Ads 468x60px

.

ළගදි බැන්ද නුවන්ගීට ප‍්‍රසන්නගෙන් නිතර බැණුම්ලු - මම වැරදි හදාගන්නවා නුවන්ගී කියයි..

ඒකට තමයි ඔහු බනින්නේ... 

මං දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරනවා...

මට සැලකුවේ ශිෂ්‍යයකු හැටියට පමණයි..

ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි නුවන්ගී ලියනගේ ප්‍රවීණ වූෂු සටන් ශිල්පියකු වු ප්‍රසන්න ජයවීර සමග පසුගිය සිකුරාදා (18) යුගදිවියට යුගදිවියට එළඹි බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද ළගදි බැන්ද නුවන්ගීට ප‍්‍රසන්නගෙන් නිතර
නිතර බැණුම් ඇසීමට සිදුවන කාරණාවක් ගැන අප වෙත වාර්තා වෙනවා. එසේ ඇයට සැමියාගෙන් බැනුම් ඇසීමට සිදුවන්නේ ඇය වැඩකට යොමුවූ විට හෝ නිවසින් බැහැරව සිටින විට ප‍්‍රසන්නට දුරකතන ඇමතුම් ලබාදීම අතපසුකරන නිසා බව පැවසෙනවා.

කෙසේ වුවද දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරන බව නුවන්ගී පවසා තිබෙනවා. නුවන්ගී, ප‍්‍රසන්න හා හාදවී ඇත්තේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රසන්නගේ වූෂු පන්තියට ගොස් වූෂු හැදෑරූ අවධියේදී බව
පැවසෙනවා.

කෙසේවුවද නුවන්ගී පවසන්නේ තමා ප‍්‍රසන්නගෙන් වෘෂූ හැදෑරූ අවධියේ වූයේ ගුරු ගෝල සම්බන්ධයක් පමණක් බවයි. නුවන්ගී සිය කැමැත්ත දුන් ගමන්ම ප‍්‍රසන්න නුවන්ගීගේ ගෙදරින් කැමැත්ත ගත් බවද නුවන්ගී කියයි. මේවන විට නුවන්ගී හා ප‍්‍රසන්න ඔවුන් අලුතින් හැදූ හෝකන්දර නිවසේ පදිංචිව සිටින බවද
පැවසෙනවා.

නුවන්ගී ට ප්‍රසන්න හමුවූයේ ගුටිබැට හුවමාරුවකට ගොස් සිටියදීය. සාමාන්‍යයෙන් නිළියක් වුණාම හැම දෙයක්ම ප්‍රගුණ කරලා තියෙන්න එපායැ. කාර් පදින්න, අශ්වයො පිටේ යන්න, සටන් කරන්න, නටන්න, ගයන්න, පිහිනන්න මේ හැම දෙයක්ම දන්නවනම් රඟපෑමේ චාන්ස් එක වැඩියි.

නුවන්ගීටත් ඕනැ වුණා සටන් කලාව හදාරන්න. ඒ සඳහා ඇයට ප්‍රසන්නව මුණ ගැස්සුවේ චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂවරයකු වූ සුමිත් මුදන්නායකයි. ප්‍රසන්නත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඔහු මේ දක්වා චිත්‍රපට 12 ක පමණ සටන් අධ්‍යක්‍ෂවරයකු ලෙසින් කටයුතු කරලා තියෙනවා.

ප්‍රසන්න දැනට යුද හමුදාවේ වූෂු සටන් උපදේශකවරයකු ලෙසින් කටයුතු කරනවා. නුවන්ගී ප්‍රසන්නගෙන් වූෂු සටන් කලාව හදාරන කාලයේ ඔවුන් දෙදෙනාටම නොදැනී පෙම්වතුන් බවට පත් වෙලා. ඒක විවාහය දක්වා ගෙනියන්න ‘කපුකම’ කරලා තියෙන්නේ සුමිත් මුදන්නායකයි.

