Ads 468x60px

.

ලෝක විනාශය මර්වින් සිල්වාගේ ඇසින්...

ලෝක විනාශයක් සිදුවන බව කොතැනකවත් සඳහන් කර නැහැ...

අද්භූත වස්තුව මීගහකිවුලේදී අත ළඟටම එයි...

දැක්කොත් කියන්න,අල්ලන්න එපා... 
වඩිනාගල යළි හෙල්ලේ... 

පාකල් අධිරාජ්‍යායා කියූ  අනාවැකි හත...

දෙසැම්බර් 21දා සමස්ත ලෝකයම විනාශ වන බවට අන්තර්ජාලය ඔස්සේ පැතිර යන මතය සත්‍යතාවෙන් තොර ප‍්‍රකාශයක් බවත් ඉන් මහජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයා මාධ්‍යයට ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

විවිධ පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ දෙසැම්බර් 23,24 සහ 25 දිනවල අහස මුළුමනින්ම අඳුරුවන බවත්, පොළොව සෙලවිලා විශාල පිරිසක් මියගොස් ඉතිරිවන අයට අලූත් ලෝකයක් උදාවන බවත් කරන ප‍්‍රකාශ පට්ටපල් බොරු බවත් ඔහු එම ප‍්‍රකාශයෙන් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ නාසා ආයතනයත් කරන ප‍්‍රකාශවලින් මහජනතාවට කිසිම හිරිහැරයක් නොවන බව තහවුරු වී තිබෙනවා. බියෙන් සිටින ජනතාවගේ බිය දුරු කිරීම සඳහා මාධ්‍ය මඟින් දැනට වඩා කළ යුතුයි.

2012 වර්ෂයේ දෙසැම්බර් 21 වැනි දින ලෝකය විනාශ වන බව මුලින්ම මතයක් පළවුණේ මායාවරුන්ගේ කැලැන්ඩරයක් පදනම් කරගෙනයි.
මායාවරුන් කියන්නේ
ඇමෙරිකාවේ මාධ්‍ය කොටසේ පිරිසක්. කි‍්‍ර.ව. 1250 පමණ වනවිට ඒ  අය වඳ වී ගොස් සුළු පිරිසක් පමණක් මේ වනවිට ජීවත්ව සිටිනවා. 

ඔවුන් තාරකා විද්‍යාව සහ ග‍්‍රහලෝක පිළිබඳ දැනුමෙන් දියුණුවට  පත්වූ පිරිසක්. ඔවුන්ට සූර්යග‍්‍රහණය හා චන්ද්‍රග‍්‍රහණය පිළිබඳ නිවැරැදි අනාවැකි කියන්න හැකියාව තිබුණා. ඔවුන් ළඟ එයට අදාළ කැලැන්ඩර තිබුණා. එවැනි එක් කැලැන්ඩරයක තමයි මෙම වර්ෂයේ 21දායින් අවසන් වෙන්නේ. එය පදනම් කරගෙන තමයි ලෝක විනාශයක් පිළිබඳ රාවයක් ලෝකය පුරා පැතිරුණේ.

මීට පෙරද එනම් කි‍්‍ර.පූ. 3114 අගෝසතු මස 11 වැනිදා අවසන් වන මායාවරුන්ගේ කැලැන්ඩරයක් නිරිමාණය කර තිබුණා. නමුත් ලෝක විනාශයක් සිදුවී නැහැ. ඉන් පසුව ඔවුන් තවත් කැලැන්ඩරයක් නිර්මාණය කළා.

එම කැලැන්ඩරය තමයි මෙම දෙසැම්බර් 21දා අවසාන වන්නේ. එදින ලෝක විනාශයක් සිදුවන බව කොතැනකවත් සඳහන් කර නැහැයි එම මාධ්‍ය ප‍්‍රකාශයේ සඳහන් වෙනවා.

අද්භූත වස්තුව මීගහකිවුලේදී අත ළඟටම එයි...

