආසන්නව තිබිය යුතුය. නබිරු සහ x ග‍්‍රහලෝක වල කථා මිත්‍යාවන් වන අතර ඊරිස් ඇත්තටම පැවතුනත් එය සූර්ය ග‍්‍රහ මණ්ඩලයෙන් සැතපුම් බිලියන 4ක් පමණ දුරින් පිහිටා ඇත.


දින 2කට පෙර හඳුනාගත් විශාල ග්‍රාහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහින්..

පෘතුවියේ සිට චන්ද්‍රයාට ඇති දුරටත් අඩු දුරකින් දෙතුන් වතාවක්ම විශාල ග්‍රාහක ගමන් කළ පුවත් මීට පෙර ඔබ වෙත ගෙන ආවා.

2012 XE54 නම් වූ අඩි 120ක විශ්කම්භයක් තිබූ එම ග්‍රාහකය ඊයේ ගමන් කළේ පෘතුවියේ සිට චන්ද්‍රයාට ඇති දුරින් අඩක දුරිනි.

එම ග්‍රාහකය හඳුනාගන තිබුනේ මීට දවස් 2කට පෙරයි. එහි ගමන් පථය තිබුනේ පෘතුවිය හා පහත පරිදිය.




චන්ද්‍රයාට ඇති දුර මෙන් 1/4ක දුරකින් පසුගිය මාසයේ (ඔක්තෝබර් 12 වෙනිදා) ද ග්‍රාහකයක් ඇදී ගියා. මීටර් 140ක් දිග එය නම් කර තිබූනේ 2012 TC4 ලෙසයි. එය හඳුනාගන තිබුනේද ඊට දින 8කට පෙරයි.

ඊටත් දින 5කට පෙර මීටර් 100ක් පමණ දිග 2012 TV නම්වූ ග්‍රාහකයද ඇදී ගියේ චන්ද්‍රයා හා පෘතුවිය අතරිනි.


2011 වසරේ ඇතිවූ මෙවන් තත්ත්වයන්...
න්‍යෂ්ටික බෝම්බ 15ක ශක්තියක් අඩංගු ග්‍රාහකයක් 2011 අප්‍රේල් 15 වනදා පෘතුවිය පසුකරගෙන ගියේ පෘතුවියේ සිට සඳට ඇති දුර මෙන් දස ගුණයක දුරිනි. එය GP59 යන නමින් හැදින්විණි.

2011 MD නමින් හදුන්වන විශ්වයේ පාවෙන විශාල ග්‍රහකයක් 2011 ජූනි 27 වනදා ගමන්
කර තිබුනා. එය පෘතුවි කක්ෂයට කිලෝමීටර් 12,000 ක් ඈතින් ගමන් කළ අතර එය පෘතුවියේ ගැටුනොහොත් එහි විනාශයේ තරම පරමාණු බෝම්බයක් පිපිරිම හා සමාන බවයි නාසා ආයතනය විස්තර කර සිටියේ.

2005 ‍‍‍‍‍YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් 2011 නොවැම්බර් 09 වනදා පෘතුවිය ආසන්නයෙන් ගමන්
කර තිබුනා.

පොළවේ සිට චන්ද්‍රයාට ඇති දුරටත් වඩා අඩු දුරකින් ගමන් කළ එය ටොන් මිලියන 55ක පමණ බරකින් හා ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින් යුතු වූ අතර යම් හෙයකින් මෙය පොළවේ ගැටුනා නම් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට හා සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමට සමත් බවත්, එය මුහුදට වැටුනහොත් අඩි 70ක් උස ජල කඳක් ඉහල නැඟෙනු ඇති බවත් පැවසුනා.

මීට පෙර එවැනි විශාල ග්‍රහකයක් පෘතුවිය පසුකරමින් ගමන්කර ඇත්තේ මීට වසර 35කට පෙරදී. නමුත් 2005 ‍‍‍‍‍YU55 පෘතුවිය පසු කර යන තෙක්ම නාසා ආයතනය ඇතුලුව කිසිවෙක් එය නොදැන සිටි බවත් නාසා ආයතනය පැවසුවා.



‘ටව්ටාටිස්‌’ පෘතුවිය අසලින් ගමනක...

මේ අතර ඉදිරි දින කීපය තුළදී දැවැන්ත උල්කාපාතයක්‌ පෘතුවිය සමීපයෙන් ගමන් කරන බව අභ්‍යවකාශ විශේෂඥයෝ පවසනවා.

‘ටව්ටාටිස්‌’ නැමැති මේ උල්කාපාතය කිලෝ මීටර් පහක්‌ පළල යයි හෙලි වී ඇති අතර කැනරි දූපත් සමූහයේ ස්‌ථානගත කර ඇති දුරදක්‌න තුළින් මේ උල්කාපාතය නැරඹිය හැකි වෙනවා.

මෙම උල්කාපාතය මුලින්ම සොයා ගනු ලැබුවේ 1989 වසරේදීය. මෙවන් උල්කාපාතයක්‌ වසර මිලියන 65 කට පෙර පෘතුවියට කඩා වැටීමෙන් ඩයිනෝසරස්‌ සතුන් විනාශ වී තිබෙනවා.

‘ටව්ටාටිස්‌’ උල්කාපාතය නිසා පෘතුවියට හානියක්‌ සිදු නොවන බව කීවත් එය යම් ලෙසකින් ගැටුනොත් මහත් විනාශයක්‌ සිදුවන බවද අභ්‍යවකාශ නිරීක්‍ෂකයෝ පවසනවා.


හිරු අසලින් පෙනෙන මේ අමුතු ග්‍රහලෝකය කුමක්ද...?

මේ අතර සූර්යා අසලින්ම කිසියම් ග්‍රහලෝකයක් වැනි යමක් අද (13) කටුනායක ප්‍රදේශයට දිස්වී තිබෙනවා.

අද උදේ 9 ත් 10 ත් අතර කාලයේ මෙය දැක ගැනීමට හැකි වූ අතර කටුනායක සහ අවට ප්‍රදේශවලට දැඩි හිරු රශ්මියක්ද පැවතුනු බවයි අපට වාර්තා වන්නේ. අප හිතවත් hotandfastnews පාඨකයෙකුගේ කැමරාවට හසුවූ සූර්යාගේ හා එම අමුතු ග්‍රහයාගේ ඡායාරූප කිහිපයක් අප වෙත ඒවා තිබෙනවා මෙහි වැඩි විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න.
 
Related Posts with Thumbnails