Ads 468x60px

.

ගෙවී ගිය අවුරුද්දේ ලොව වටා සුවිශේෂ සිදුවීම්..

ගෙවුණු වසරේ අමතක නැති මතක...

වෙනත් අවුරුදු වලට වඩා 2012 විශේෂයක් තිබුනා. 

නම්, ඒ 2012 ගෙවීයද්දී දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය සිදු වෙතැයි ඇතැම් දෙනා විශ්වාස කළ නිසාය. 21 වැනිදා පමණක් නොව, 31 වැනිදා ද ගෙවී ගියේ මේ විශ්වාසය ද අතීත මතකයක් කරමිනි. 

ලෝක විනාශය කෙසේ වෙතත්, 2012 දී ද වෙනදා මෙන්ම ලොව පුරා තැන තැන යුද ගැටුම්, ස්වභාවික ආපදා ආදී විනාශ ගැනනම් වාර්තා වුනා

ලෝක ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යුරෝපයට මුළුමනින් හැකිවූයේ ද නැත. මිහිමත කෙළවරක් නැති අර්බුද අතර ගිලීසිටිමින් වුවද, මිනිසා අඟහරු ගවේෂණයේ සාර්ථක ඉදිරි පියවරක් ද තැබුවා.

මිනිස් ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණු තැබූ අභ්‍යාවකාශගාමී නීල් ආම්ස්ට්‍රෝං මෙන්ම, මහා සංගීතඥ රවිශංකර් ද 2012 දී ජීවිත ගමන නිමාකළා

2012 වසර උදාවෙද්දී රැගෙන ආ මිනිසාම ඇතිකළ අර්බුද හා ගැටුම්, 2013 උදාවන විටත් පවතී. එලෙස කඳුළු මෙන්ම සිනහ අතරින් ගෙවීගිය 2012 වසරේ විශේෂිත සිදුවීම් මෙපරිදි පෙළ ගැස්වේ.

ජනවාරි
(1) උතුරු කොරියාවේ නව නායකයා ලෙස කිම් ජොං උං නිල වශයෙන් පත්වීම, ඔහු හිටපු නායක කිම් ජොං ඉල්ගේ කනිටු පුත්‍රයාය.

(11) ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ තරුණ විද්‍යාඥයකු වූ මුස්තාෆා අහමදි රොෂාන් ඝාතනය වීම. එය මොසාඩ් සංවිධානයේ ක්‍රියාවක් බවට චෝදනා එල්ලවේ.

(15) “කොස්ටා කොන්කෝඩියා” නම් අධි සුඛෝපභෝගී ඉතාලි නෞකාව මඟීන් 3200ක් සමඟ අනතුරට ලක්වීමෙන් 32ක් මියයයි.

(19) බංග්ලාදේශයේ අගමැතිනි ෂීක් හසීනාගේ රජය පෙරළීමට කළ හමුදා කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කෙරිණි.

පෙබරවාරි
(07) මාලදිවයිනේ පැන නැඟි විරෝධතා මැද ජනාධිපති මොහොමඩ් නෂීඩ් ධුරයෙන් ඉවත් වෙයි. උප ජනාධිපති මහීඩ් හසන් ජනපති ධුරයට.

(09) කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝගේ ස්වයංලිඛිත චරිතාපදානය ‘ටයිම් ගරිල්ලා’ නමින් එළිදකී.

(24) සිරියා අර්බුදය විසැඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයා ලෙස හිටපු මහලේකම් කොෆී අනන් පත්කෙරේ.

මාර්තු
(04) රුසියානු ජනාධිපතිවරණයෙන් අගමැති වැලැඩ්මීර් පුටින් යළි ජනපති ධුරයට පත්වීම. ජනාධිපති දිමිත්‍රි මෙඩ්වදෙව් අගමැති වශයෙන් පත්කෙරිණි.

(06) වසර 100කට පසු ඇෆ්ගනිස්තානය යළි දුම්රිය ගමනාගමනයට පිවිසෙමින් පළමු දුම්රිය මාර්ගය විවෘත කිරීම. සියවසකට පෙර දුම්රිය ප්‍රවාහනය රජු විසින් තහනම් කර තිබිණි. නව ව්‍යාපෘතිය “නව සේද මාවත” ලෙස නම්කර ඇත.

