Ads 468x60px

.

බෞද්ධයන්ටත් කසාද 5ක්...?

මුස්ලිම් ජාතිකයන්ට කසාද තුන හතරක් කරගත හැකි නම්...

ඇයි අපට බැරි...

බෞද්ධයන්ටත් කසාද පහක් කරගැනීමට හැකිවන ලෙස මෙරට කසාද නීතිය වෙනස් කළ යුතු යැයි "බොදුබල සේනා" සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරනවා. 

මෙරට කසාද නීතිය එලෙස වෙනස් කරන්නැයි උන්වහන්සේ ප්‍රකාශ කෙළේ පෙරේදා (22දා) සවස කොළඹ බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. 

එකම රටක ජාතීන් දෙකකට නීති දෙකක් තිබිය නොහැකි බවත්, මෙරට මහ ජාතිය, සුළු ජාතියක් බවට පත්කිරීමට මුස්ලිම් බලවේග එළිපිට ක්‍රියාත්මක වුවද, එයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් ක්‍රියා නොකිරීම රටේ පරිහානිය බවත් ඥානසාර හිමියෝ පැවසුවා.

මුස්ලිම් ජාතිකයන්ට කසාද තුන හතරක් කරගත හැකි නම් බෞද්ධයන්ටත් එයාකාරයෙන් විවාහ වැඩි සංඛ්‍යාවක් කරගත හැකිවන සේ

නීතිය වෙනස් විය යුතු බව අවධාරණය කරන උන්වහන්සේ අරාබියේ සිටින කෝටිපති ව්‍යාපාරික මුස්ලිම්වරුන් කල්ලි ගැසී ලාංකික බෞද්ධයන් අන්‍යාගමිකකරණය කරමින් සිටින බවද කීහ.

රට අභ්‍යන්තරයේ ගැටලු ඇතිකිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතු වන අතරම විදේශ බලවේගවලට යට නොවී ඒවා හෙළිදරව් කිරීම රටේ වගකීමක් බවද ඒ හිමියෝ පැවැසූහ.

රටේ විවිධ ප්‍රශ්නවලදී ඉදිරියට එමින් විරෝධතා දැක්වීම හේතුවෙන් අද වන විට "බොදුබල සේනා" සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසින් හැඳින්වීමට ඇතැමුන් ක්‍රියාකර ඇති බව ඥානසාර හිමියෝ පැවැසූහ.


ලාංකික බෞද්ධයන්ට නිදහසේ මේ රටේ ජීවත් වීමට ඉඩ සැලසෙනතුරු සිය සටන අත්නොහරින බවද බොදු බල සේනා සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ
කරනවා.

තවත් ප්‍රමාද නොවී ප්‍රේමනාත් සම්බන්ධයෙන් මෙරට රජය ක්‍රියා කරන්නේ නම්, ප්‍රේමනාත් දංගෙඩිය යෑම වැලැක්විය හැකිය..

වසර 3 කට ආසන්න කාලයක් සෞදි අරාබියේ ලොරි රථ රියදුරෙකු ලෙස සේවය කල ප්‍රේමනාත් පෙරේරා (38) ලංකාවට පැමිණෙන්නට මාස තුනක් තිබියදී එරට 'උමුල්මහාමි' පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ බුදුන් වහන්සේගේ පින්තුරයක් ලග තබාගෙන එයට මල් පුජාකොට, පහනක් දැල්වීමේ වරදට හා එම පුජා භාණ්ඩ ලග තබා ගැනීමේ වරදට බව වාර්තා විය. 

එසේ ක්‍රියා කිරීම ෂරියා නීතිය යටතේ හිස ගසා දැමීම තරම් දැසි දඬුවමක් ලබාදෙන්නට ප්‍රමාණවත් වේ. ඒ අනුව අරාබියේ නෛතිකමය තත්වයක් යටතේ ප්‍රේමනාත් නොදැන හෝ සිදුකොට ඇත්තේ බරපතල වරදකි. ප්‍රේමනාත් යුද හමුදාවේ විශ්‍රාම ලබා පසුව ව්‍යාපාරයක් පටන් ගත්තද එයද අසාර්ථක විය. 

පුංචි දියණිය මලීෂාත්, පුතා රශ්මිකත් දකින විට ප්‍රේමනාත්ට නිතරම සිතුනේ විදෙස් ගතවීම පමණි. අවසානයේ රුපියල් 20,000 සොච්චම් වැටුපකට ,ලොරිරථ රියදුරකු ලෙස ඔහු සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතරට පත්වූවේය. එසේ ඔහු අරාබියේ ගතකට කාලය වසර දෙකකුත් මාස දහයකි . 

ඔහුගේ වීසා බලපත්‍රය අවලංගුවීමට ආසන්න වී තිබුණි.ප්‍රේමනාත් බලා සිටියේ මාස තුනකින් පසුව සැප්තැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමටය. හදිසියේම ප්‍රේමනාත්ගේ නවාතැනට කඩා වැටුණු අරාබි පොලිස් භට කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. 