මීගහකිවුල, කරඳගහමඩ ප‍්‍රදේශයේදී පෙරේදා (12) රාතී‍්‍ර 8.00ට පමණ අඩි 100-200ක් පමණ ඉහළ අහසේ දැඩි ආලෝකයක් සහිත අද්භූත වස්තුවක් දර්ශනය වූ බව එම ප‍්‍රදේශයේ ජනතාව පවසනවා.

මෙම ආලෝකය සියැසින් දුටු ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථ රියැදුරකු වන ඞී.එම්. පේ‍්‍රමරත්න මෙසේ කිව්වා.  

‘මම හයර් එකකට ගිහින් අරාව පාරේ එමින් හිටියා. වෙලාව රාතී‍්‍ර 8.00ට විතර ඇති. ලොග්ගල්ල ඔය පාලම පහු කරනකොටම විශාල එළියක් මගේ ඉදිරියෙන් වැටුණා. 

මම තී‍්‍රවීලර් එක පාරෙන් අයින් කරලා එළියට බැස්සා. එතකොට මම දැක්කා අඩි 100-200ක් උඩ අහසේ විශාල එළියක් උඩ යනවා. ඒක විනාඩි 2-3ක් විතර උඩට ගිහින් ආයෙත් නිවීගෙන පහළට ආවා. 

මගේ ඇස් දෙක නිලංකාර වුණා. මට මොනවා වුණාද කියලා හිතාගන්නවත් බෑ’

පේ‍්‍රමර්ත්න මහතා දුටු ආලෝකය ප‍්‍රදේශයේ තවත් කිහිප දෙනකුටත් දර්ශනය වී තිබෙනවා.

දැක්කොත් කියන්න : අල්ලන්න එපා...

හඳුනානොගත් ආකාශ වස්තුවක් දුටුවිට කොළඹ බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට දන්වන ලෙසත්, එම පෙදෙස් සෝදිසියට ලක් කැර පාෂාන හෝ ලෝහ කැබලි ඇත්දැයි පිරික්සන ලෙසත් එහෙත් ඒවා නො අල්ලන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය මහජනයාට උපදෙස් දෙනවා.

නාඳුනන එවැනි දේ ස්පර්ෂ කිරීම හානි කර විය හැකි බව අමාත්‍යංශය කිය
නවා. පසුගිය දින කිහිපයේ වාර්තා වූ හඳුනා නොගත් තොරතුරු ඇතුලත් වාර්තා හා වීඩියෝ වැඩි දුර පරීක්ෂණ සඳහා ජගත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමතුංග මහතාට බාර දෙන බව ද, අමාත්‍යංශය සඳහන් කරනවා

වඩිනාගල යළි හෙල්ලේ...

අම්පාර වඩිනාගල අදත් භූචල තුනක් සිදුවූ බව එහි සවි කැර ඇති භූචලන මාපක තුනේ සටහන් වූ බව භෞතික භූවිද්‍යාඥ මහින්ස සෙනවිරත්න මහතා කියනවා.

අවසන් චලනය වාර්තා වූයේ පස්වරු 1.10ට පමණය. මේ චලන දිවයිනේ සෙසු කම්පන මාපක වල සටහන් වී ඇත්දැයි සොයයි. මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ පතල් හා කැණීම් ඒකකයේ නිලධාරියෙකු පැවසූවේ මෙම ප්‍රදේශයේ භූ කම්පන මාන සවිකළේ යැයි මාධ්‍ය මගින් පුන පුනා කීවත් එහි කිසිඳු භූ කම්පන මානයකත් සවිකර නැති බවයි. 

එම ප්‍රදේශයේ සිදුවන්නේ භූ කම්පන නොවන බවත් ඔහු සඳහන් කර සිටී. එහි සවිකර ඇත්තේ කම්පන මාන බවත් ඔහු පවසයි. කම්පන මාන යනු යම් කිසි භූමියක සිදුවන දෙදරීම් සටහන් කරීම සඳහා යොගා ගනු ලබන මාන සටහන් උපකරනයකි.