(09) පාකිස්තානයේදී ඝාතනය වූ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ වැන්දඹු බිරියන් තිදෙනාට සහ දරුවන්ට එරෙහිව නඩු පැවරේ. ඔවුන් සවුදියට පිටුවහල් කෙරිණි.

(14) වසර 244ක් මුද්‍රණය වූ සුප්‍රකට බ්‍රිටැනිකා විශ්ව කෝෂය මුද්‍රණය අත්හිටුවයි. ඉදිරියට එය අන්තර්ජාල සංස්කරණයක් ලෙස පමණක් පළවේ.

(20)* දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතා. 200ක් පමණ පොලිස් අත්අඩංගුවට.

* මාලි රාජ්‍යයේ බලය කුමන්ත්‍රණයකින් හමුදාව අතට. උතුරු ප්‍රදේශ ගෝත්‍රික සටන්කාමීහු අත්කර ගනිති.

(23) හොලිවුඩ් සිනමා අධ්‍යක්‍ෂ ජේම්ස් කැමරන් ඔහුගේ සැලැස්මකට අනුව නිර්මාණය වූ සබ්මැරීනයක ආධාරයෙන් මරියානා ආගාධයේ පත්ලට ගොස් ආපසු පැමිණේ.

අප්‍රේල්
(01) මියන්මාර විපක්‍ෂ නායිකා අවුන්සාන් සුකී අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුනකට තේරීපත්වෙයි.

(11) ඉන්දුනීසියාව ආසන්න මුහුදු පත්ලේ රිච්ටර් මාපාංක 8.6ක ප්‍රබල භූ චලනයක්. සුනාමි අනතුරු සංඥා ද නිකුත් කෙරිණි.

(22) චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරියකු වන චෙං ගුවැන්චෙං අමෙරිකා තානාපති කාර්යාලයට පලාගොස් දේශපාලන රැකවරණ ඉල්ලයි.

මැයි
(10) 50 දෙනෙකු රැගත් රුසියා ගුවන් යානයක් අනතුරට ලක්වේ. ඉන්දුනීසියාව එම යානය මිලට ගැනීමට නියමිතව තිබිණි.

(14) ප්‍රංශ ජනාධිපතිවරණයෙන් නිකොලායි සාකෝසි පරාජයට පත්කර සමාජවාදී පක්‍ෂ නායක ප්‍රංශුවා ඔලන්ද් ජයගනී.

(18) විසිවසරකට පසු මියන්මාරයට එරෙහි අමෙරිකා ආර්ථික සම්බාධක ලිහිල් කෙරේ.

(26) සිරියාවේ දරුණු ගැටුම්, 100 දෙනකු පමණ මරුදකී.

(30) මියන්මාර විපක්‍ෂ නායිකා අවුන්සාන් සුකී 24 වසරකට පසු පළමු විදේශ සංචාරයට එක්වෙමින් තායිලන්තයට පැමිණීම.

ජුනි
(02)* ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම වීම. ඉකුත් වසරේ එරට ඇතිවූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව බලය යෙදවීම ගැන ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

* දෙවැනි එළිසබෙත් රැජනගේ කිරීට ප්‍රාප්තියේ දියමන්ති ජුබිලිය (60 වසර) බ්‍රිතාන්‍යයෝ හරසරින් සමරති.

* රැජනගේ දියමන්ති ජුබිලිය නිමිතිකරගනිමින් ලන්ඩනයේ සුපතළ ‘බිග්බෙන්’ ඔර්ලෝසුව සහිත කුලුන “එළිසබෙත් කුලුන” ලෙසින් නම් කෙරිණි.

(05) අල්ඛයිඩා සංවිධානයේ දෙවැනියා වන අබු යෙහියා අල් ලිබී ඩ්‍රෝන යානයක් මගින් සිදුකළ ප්‍රහාරයකින් පාකිස්තානයේදී මරා දැමේ.

(11) ඉන්දීය රජයේ අනුදැනුම මත අමෙරිකා යුද නැව් ඉන්දීය සාගරයේ යෙදවීමට එරෙහිව කොල්කටා නගරයේ දැවැන්ත විරෝධතාවක්.

