Ads 468x60px

.

ජංගම දුරකථනය නාදවීමෙන් ඇඳ යට සිටි නිරුවත් පෙම්වතාට වැඩ වැරදී...

පොලිසියට බාරදෙන මොහොතේ මොහුගේ ඇඟේ නූල් පොටක්‌ තිබී නෑ...
- පෙම්වතා දෙදරු පියෙක්‌.....

පෙම්වතා සමග ආදරයෙන් වෙලී සිටියදී පෙම්වතාගේ ජංගම දුරකථනය නාදවීමෙන් මවත්, සොහොයුරාත් අවදිවී තරුණිය සිටි කාමරය පරීක්ෂා කරද්දී ඇඳ යට සිටි පෙම්වතා අල්ලා ගලගෙදර පොලිසියට බාරදීමෙන් පසු රිමාන්ඩ් කර තිබෙනවා.

මෙම පෙම්වතා දරු දෙදෙනකුගේ පියෙකු බවද පොලිස්‌ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගලගෙදර පොලිසිය කියනවාමෙම පවුලේ මවත් දියණියත් ඇගේ බාල සොහොයුරාත් ජීවත්වී ඇති අතර ඔවුන්ගේ පියා අගනුවර ආයතනයක සේවය කරන බව හෙළිවී තිබෙනවා.

මෙම තරුණිය රවටා ගත් විවාහක තරුණයා ඉඳහිට රාත්‍රි කාලයේ ඇය හමුවීමට හොර රහසේම නිවසට පැමිණ තිබෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

සිද්ධිය වූ දින 22 දා (ඊයේ) රාත්‍රියේ මොහු ඇය හමුවීමට පැමිණ තිබෙනවා.

මේ අවස්‌ථාවේදී ඇය මෙම පෙම්වතා කාමරයට ගෙන්වා ඇති අතර විනාඩි කීපයකට පසු ඔහුගේ ජංගම දුරකථනය නාදවීමට පටන්ගෙන තිබෙනවා.

තම සොහොයුරියට ජංගම දුරකථනයක්‌ නැති බව දැනගත් සොහොයුරා සිය මවත් සමග සොහොයුරියගේ කාමරයේ දොරට තට්‌ටුකර දොර විවෘත කරවා ගෙන තිබෙනවා.

නාද වූ ජංගම දුරකථනය සොයා බලද්දී ඇඳයට සිටි පෙම්වතා මෙසේ අල්ලාගෙන පොලිසිට බාරදී තිබෙනවාමොහු පොලිසියට බාරදෙන මොහොතේ මොහුගේ ඇඟේ නූල් පොටක්‌ තිබී නැත.

මේ අතර මෙම පෙම්වතා විවාහකයකු බව දැනගෙන ඇය මෙම සම්බන්ධය නතර කර තිබූ බවද කියනවා.
 
Related Posts with Thumbnails