Ads 468x60px

.

අන්තර්ජාල ගාස්තු 8.3%කින් පහලට - විවාහ ලියාපදිංචි ගාස්තු 400%කින් ඉහළට

රු. 3,500ක් රජයේ බදු, ඉතිරි 1,500 රෙජිස්ටාර්වරයාට...

විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 1000ක ගාස්තුව අද (01) සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට රජය කර තිබෙනවා.

විවාහ හා රෙජිස්ටාර් කාර්යාලයකට පරිබාහිර ස්ථානයක දී ලියාපදිංචි කරන විවාහ සඳහා නව ගාස්තු ක‍්‍රියාත්මක වෙනවා.

විවාහ රෙජිස්ටාර් කාර්යාලයකින් බැහැරව නිවසේ හෝ වෙනත් උත්සව ශාලාවක විවාහ ලියාපදිංචි කරන සියලූ දෙනා පොහොසතුන් නොවන අතර සමාජයේ ඉහළ පන්තියේ කොටසකට පමණක් බදු සහන ලබා දෙන රජය සාමාන්‍ය ජනතාවගෙන් මෙවැනි බදු අය කිරීම් පිළිබඳව ජනතාවට දෙවරක් සිතා බැලීමට සිදුවේ.

මේ අනුව විවාහ රෙජිස්ටාර් කාර්යාල වලින් පිටත කෙරෙන විවාහ ලියාපදිංචිය සඳහා අද සිට රු. 5,000ක් අය කරෙනු ඇති. එය 400%ක වැඩිවීමකි. මෙසේ අය කෙරෙන මුදලින් රු. 3,500ක් රජයේ බදු ලෙසත් ඉතිරි 1,500 රෙජිස්ටාර්වරයාටත් හිමිවෙයි.

රෙජිස්ටාර් කාර්යාලයකදී විවාහයක් ලියාපදිංචි කිරීමේ මෙතෙක් අය කළ රු. 1,000ක මුදල එසේම පවතින අතර මෙම වැඩි කිරීම සිදුකර ඇත්තේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටත උත්සවශාලා, නිවාස, හෝටල් ආදී ස්ථාන වල කෙරෙන විවාහ සඳහාය.

මෙම නව බදු අයකිරීම මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව වන බවයි විවාහ රෙජිස්ටාර් ජෙනරාල් එඊ.එම් ගුණසේකර මහතා පවසන්නේ.

දිනකට ලංකාවේ 500ක් පමණ ලියාපදිංචි වන අතර 2011 වසරේ ලියාපදිංචි වී ඇති විවාහ සංඛ්‍යාව 182,000ක් පමණ වෙයි. එයින් 30%ක් රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටත සිදුකර ඇති බව වාර්තාවේ.

කෙසේ වුවද 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ විවාහ ලියාපදිංචි කළ සංඛ්‍යාවද 3.4% කින් අඩු වී ඇති බවයි රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වෙන්නේ.

අන්තර්ජාල ගාස්තු 30%ක බද්ද අද සිට 10% දක්වා අඩුවෙයි...

අන්තර්ජාල ගාස්තු සඳහා දැනට අය කරන 30%ක බද්ද අද සිට 10% දක්වා අඩු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරනය කර තිබෙනවා.

එමගින් අදාළ සේවාවන්ට ගෙවිය යුතු මුදල අඩකින් පමණ අඩුවන බව විදුලි සංදේශන නියාමන කොමිසම පවසා සිටි. මෙම බදු අඩුවීම සිදුවන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සඳහා පමණි.


 
Related Posts with Thumbnails