Ads 468x60px

.

ශිෂ්‍යාවක් දුෂණය කල ආකාරයටම විජේරාමෙත් කාන්තාවක් පස් දෙනෙක් දුෂණය කරලා.

නුගේගොඩ දී කාන්තාවක් සමූහ දූෂණයකට...

නුගේගොඩ- විජේරාම ප‍්‍රදේශයේදී 47 හැවිරිදි කාන්තාවක් ඊයේ රාත‍්‍රියේ පුද්ගලයන් 4 දෙනෙකු විසින් සමූහ අපයෝජනයකට ලක් කර තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ මිදිගම - අහංගම පදිංචි කාන්තාවකි.ඇය ඊයේ සිය ව්‍යාපාරයට අවශ්‍ය රෙදි මිලදී ගැනීම සඳහා මහරගමට පැමිණිමට අවශ්‍ය වුවත්, මඟ වැරදී  රාත‍්‍රී 7.30 ට පමණ බැස ඇත්තේ විජේරාම මංසන්ධියෙනි.


පසුව, මෙම කාන්තාව විජේරාම මංසන්ධියේ සිටින ති‍්‍රරෝද රථ රියදුරෙකුගෙන් මාර්ගය විමසා ඇති අතර පසුව එම රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ඇයව ත‍්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් මෙලෙස සමූහ අපයෝජනයකට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
 
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද ඇමතුමක් මත සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 28 සහ 48 යන වයස්වල පසුවෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.දූෂණයට ලක්වූ කාන්තාව මේ වනවිට රෝහල් ගත කර
තිබෙනවා.

සිද්ධිය සැකෙවින් මෙසේයි.


 
Related Posts with Thumbnails