Ads 468x60px

.

කටානම හැඬ වූ මාරක රිය අනතුර...

මගේ දූ කළු සායක්ම ඉල්ලුවේ මේ ගමන යන්න ද? 
- කඳුළු පිරි දෙනෙතින් මව විලාප තබයි...

කිසිවක් නොදන්නා ගානට ඩ්‍රයිවර් වහනෙත් හංගලා නනා ඉඳලා...
ගම්වාසීන් පහරදී ‍පොලීසියට භාර දීලා...

මම වැඩට යාමට සූදානම් වන විට දුව කිව්වා අම්මේ මට හවසට ටියුෂන් පන්තියට අඳින්න කළු සායක් දෙන්න කියලා. මම කිව්වා ඇයි දුවේ කළු සායක් අඳින්නේ, පාට සායවල් තියෙනවානේ, පාට එකක් අඳින්න කියලා. 


අනේ දෙයියනේ මගේ දුව මගෙන් කළු සායක් ඉල්ලුවේ මේ ගමන යන්නද? මේ මුළු ගේම එළිය කළේ ඔයා නේද ? ඇයි ජේසුනි, ඔබ වහන්සේ මගේ රෝස කැකුල උදුරා ගත්තේ ? ඇයි දෙයියනේ, කටාන, කඳවල ප්‍රදේශයේ වූ රිය අනතුරකින් මිය ගිය දියණියගේ දුක දරා ගත නොහැකිව රජිකා සේනානි මහත්මිය හැඩූ කඳුළින් පැවැසුවාය.

වෑන් රථයක් හා පාපැදියක් පෙරේදා 22 සවස එකින් එක ගැටීමෙන් පාපැදියේ ගමන් ගත් තිදෙනාගෙන් දෙදෙනෙක් මියගොස් එක් අයෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු
නා.


මියගොස් ඇත්තේ කඳවල කටාන පදිංචි ගිල්බට් මාර්ක් ප්‍රනාන්දු (අවු 63) නමැති  ලොකු තාත්තා සහ සිත්මි නටාසා (අවු. 13) නමැති ඔහුගේ මිනිබිරියකි. රෝහල් ගත කර ඇත්තේ කාවින්දි නවර්තානා (අවු. 08) නම් තවත් මිනිපිරියකි.


සිත්මි නාටාසා පවු‍ලේ වැඩිමලාය. ඇයට බාල කාවින්දි නවර්තානා (අවු.8) නැගණියක්ද  සමිත් නවින් (අවු.05) නමැති බාල සොහොයුරෙක්ද සිටිති.





මේ දරු තිදෙනාගේ මව් පිය දෙදෙනා රැකියාවට ගිය පසු එම දරුවන් රැකබලා ගන්නේ චරිත ඉරෝෂන (පියාගේ) තාත්තා හා අම්මා විසින් අනතුරින් දරුවන් තිදෙනාගේ ලොකු තාත්තා (සීයා) වන ගිල්බට් මාර්ක් ප්‍රනාන්දු යන අයද මිය ගොස් ඇත. වෘත්තියෙන් බුල්ඩෝසර් ඔපරේටර්වරයකු වූ ගිල්බට් මේ දැරියන් දෙදෙනාගේ අවශ්‍යතාවයන් සොයා බලා ඉටුකළේය.

පාස‍ලේ සිට ගෙදර පැමිණි දරු දෙදෙනාව  අමතර පන්තියට රැගෙන යන්නේ ද ඔහු විසිනි. ඔහුට ත්‍රිරෝද රියක්ද ඇත. දැනට මාසයකට පමණ පෙර එයද දරු දෙදෙනා අමතර පන්තියට රැගෙන යාමේදී අනතුරකට ලක්විය. එම අවස්ථාවේදීත් සිත්මි නටාසා දැරිය තුවාල ලැබුවාය. මේ හේතුව නිසාම ගිල්බට් තාත්තාගේ ත්‍රිරෝද රියෙන් දරුවන්ව පන්ති ගෙන යාම නතර කර පසුව  පාපැදියෙන් ගෙන යන්නට විය.


සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාවින් නවර්තනා දැරියද කොළඹ ජාතික රෝහ‍ලේ  ප්‍රතිකාර ලබමින් සිට දැනට මීගමුව රෝහලට මාරු කර එවා ඇත.දරුවන්ගේ අම්මයි තාත්තයි වැඩට යන නිසා මේ දරුවන් වැඩිපුර හැදුනේ අපි දෙදෙනා ළඟ. 


මිය ගිය දරුවා මම කුඩා අවධියේ සිටින විට මම කකුල් දෙකේ දාලා නළවනවා. මගේ කකුල්වල කර ගැට එනකම් මේ දරුවව නලවලා තියෙනවා. දැන් ඉතින් මට මේ මල් කැකුල නැති වුණා. මගේ මුළු බලයම නැතිවුණා. මගේ මිනිහා මට නෑ. මගේ දුව මට නෑ. මේ දේ කරපු ඔය තිරිසනාටනම් හොඳක් වන්න එපා,” මිය ගිය දැරියගේ ආච්චි පැවැසීය.

සමිත් නවින් ප්‍රනාන්දු මේ පවු‍ලේ බඩපිස්සාය. අවු 5 මාස 6ක් වයසැති නොදරුවාට කිසිම  දෙයක් ගැන එතරම් වැටහීමක් නැත. පුටුවක වාඩි වී සිට කෙළි දෙලෙන් පසු වූ මේ දරුවා මෙසේ පැවැසීය.


“අපේ අක්කා මට හවසට අකුරු කියලා දෙනවා. කනෙන් ඇදලා අකුරු කිව්වේ නැත්නම් ගහනවා. මට ටොපි, වෙරලු ගෙඩි ගෙනත් දෙනවා. අක්කා හරි හොඳයි. බිගන ආපු මිනිහෙක් වෑන් එකකින් අක්කිලාව හප්පලා. අක්කිලා ඉස්පිරිතා‍ලේ” තම අක්කා මේ දරුවාගෙන් සදහටම ඈත්ව ඇති බව මේ දරු පැටියට දැනෙන දවසක් එනවා නේද ?


විද්‍යාලංකාර විදුහ‍ලේ නියෝජ්‍ය විදුහල්පති කැලුම් ඒකනායක මහතා විදුහ‍ලේ බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකාවක්. නර්තනයට දක්ෂයි. නැටුම් තරගවලට ඉදිරිපත් වෙනවා. බාහිර ක්‍රියාකාරකම්වලට වගේම ඉගෙනීමටද දක්ෂකම් දක්වනවා. ගුරුවරුන්ට කීකරු විනයගරුක ශිෂ්‍යාවක්. නිතරම සතුටින් සිනාමුසු මුහුණින් සිටියා. අනෙකුත් දරුවන් සමග එකමුතුව වැඩකිරීමේ හොඳ හැකියාවක් තිබුණා.


22 දා පස්වරුව වනතුරුම දරුවාගේ දේහය නිවසට ගෙනවිත් තිබුණේ නැත. එහෙත් හද කම්පා කරන මෙම සිද්ධිය ඇසු ඇසු සියලු දෙනාම එම නිවසට රොක්වන්නට වූහ. මෙම බරපතළ අපරාධය කිසිවක් නොදන්නා ලෙස වාහනයද සඟවා නිවසේ සිට ජලස්නානය කරමින් සිටි සැකකාර රියැදුරුට ගම්වාසීන් පහරදී ‍පොලීසියට භාර දී
තිබුණා.
 
Related Posts with Thumbnails