"දැයට කිරුළ" වැඩසටහනට සමගාමීව එම ප්‍රදේශයේ වනයේ ඇති ගල් කඳුවල යම් යම් පිපිරීම් කිහිපයක් සිදුකරන බවත් එම් සම්බන්ධයේන පතල් හා කැනීම් ඒකකයේ උසස් නිලධාරීන් දන්නා බවත් ඔහු පවසා සිටී.

බොහෝ දුරට මෙම පිපිරීම් සිදුකරන්නේ පුරාවස්තු ඇතැයි හඳුනා ගත් ස්ථානවල විය හැකි බවත් මෙම ප්‍රදේශය බේසමක හැඩයෙන් පිහිටා තිබීම නිසා එවැනි පිපිරීම්වලදී ප්‍රදේශයම දෙදුරුම්කෑමක් සිදුවිය හැකි බවත් පවසයි.

මෙම දෙදිරීමත් සමග ශබ්දයක් පිටවීම, කැලෑ ප්‍රදේශයෙන් ශබ්දය වැඩිපු ඇසීම යන කරුණු ගැනද වැඩිපුර සැලකිළිමත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.


පාකල් අධිරාජ්‍යායා කියූ  අනාවැකි හත...

මයාවරුන්ගේ දෙවැනි පාකල් අධිරාජ්‍යයා ඔවුන්ගේ ඉතිහාසයේ සිටි විශිෂ්ටතම දැනුම් සම්භාරයකින් යුතුවූ අධිරාජ්‍යා බව සඳහන්වේ. ඔහු රජකම් කරන ලද්දේ ක්‍රි.ව 615 සිට 683 දක්වා කාලයේදීය. 

ඔහු සතුව තිබූ තරකා විද්‍යාත්මක හා ගණිතමය දැනුම නිසාම බොහෝ උගතුන් හා ශාස්තෘවරුන් මෙන්ම පුජකයින් ද ඔහුට බොහෝ ගෞරව කළ බව සඳහන්ය. සුර්ය යුගයන් පිළිබඳ මයාවරුන්ගේ ශිෂ්ටාචාරයේ ලෝකයේ කාලනීර්ණය සිදුවන අකාරය හෙළිකරන එක්තරා ගණිතමය ක්‍රමකි.

සූර්ය යුගයන් පහකට පසු එළඹෙන 6 වන සූර්ය යුගය ඔවුන් හැදින්වුයේ ඉතාමත් සෞභාග්‍ය සම්පන්න හා දිව්‍යමය ගුණයන්ගෙන් ආශිර්වාද ලද යුගයක් ලෙසය. පාකල් අධිරාජ්‍යයාගේ අනාවැකි තුළද මේ 6 වන සූර්ය යුගය පිළිබඳ සටහන්ව ඇත. පාකල් අධිරාජ්‍යයා යුගයක අවසානය පිළිබඳව පවසා ඇති අනාවැකි හත මෙහිදී සුවිශේෂි වේ. කාල නීර්ණයට අනුව පස් වන සූර්ය යුගය නිමා වන්නෙ වසර 2012 දීය . ඉන් පසු උදාවන්නේ 6 වන සූර්ය යුගය නැතහොත් ලෝකයට ඉතාමත් සුභදායිවූ යුගයයි.

මේ ඔහුගේ අනාවැකි හතයි,

1 වන අනාවැකිය

ක්‍රි.ව 1992 සිට 2012 දක්වා කාලයේදී මිනිසුන් තමන් පැමිණි ගමන දෙස අපසු හැරී බැලීමට උත්සාහ දරනු ඇත. එය සතර පැත්තෙන් කන්නාඩි සවි කළ කාමරයක සිටීමක් බඳුය. මිනිස් වර්ගයාගේ ජිවිත වෙනත් මාර්ගයකට යොමුවීම මෙහිදී සිදුවේ. මෙම අවසන් දශක දෙක තුළ මිනිසුන් අධ්‍යාත්මික‍ව දියුණු වීමට මාර්ග සොයනු ඇත.