(14) මිතුරු රටවල් කිහිපයක සහාය මත නියමු රහිත ඩ්‍රෝන යාත්‍රා 3ක් නිර්මාණය කළ බව වෙනිසියුලාව කියා සිටී.

(23) පාකිස්තානයේ නව අගමැති වශයෙන් රාජා පර්වේස් අෂ්රෆ් රාජකාරි ඇරඹීය.

(25) ඊජිප්තු ජනාධිපතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය පක්‍ෂයේ නායක මොහොමඩ් මොර්සිට ජය.

(27) 2008 - මුම්බායි ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ මුල්පෙළේ සංවිධායකයකු බව සඳහන් සයද් මබියුද්දීන් හෙවත් අබුනිදාල් ඉන්දීය පොලිස් අත්අඩංගුවට.

ජූලි
(03) අමෙරිකා ගුවන් ප්‍රහාරවලට විරෝධය පාමින්, පාකිස්තානය විසින් වසා දමන ලද ඇෆ්ගනිස්තානය දක්වා වූ නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමට පාකිස්තාන බලධාරීහු තීරණය කරති.

(07) වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ.

විනාඩි කිහිපයකින් කලාපයේ පිහිටි අමෙරිකා යුද කඳවුරු රැසක් වැනසීමට තමන්ට හැකි බව ඉරානය කියා සිටී.

දින කිහිපයකට පෙර ඉරානය මිසයිල අත්හදා බැලීමක්ද සාර්ථකව සිදු කළේය.

(20) ඉන්දියාවේ නව ජනාධිපති වශයෙන් හිටපු මුදල් අමාත්‍ය ප්‍රණාබ් මුඛර්ජි පත්වීම.

(27) ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලන්ඩනයේදී ඇරැඹේ.

උතුරු කොරියා නායක කිම් ජෝ උං රහසිගතව විවාහ දිවියට එළැඹ ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ඇය රී සොල් ජූය.

අගෝස්තු
(02) එ. ජා. සිරියා සාම නියෝජිත කොෆී අනන් ඉල්ලා අස්විය.

(06) නාසා ආයතනයේ කියුරියෝසිටි ගවේෂණ යානය අඟහරු මතට ගොඩබැස්වීම.

(18) පාකිස්තානයේ මින්හස් ගුවන් හමුදා කඳවුරට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක්.

(20) ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලබන විකිලීක්ස් සංස්කාරක ජූලියන් අසාන්ජ් එහි සිට මාධ්‍ය ඇමැතීය.

(24) සිරියාවේ එ. ජා. නව සාම නියෝජිතයා ලෙස ඇල්ජීරියාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්දාර් බ්‍රහීම් පත්කෙරේ.

(25) සඳමත පළමු මිනිස් පා සටහන තැබූ අභ්‍යවකාශගාමී නීල් ආම්ස්ට්‍රෝං ජීවිතයෙන් සමුගනී. මියයනවිට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

(29) නොබැඳි ජාතීන්ගේ සමුළුව ඉරානයේ ටෙහෙරාන් නුවරදී ආරම්භ විය.

සැප්තැම්බර්
(03) මොංගෝලියා ජනාධිපතිවරයා, ඉරානයේ නතාන්ස්හි පිහිටි න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක.

(05) ඩියාඔයු දූපත ජපානය විසින් මිලදී ගැනීමට සැරැසීම පිළිබඳ චීනය දැඩිව විරෝධය පළ කරයි.

(07) හිටපු පලස්තීන නායක යසර් අර්ෆත්ගේ මරණය විස ශරීරගතවීමකින් සිදුවූ බවට සැක මතුවීමත් සමඟ, වැඩිදුර පරීක්‍ෂණ.

(11) ඉස්ලාම් දහමට හා නබිනායක තුමන්ට නින්දා කරමින් අන්තර්ජාලයට එක්වූ විනාඩි 13ක කෙටි චිත්‍රපටයක් දැඩි ආන්දෝලනයක් ඇති කරයි. චිත්‍රපටයට විරෝධය පාමින් ලිබියාවේ අමෙරිකා තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයකින් අමෙරිකා තානාපති ස්ටීවන්සන් ද මරා දැමේ.

අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා නියෝජ්‍ය නායකයා ලෙස සැලකෙන යසද් අල් ෂිහ්රි යේමනයේදී මරා දැමිණි.

දූෂණ විරෝධී ඉන්දීය දේශපාලන කාටුන් ශිල්පියකු වන අසීම් ත්‍රිවේදී බන්ධනාගාර ගත කෙරිණි.

(18) * ඉන්දීය රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින්, ත්‍රිනමුල කොන්ග්‍රසය පාලක සභාග රජයෙන් ඉවත්වීම.

* මාලදිවයින ප්‍රසිද්ධ ස්ථානවල නර්තනයන් දැක්වීම තහනම් කරයි.

* සල්මන් රෂ්ඩිට යළිත් මරණ තර්ජන එල්ල වේ.

* ඇෆ්ගනිස්තානයේදී හමුදා සෙබළියන් සඳහා පළමු වරට වෙඩි නොවදින කබා හඳුන්වා දීම.

(21) ඇෆ්ගනිස්තානයේ රඳවා සිටි 3000කගෙන් යුත් අමෙරිකා හමුදා බල ඇණියක් ආපසු කැඳවේ.

* තම රටේ දේශපාලනයට අත පෙවීම සඳහා අමෙරිකා ආධාර වැඩසටහන ක්‍රියාකරන බවට රුසියාව චෝදනා කරයි.

* අමෙරිකාවේ සංචාරයක නිරත මියන්මාර විපක්‍ෂ නායිකා අවුන්සාන් සුකීට කොන්ග්‍රසය ඉහළම සම්මානය පිරිනැමීම.

(23) මුස්ලිම් ලොව කැලඹූ “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” කෙටි චිත්‍රපටයේ නිර්මාපකයා මරාදමන අයකුට ඇ. ඩො. ලක්‍ෂයක ත්‍යාග මුදලක් පිරිනැමීමට සූදානම් බවට පාකිස්තානයේ දුම්රිය කටයුතු පිළිබඳ ඇමැති ගුලාම් අහමඩ් ගෙන් ප්‍රකාශයක්.

(25) එ. ජා. මහා සමුළුව නිව්යෝර්ක් හිදී ඇරැඹේ.

(27) උතුරු කොරියාව පාසල් අධ්‍යාපනය වසර 12ක් වන පරිදි වසරකින් දීර්ඝ කරයි.

* ගූගල් සමාගමේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට බ්‍රසීල විනිසුරුවරයකුගෙන් නියෝගයක්.

(30) ප්‍රකට පරිසරවේදියකු වූ බැරී කොමනර් අභාවය.

ඔක්තෝබර්
(01) එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය ත්‍රස්තවාදයට සහාය දක්වන බවට සිරියාවෙන් චෝදනා එල්ල වෙයි.

(02) ඉන්දියාවේදී දූෂණ විරෝධී නව දේශපාලන පක්‍ෂයක් බිහිවේ.

(07) වෙනිසියුලා ජනාධිපතිවරණයෙන් හියුගෝ චාවේස් යළිත් විශිෂ්ට ජයක් වාර්තා කරයි.

(08) මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පොලිස් අත්අඩංගුවට පත්වේ.

(14) සුප්‍රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්‍ෂ යෂ් චොප්රා ජීවිත සිනමාවෙන් සමුගනී.

* පාකිස්තානයේ තලේබාන් විරෝධී පාසල් සිසුවියක වූ මලාලා යුසුෆ්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවේ.

* චීනය අධික ශීත කාළගුණයක් යටතේ වුවද පැයට සැතපුම් 220ක වේගයකින් ධාවනය කළ හැකි අධිවේගී දුම්රියක් අත්හදා බලයි.

(29)‘සැන්ඩි’ සුළි කුණාටුව අමෙරිකාවට කඩා වැදී මහා විනාශයක් සිදු කරයි. නිව්යෝර්ක් නගරයටත් ගංවතුරෙන් හානි සිදුවේ.

(30) ‘නීලම්’ කුණාටුව දකුණු ඉන්දියාවට කඩාවදී.

