Ads 468x60px

.

ශ්‍රී ලංකාව දරුවෙකුට උප්පත්තිය ලබන්න අවාසනාවන්තම රටවල් අතරින් එකක්ලු...

නරකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි...

පරිපාලන නොහැකියාව නිසා ලංකාව කඩා වැටෙනවලු...

මුළු ලොවම පිළිගත් 'දි ඉකොනොමිස්ට්' ජාත්‍යන්තර ආර්ථික සංග‍්‍රහයේ පසුගියදා පළවූ සමීක්‍ෂණයකට අනුව, 2013 දී ලොව ඉපදෙන දරුවෙකුට උප්පත්තිය ලබාගත හැකි අවාසනාවන්තම රටවල් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා.

ඒ අනුව නයිජීරියාව, සිරියාව, වියට්නාමය වැනි ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට නරකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.


'දි ඉකොනොමිස්ට්' සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය විශ්ලේෂණය කොට ඇති දත්ත අනුව මේ වසරේ දරුවෙකු උපත ලැබීමට සුදුසුම දේශය ස්විට්සර්ලන්තයයි.  උත්පත්තියක් සඳහා නුසුදුසුම රට  නයිජීරියාවයි.

රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 63 වැනි ස්ථානයයි. ලංකාව හා සම තැන ගෙන සිටින්නේ පිලිපීනයයි. ලොව ධනවත්ම රටවල් වන ජපානය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට මෙම දර්ශකයේ විස්සෙන් පහල ස්ථාන හිමිවෙද්දී

1988 දී මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමිව තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි වී තිබෙන්නේ 16 වැනි ස්ථානයයි.

රටක්  තුල සිදුවන අපරාධ, රජයේ ආයතන පිලිබඳ ජනතා විශ්වාසය බිදවැටීම, අධ්‍යාපන - සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රවල කඩා වැටීම, දූෂණය සහ නාස්තිය, ජිවන වියදම සහ ආර්ථික කඩා වැටීම වැනි කරුණු පදනම් කර ගනිමින්  'දි ඉකොනොමිස්ට් 'සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය එම දර්ශකය සකස් කොට
තිබෙනවා.

රජයේ ආයතන සම්බන්ධයෙන් ජනතාව තුළ තිබූ විශ්වාසයත්,  රජයේ පරිපාලන නොහැකියාව නිසාත් ශ්‍රී ලංකාව කඩා වැටෙමින් ඇති බවද එහි සදහන්
වෙනවා.

උතුරේ දරුවන් මුහුණ පා සිටින ඉරණම ද ශ්‍රී ලංකාව මෙවැනි ස්ථානයකට පත්වීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව, මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාතේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන නීතිඥවරියක් වන සේරා ආරුමුගම් පවසන්නිය.

යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ දරුවන් 10,000 කට ආසන්න පිරිසකට එක් දෙමාපියෙකු හෝ අහිමි බව උතුරු පළාත් සභාව විසින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්
වෙනවා.

2012 මුල් භාගයේදී උතුරු පළාතේ දරුවන් 1800 කට ආසන්න පිරිසකට දෙමාපියන් දෙදෙනාම අහිමි බව ද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල සඳහන්
වෙනවා.

විශේෂයෙන්ම පශ්චාත් යුද- කාලීන උතුරේ දරුවන් ගේ අධ්‍යාපනය පිලිබඳ ගැටළු මතුවීම මෙන්ම එම දරුවන් නොමඟ යාමේ අවදානම ද නීතිඥ සේරා ආරුමුගම් පෙන්වා දෙන්නීය.
 
Related Posts with Thumbnails