Ads 468x60px

.

නයි නළඟනගේ අරාබි ජාතික පෙම්වතා ගැන පොලිසියට මොකුත් නොකියන්නේ ඇයි..?

පොලිසිය 'නයි නළඟනගේ' පෙම්වතා සොයයි... 

පෙම්වතා ගැන නිරෝෂා විසින් කිසිදු ප‍්‍රකාශයක් කරන්නේ නැතිලු...

'නයි නළඟන' හෙවත් නිරෝෂා විමලරත්නට පහරදුන් අරාබි ජාතික පෙම්වතා සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, අරාබි ජාතික පෙම්වතා පිළිබඳව නිරෝෂා විසින් කිසිදු ප‍්‍රකාශයක් පොලීසියට මෙතෙක් සිදුකර නොමැති බවයි.

අරාබි ජාතික පෙම්වතාගේ පහරකෑමට ලක්වූ නිරෝෂා විමලරත්න පෙරේදා රාත‍්‍රියේදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා.


පසුගිය කාලයේදී අරාබි ජාතිකයා සමග සිටි නයි නළඟන හෙවත් නිරෝෂා පසුගියදා වැල්ලම්පිටිය විහාර මාවතේ පිහිටි නිවසකට පැමිණ
තිබෙනවා. තුවාල ලබා සිටි ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුල් කිරීමට පොලීසිය කටයුතු කර ඇත්තේ, එම නිවසේ හිමිකාරිය විසින් පොලීසියට කරන ලද දැනුම් දීමකට අනුවය.

කොල්ලූපිටිය රාත‍්‍රී සමාජ ශාලාවක නයෙකු ළඟ තබාගැනීම හේතුවෙන් නිරෝෂා විමලරත්න අත්අඩංගුවට ගැනුනේ පසුගිය වසරේ අගෝස්තු මස 28 වැනිදාය. පසුව ඇයව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර ඇය සමග සිටි නයා දෙහිවල සත්වෝද්‍යානයට භාරදුන්නේය. 


අනතුරුව නිරෝෂා විමලරත්න ඇප ලබාගැනීමෙන් පසු නයා තමන්ට යළිත් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කළේය. 

කෙසේ වෙතත් කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් වරයාගේ නියෝගය මත පසුගිය දෙසැම්බර් මස 11 වැනි දින නයි නළඟනට සිය නයා ලබාගැනීමට අවස්ථාව ලැබුණා.

මෙසේ එම අරාබි ජාතිකයා කළ පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින නයි නළගන ලෙස ප‍්‍රසිද්ධියට පත් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි මෙනවියගේ සිරුරේ කැපුම් පහරවල් 05ක් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ඇය බැලීමට පහරදුන් බව කියන අරාබි ජාතිකයා ද රෝහලට පැමිණ ඇතැයිද මේ අතර වාර්තා
වෙනවා.

නිරෝෂා පොලිසියට පවසා තිබුණේ තමා අරාබි ජාතිකයකු සමග වැල්ලම්පිටියේ නිවසක දින කිහිපයක් සිටි බවත්, ගෙදර ඇතිවූ ආරවුලකින් පසුව ජීවිතය බේරා ගැනීමට තමා පාරට පැමිණි බවත්, ඒ වන විට ලෙයින් තෙත්ව තිබූ බවත්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ රෝහලේ සිටින ඇයගේ වෛද්‍ය වාර්තා බලා පොරොත්තුවෙන් පොලීසිය සිටින බවයි.

එසේම ඇය නම සඳහන් කර ඇති පුද්ගලයාගේ ලිපිනය ඇගෙන් නොලැබුණු බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම අරාබි ජාතිකයා නයි නළඟනට පහරදී ගෙල මිරිකා වීදුරු කටුවලින් ඇගේ සිරුර කපා දමා තිබූ බව පොලිසිය පවසනවා.

කාන්තාවක්‌ තුවාල ලබා සිහිසුන්ව මීතොටමුල්ල ප්‍රදේශයේ මහමඟ වැටී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත එහි ගිය වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ ඊයේ අලුයම 5.30 ට පමණය.

මෙම සිද්ධියෙන් පසු අරාබි ජාතිකයා අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම කාන්තාව මාස දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අරාබි ජාතිකයකු සමඟ මීතොටමුල්ල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිට ඇති බව පොලිසිය
පවසනවා.

පෙරේදා රාත්‍රි මොවුන් දෙදෙනා අතර ආරවුලක්‌ ඇති වී ඇති අතර පසුව අරාබි ජාතිකයා මෙම කාන්තාවට පහර දී ගෙල මිරිකා වීදුරු කටුවලින් ඇගේ සිරුර කපා දමා
තිබෙනවා. සැකකරුගෙන් බේරීමට ඇය මහමඟට පැමිණ ඇති අතර පසුව සිහිසුන්ව මහමග වැටී තිබෙනවා.

මෙම පහරදීමට හේතුව කුමක්‌දැයි මෙතෙක්‌ අනාවරණය වී නැත. කොල්ලුපිටිය ප්‍රදේශයේ සමාජ ශාලාවක නාටිකාංගනාවක ලෙස සේවය කරන මෙම කාන්තාව මීට මාස කීපයකට උඩදී අත්අඩංගුවට ගනු ලැබුවේ අනාරක්‍ෂිත ආකාරයට නාගයකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටියදීය.

පසුව මෙම කාන්තාවට අයත් නාගයා සත්වෝද්‍යානයට භාරදීමට අධිකරණය නියෝග කරන ලදී. නඩු විභාගයෙන් පසු මෙම කාන්තාවට අයත් නාගයා ආපසු ඇයට භාරදීමට අධිකරණය තීරණය කළේය.

මෙම කාන්තාව නොයෙකුත් බොරු පුවත් ප්‍රචාරය කරමින් තමන් වෙත අනුකම්පාව ලබාගැනීමට කටයුතු කළ බව පසුව හෙළි විය. ඇය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ බොහෝ දේ අසත්‍ය බවද පසුව අනාවරණය විය.

නයි නළඟන නමින් ප්‍රසිද්ධව සිටි මෙම කාන්තාව කොල්ලුපිටිය පොලිසියට එරෙහිව මානව හිමිකම් නඩුවක්‌ද පවරා ඇත.

එක්‌තරා කාන්තාවක්‌ විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන ගිය අතර පොලිසිය එය වටලා අදාළ කාන්තාව සමඟ තරුණියන් අත්අඩංගුවට ගෙන තිබිණි. එම කාන්තාව මේ වන විටත් බන්ධනාගාරගතව සිටියි.

එම කාන්තාවගේ ඥතියකු විසින් රාත්‍රි සමාජ ශාලාවක්‌ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යයි. නයි නළඟන සේවය කරන්නේ එම සමාජ ශාලාවේ බවද පොලිසිය පවසයි. මෙම සමාජ ශාලාව හරහා විවිධ විෂමාචාර ක්‍රියාවන් සිදුවන බවට තොරතුරු කොල්ලුපිටිය පොලිසිය වෙත මේ වනවිට ලැබී ඇත.
 




නයි නළඟන පිහි ඇණුම් කෑවේ අඹු සැමියන් ලෙසින් ජීවත්වූ අරාබි ජාතිකයෙකුගෙන්ලු 
 
Related Posts with Thumbnails