නොවැම්බර්
(06) අමෙරිකා ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්‍ෂක මිට් රොම්නි පරදවා ඩිමොක්‍රටික් අපේක්‍ෂක බැරක් ඔබාමා දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීම.

(08) දකුණු අප්‍රිකාව නෙල්සන් මැන්ඩෙලාගේ රුව රැගත් මුදල් නෝට්ටු සංසරණයට එක් කරයි.

* රුසියානු ජනාධිපති පුටින්, එරට ආරක්‍ෂක ඇමැති ඇනටෝලි සර්ඩියුකොව් ධුරයෙන් පහකරයි. ඔහුට එරෙහිව ලිංගික අපචාර සහ දූෂණ චෝදනා එල්ලවී තිබිණි.

(14) හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායක අහමඩ් ජබාරි ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මරා දැමේ, මැදපෙරදිග යළි ගැටුම් ඇවිළෙයි.

(19) අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මියන්මාරයේ සංචාරයක යෙදේ. එරටට ආ පළමු අමෙරිකා ජනාධිපතිවරයා ද ඔහුය.

* ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර, සටන් විරාමයකට යන ලෙස ඊශ්‍රාලයට බලපෑම්.

(25) තායිලන්ත අගමැතිනි යිංග්ලක් ෂිනවත්‍රාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පරාජයට පත්විය.

(29) පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිරීක්‍ෂණ මට්ටමේ සාමාජිකත්වයක් හිමිවේ.

(20) මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේදී අත්අඩංගුවට පත් මොහොමඩ් අජ්මාල් කසාබ් එල්ලා මරා දැමීම.

(26) ලොව පළමු වකුගඩු බද්ධය සිදුකළ වෛද්‍ය ජෝෂප් ඊ. මරේගේ අභාවය.

දෙසැම්බර්
(03) පැයට කි. මී. 210ක වේගයකින් හමා ආ ‘බෝපා’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී. 600ට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්විය.

(05) ලොව වයස්ගතම පුද්ගලයා ලෙස පිළිගත් අමෙරිකා ජාතික බෙඩී කූපර් මියගියාය. මියයනවිට ඇයගේ වයස අවුරුදු 116කි.

(11) ලෝකපූජිත සංගීතඥයකු වූ භාරතීය සිතාර් වාදක පණ්ඩිත් රවිශංකර් අභාවය.

(12) වසර 1000කට වරක් එළැඹෙන 12.12.12 වැනිදා ලොව පුරා තැන තැන විශේෂිතව සැමරීම.

(15) අමෙරිකාවේ, නිව්ටවුන්හි පාසලක තුවක්කුකරුවකු කළ වෙඩි තැබීම්වලින් කුඩාදරුවන් 20 දෙනෙක් ඇතුළු 28ක් ජීවිතක්‍ෂයට පත්විය.

(21) මායාවරුන්ගේ දිනදර්ශනය අනුව මෙදින ලෝකය විනාශ වෙතැයි ඇතැම් දෙනා පිළිගත්තද එවැන්නක් සිදු වූයේ නැත.

(27) අධික හිම කුණාටු තත්ත්වයක් සමඟ අමෙරිකාවෙන් ටොර්නාඩෝ 34ක් වාර්තාවීම.

(29) ජනප්‍රිය ක්‍ර්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක ටෝනි ග්‍රේග් මහතා ජීවිත කෙළි බිමෙන් සමු ගනී.


ගෙවුණු වසරේ අමතක නැති මතක
ගෙවී ගිය වසරේ සිදුවීම් බහුලය වියෝ වීම් හමු වීම් පත්වීම් මෙන්ම ස්භාවික ආපදාද විශාලය දේශපාලන පිටියද උණුසුම්ය 2012 අවුරුද්ද මේ සියල්ල මැද විදුලි වේගයෙන් පියඹා ගියේය මේ එම ගෙවී ගිය වසර දෙස ආපසු හැරී බැලීමකි.

* 2012 ජනවාරි 01
නව විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා විභාග දෙපාර්තමේන්තුවේදී වැඩ භාර ගනී.

* 2012 ජනවාරි 09
එජාප හිටපු සභාපති එන්. පී. පණ්ඩිතරත්න මහතාගේ අභාවය

* 2012 ජනවාරි 11
සිංහල භාෂා ප්‍රවීණයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අනඳපිය කුඩාතිහි මහතාගේ අභාවය.

