Ads 468x60px

.

මං දැන් කට අරින්නේ කෑම කන්න විතරයි..! - මර්වින් කියයි..

පඤ්ඤාලෝක හිමියන් දුන් උපදෙස්‌ තමාට යළි සිහිවෙනවා - මර්වින්

කැලණියට මං ආදරෙයි...
- මාලිනි ෆොන්සේකා ජනපතිට කිය
ලා..

"මම දැන් කට අරින්නේ කෑම ගැනීමට පමණයි" යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පවසනවා. ජනතා විමුක්‌ති පෙරමුණ භීෂණය පැවැති 88-89 කාලයේදී මහජන රැස්‌වීම් තහනම් කර තිබියදී තිස්‌සමහාරාමයේ රැලියක්‌ පැවැත්වූ තමාට සහෝදරයන් තිදෙනකුගේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව ද ඇමැතිවරයා පවසනවා.

මෙවැනි කාල වකවානුවලදී කෑමට පමණක්‌ කට අරින්න යෑයි තිස්‌සමහාරාම රජමහා විහාරාධිපති අපවත්වී වදාළ හක්‌මන පඤ්ඤාලෝක හිමියන් දුන් උපදෙස්‌ තමාට යළි සිහිවී ඇතැයි ද ඇමැතිවරයා
පවසනවා.

ඒ නිසා කිසිම මාධ්‍යයක්‌ හෝ පුද්ගලයන් ඉදිරියේ වැඩිපුර කතා කිරීමෙන් වැළකී සිටින බවත් අපවත් වූ නායක හිමියන්ගේ උපදෙස අනුව කෑමට පමණක්‌ කට අරින බවත් ඇමැතිවරයා කියා සිටියේය.


කැලණියට මං ආදරෙයි
- මාලිනි ෆොන්සේකා ජනපතිට කිය
ලා..

කැලණියට මම ආදරෙයි. ගමට රටට සේවයක්‌ කිරීමට පුළුවන් යෑයි තමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පවසා තිබූ බව ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනි ෆොන්සේකා මහත්මිය පවසනවා.

මගේ ගමට මට සේවය කිරීමට හැක්‌කේ ඉතා සුහදව ප්‍රශ්න විස
ගෙනයි. මේ තුළින් තවත් අය අතර ප්‍රශ්න අර්බුද ඇති කරගන්න මම කැමති නැහැ. කලාකාරිනියක්‌ වශයෙන් හුඟක්‌ දුරට ඇවිත් තිබෙනවා. ගමේ උදවියට මුලදී මාව අමතක වුණත් මම ගමට ආදරෙයි.

යම් හෙයකින් කැලණියට කවුරුන් හෝ පත් වුණත් ඔහුට ද මගේ සම්පූර්ණ සහාය ලබාදෙන බවද මාලිනි ෆොන්සේකා මහත්මිය පැවසුවා.
 
Related Posts with Thumbnails