2 වන අනාවැකිය

1991 අගොස්තු 11 වනදා සූර්ය ග්‍රහණයක් සිදුවනු ඇත.(මෙම අනාවැකිය එලෙසින්ම සුදුවිය) මේ නිසා ලෝකයේ යුධ ගැටුම් හා ස්වභාවික විපත් හා අරගල හටගනු ඇත. මෙම කාලය මිනිසුන්ගේ මනුෂ්‍යත්වය උරගා බලන කාලයකි. ස්වර්ණමය යුගයක් කරා යාමට එයින් පසුබිම සැලසෙනු ඇත.

3 වන අනාවැකිය

1992 – 2012 දක්වා කාළයේ දී පෘතුවියේ උෂ්ණත්වය ඉතා ඉහළ යනු ඇත. එමෙන්ම මෙම කාලයේදී පථිවියේ භ්‍රමණ වේගයද අඩුවනු ඇත.

4 වන අනාවැකිය

ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අයිස් දිය වීම, සූර්ය කුණාටු ඇති වීම, ගිණිකදු පිපිරීම වැනි විපත් ඉහළ යා හැකිය. ස්වභාවික සමතුලිතතාවය බිඳ වැටීම නිසා ලෝකයට ප්‍රබල හානියක් සිදුවිය හැක.

5 වන අනාවැකිය

බිය සහ අත්මාර්ථය මුල් කරගත් මිනිස් ජිවිත තම රටාව වෙනස් කර පරාර්ථකාමී ජිවන රටාවකට යොමු වනු ඇත. පරිසරයේ සමතුලිතතාවය සුරැකෙනු ඇත. මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු වනු ඇත.

6 වන අනාවැකිය

විශාල ග්‍රාහකයක් පෘථිවිය සමඟ ගැටීමට ඉඩ ඇත. එහෙත් මිනිස් වර්ගයාගේ දැනුමින් හා මානසික ශක්තියෙන් එම ග්‍රහකයේ ගමන් මග වෙනස් විය හැක.

7 වන අනාවැකිය

යුගයක නිමාවෙන් පසු එළඹෙන වඩාත් යහපත් ලෝකයක අරම්භයයි. සූර්යා චක්‍රවාටයේ අන්ධකාරයෙන් මිදී, නව පිවිසුමකට එළඹෙනු ඇත. සූර්යා වෙත ක්ෂීරපථයෙන් බල සම්පන්න කිරණ සමුදායක් පැන නැගෙනු ඇත. එවා සුර්යා විසින් පෘථිවියට හරවා එවනු ඇත. එම කිරණ ලැබෙන පෘථිවිවාසි මිනිසුන් ශක්තිමත් හා දිව්‍යමය විඥානයක් සහිත මිනිසුන් බවට පත්වනු ඇත. පෘථිවි ආරම්භයේ දී සිටි මිනිසුන් මෙන්ම ඔවුන් අධ්‍යාත්මිකව දියුණුවී මිහිතලය මත සාමය යලිත් ස්ථාපනය කරනු ඇත.

මෙම අනාවැකි මගින් පාකල් අධිරාජ්‍යායා ප්‍රකාශ කරන්නේ වසර 2012 න් පසුව ලෝකයේ ජීවත් වන මිනිසුන් ප්‍රබල විපර්යාසයකට පත්වන බවය. අළුතින් නිර්මාණය වන එම යුගය කෙතරම් සුවිශේෂිය දැයි ඔහු පවසා ඇත. ඔහු පවසන ලෙසට පවතින සමාජ ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙම වෙනස සිදුවන්නේ නම් ලෝකයේ කිසිවෙක් එය ප්‍රතික්ෂේප කිරීමට තරම් මන්දබුද්ධිකයන් නොවනු ඇත.
 
 
Related Posts with Thumbnails