* 2012 ජනවාරි 19
නව ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක අසන්ත ද මෙල් මහතා පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා තීරණය කරයි.

* 2012 ජනවාරි 21
‍ෙජ්‍යෂ්ඨ දේශපාලනඥයකු හා මාධ්‍යවේදියකු වන රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ අභාවය.

* 2012 ජනවාරි 23
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධූරයෙන් ටී. එම්. ඩිල්ෂාන් ඉල්ලා අස්වේ.

* 2012 ජනවාරි 29
සෝමවතී බෝ සමිඳු වටා වූ රන් වැට ජනපති අතින් විවෘත වේ.

* 2012 පෙබරවාරි 10
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පත්වීම.

* 2012 පෙබරවාරි 14
මිග් 27 වර්ගයේ ජෙට් යානාවක් නාත්තන්ඩිය ප්‍රදේශයට ඇද වැටීම.

* 2012 පෙබරවාරි 23
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතීන්ගේ් සාම සාධක මෙහෙයුම් පිළිබඳ විශේෂ උපදේශක ලෙස පත්වීම.

* 2012 මාර්තු 19
ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි අභාවය.

* 2012 අප්‍රේල් 16
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ශශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීම.

* 2012 අප්‍රේල් 23
ගායන ශිල්පී සතිස් පෙරේරා මහතාගේ අභාවය.

* 2012 මැයි 21
කටාර් රාජ්‍යයේ විශේෂ ආරාධිතයකු ලෙස ජනාධිපතිතුමා කටාර් රාජ්‍ය වෙත පිටත්ව යාම.

* 2012 මැයි 21
වසර තුනකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබීම.

* 2012 ජූනි 15
කියුබාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පිටත්ව ගිය අතර ඔහු ඉන්පසු බ්‍රසීලයේ විශේෂ පරිසර සමුළුවකට ද සහභාගීමට නියමිතය.

* 2012 ජූනි 27
සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභා විසුරුවා හැරීම.

* 2012 ජූලි 09
වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ අභාවය.

* 2012 ජූලි 16
නව නීතිපතිවරයා ලෙස සරත් පාලිත ප්‍රනාන්දු මහතාගේ දිවුරුම් දීම.

* 2012 අගෝස්තු 09
කොත්මලේ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී ආනන්ද දසනායක මහතාගේ අභාවය.

* 2012 අගෝස්තු 13
අප්‍රිකානු ස්වාසිලන්ත රාජ්‍යයේ ස්වානි රජතුමා හා බිසව මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීම.

* 2012 අගෝස්තු 29
රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙනියේ මේධාලංකාර හිමියන් අවුරුදු 103 ක් ආයු වළඳා අපවත්වීම.

* 2012 සැප්තැම්බර් 03
හිටපු ඇමැති විජයපාල මෙන්ඩිස් මහතාගේ අභාවය.

* 2012 සැප්තැම්බර් 04
රාමඤ්ඤ නිකායේ මහා නිකායේ වැඩබලන මහානායක ලෙස අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමි පත්වීම.

* 2012 අගෝස්තු 09
උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයක්

* 2012 අගෝස්තු 18
නැගෙනහිර නව මහ ඇමැතිවරයා ලෙස අබ්දුල් මජීඩ් මහතා පත්වීම

* නොවැම්බර් 01
නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා ලෙස සරත් අමුණුගම මහතා පත් කිරීම

* නොවැම්බර 08
අයවැය ලේඛණය ජනාධිපති තුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

* නොවැම්බර 18
ජනපති ජන්ම දිනය

* නොවැම්බර් 22
මෙරට ගුවන් ගත කළ පළමු චන්දිකාව සුප්‍රීන් සැට් ගුවන් ගත කිරීම

* දෙසැම්බර් 15
අග්‍ර විනිශ්‍චයකාර ශිරානි බණ්ඩාරනායක මහත්මියට ගෙන ආ දෝශාභියෝග යෝජනාවේ චෝදනා තුනකට වැරදිකාරිය බවට ප්‍රකාශ වීම.

 
Related Posts with Thumbnails