නුවන්ගී ගේ විවාහ උත්සවය පැවැත්වූයේ කෝට්ටේ ‘සෝලීස්’ උත්සව ශාලාවේයි. ඇයව ලස්සනට හැඩ ගැන්වූයේ රූපලාවණ්‍ය ශිල්පිනී අරුණි සිල්වායි. මංගල උත්සවය ආවරණය කළේ ඡායාරූප ශිල්පි ශාන්ත හෙට්ටිගේයි. වීඩියෝ කරණය සඳහා අනුග්‍රහය දැක්වූයේ කෝම්මල ගේයි.

නුවන්ගී ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියක් ලෙසින් ද නොබෝදා කලා ලොවට එක්වූවාය. ඒ ඉදිරියේ දී විකාශනය වීමට නියමිත ඈ නිෂ්පාදනය කළ ‘වීදුරු මලක්’ ටෙලි වෘතාන්තයෙනි.


කොහොමද ප්‍රසන්න සහ ඔබේ මුණ ගැසීම සිද්ධ වුණේ?
බත්තරමුල්ලේ තිබුණු ඔහුගේ වුෂූ පංතියට මං ගියා. එතන්දියි දැන හඳුනගන්නට ලැබුණේ. හැබැයි මං එතන ඉගෙන ගන්න කාලයේදී ඔහු මට සැලකුවේ ශිෂ්‍යයකු හැටියට පමණයි. එතැනින් එහා ගිය කිසිදු දෙයක් අඩුම තරමේ වෙනස් ආකාරයෙන් මා දිහා බැලුවේවත් නැහැ. එතැනින් මං ඉවත් වූ පසුයි මේ සම්බන්ධය ඇති වුණේ.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?
ප්‍රසන්න අයියාම තමයි. මං හා කියපු ගමන් ඔහු අපේ ගෙදර ඇවිත් අහලා ගෙදර අයගෙත් කැමැත්ත ගත්තා.

මොකක්ද ඔහුගෙන් ඔබ දුටු විශේෂත්වය?
කෙලින් වැඩ කිරීම, ඔහු හරිම අවංකයි. මගේ තාත්තා වගේම ඔහු මාව ආරක්ෂා කරනවා. ඒ වගේම මට පණ මෙන් ආදරෙයි. මං බලාපොරොත්තු වුණ ආදරය ඔහු ළඟ නොඅඩුව තියනවා.

විවාහයෙන් පසුව කොහෙද ඔබ දෙපළ පදිංචි වන්නේ?
හෝකන්දර අලුත් ගෙයක් හැදුවා. එහෙ.

පසුගිය කාලේ විකාශය වූ තරු පිරි අහස නාට්‍යයේ ඔබ දර්ශන කිහිපයකදී කැමරාව ඉදිරියේ විවාහ වුණා. ඒක ප්‍රසන්න දැක්කද?
නැත්තං. එයා මුකුත්ම කිව්වේ නැහැ. ක්ෂේත්‍රය ගැන ඔහුට හොඳ අවබෝධයක් තියනවා. ඒක විතරක් නෙවෙයි මං රඟපාපු නාට්‍ය ගොඩක් ඔහු නරඹලා තියනවා.

කොච්චර ආදරේ කළත් ප්‍රසන්න ඔබට එක් දෙයක් නිසා බනිනවා. ඒක ගැන කියන්න කැමතිද?
මං වැඩක ඉන්න කොට හරි එළියට ගියාම හරි ඔහුට කෝල් කරන්න අමතක වෙනවා. අන්න ඒකට තමයි ඔහු බනින්නේ. දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරනවා මං.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?
ප්‍රසන්න මට හොද මහත්මයෙක්. එ වාගේම මගේ අම්මට පුතෙක්. එවන් කෙනෙකු ලබන්න මං පින් කරලා තියනවා. මැරෙනකම්ම අපි දෙන්නා එකට ඉන්නවා.

ප්‍රසන්න – නුවන්ගි යුවලට අපි උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරනවා.
 
Related Posts with Thumbnails