එපමණක් නොව, ප්‍රේමනාත් සතුව තිබු බුද්ධ පින්තුරයක්, පුජා භාණ්ඩද පොලිසිය යටතට ගැණින. උමුල්හාමි පොලිසියට ගෙනගිය මොහොතේ සිට එල්ල වුයේ අභූත චෝදනා රැසකි . 'උඹ අපේ රටට හූනියම් කරනවා නේද ?' ඔවුහු තරයේ විමසා සිටියහ. හඳුන්කුරු හා පහන් දැල්වීමෙන් ගුරුකම් කරන බවට පොලිසිය විශ්වාස කර තිබිණි. 

"මං ගුරුකම් කාරයෙක් නෙවෙයි, මං කලේ මගේ ආගම ඇදහීම" ඔහු දන්නා අරාබියෙන් පැවසුවත් පොලිසිය මායිම් කලේ නැත. ආපසු නවාතැනට එනවා වෙනුවට ප්‍රේමනාත්ට සිදුවුයේ හිරබත් කන්නටය. උදේ සිට රෑ වන තෙක් වධබන්දන, ප්‍රශ්න කිරීම්වල අවසානයක් තිබුනේ නැත. 

අවසානයේදී තම රට තුල අන්‍යාගමික නායකයන් ඇදහීමේ වරදට ඔහුව රඳවා ගන්නට පොලිසිය සමත්විය. ප්‍රේමනාත්ට සිදුවූ මේ අනපේක්ෂිත විපත ඔහුගේ මව හා බිරියට දැන්වූයේ ඔහුගේ සමීපතම මිතුරෙකි. ප්‍රේමනාත් ලංකාවට අමතුවේද ඒ මිතුරා මාර්ගයෙනි. ප්‍රේමනාත් වෙනුවෙන් ඔහුගේ මිතුරා මුළු අරාබිකරයේම ඇවිද්දත් ප්‍රේමනාත් වෙනුවෙන් උපකාර කල හැකි අයෙක් සොයාගත නොහැකි විය. 

උමුල්හාමි පොලිසියෙන් ප්‍රේමනාත්ට විරුද්ධව නඩු පැවැරුහ. නඩුවාර තුනකින් පසුව ෂරීයා නීතිය මගින් ඔහුව වරදකරුවකු බවට තහවුරු කෙරිණ. එපමණක් නොව ඔහුගේ වසර ගණනක් පුරා දහදිය මහන්සියෙන් උපයාගත් සියල්ල අරාබි රජය සන්තකයට පවරා ගැනුණි. ප්‍රේමනාත්ව මාරයාගෙන් ගලවා ගන්නට ඔහුගේ මවත් ,බිරියත් අපමණ වෙහෙසුණහ.

එනිසා ඔවුන් තීරණය කලේ මේ සම්බන්ධයෙන් විදේශසේවා අමාත්‍යංශය වෙත සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට දැනුම්දීමටය. පදියතලාවේ සිට ඔවුන් කොළඹ රටේ පාරක් තොටක් නොදැන වුවද තම අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රියා කළහ. පළමු දිනයේදී මේ පිළිබඳව එම ආයතන වලින් යහපත් ප්‍රතිචාර ලැබුනේ නැත. දෙවැනි හා තුන්වැනි දිනවලත් ඊට වැඩ වෙනසක් නොතිබිණි.සිදුවුයේ රස්තියාදුව පමණි. 

CN/158/1205 යටතේ විදේශ සේවා කාර්යාංශයේ පැමිණිල්ලක් දැමුවද ඒ පිලිබඳ කවුරුන් හෝ අවධානය යොමු කලේ නැත.ප්‍රේමනාත් අරාබියේ උමුල්හාමි පොලිසියේ අත්අඩංගුවට පත්වී දින ගණනාවක් ගෙවී ගොස් හමාරය. එහෙත් තවමත් ඔහු බන්ධනාගාරයේය. 

"මට මගේ මහත්තයා හම්බකරපු සත පහක් එපා. මට මගේ මහත්තයා විතරක් ගෙනත් දෙන්න " සංජීවනී රටේම ඉන්නා දේශපාලනඥයන් හමිවී සිය අදෝනාව පැවසුවාය. 

විදේශ කටයුතු අමාත්‍යංශය වෙතද ගියාය. එහෙත් ඒ සැවොම මුනිවත රකිනවා හැර කිසිවක් කලේ නැත. කිරම විමලජෝති හිමියන් ප්‍රමුඛ බොදු බළ සේනා සංවිධානය ප්‍රේමනාත්ගේ බර කරට ගෙන ක්‍රියාකරන්නට පටන් ගත්හ. සංඝයා වහන්සේලා ප්‍රේමනාත් සම්බන්ධව එරට තානාපති කාර්යාලය සමගත් මෙරට අදාළ බලධරයන් හා ආයතන සමගත් කතිකා කළහ. 

"මේ අහිංසක මනුස්සය පෝරකේට යවන්නද ඔබතුමන්ලා බලාගෙන ඉන්නේ ? "උන්වහන්සේ අදාළ ආයතන වලින් විමසද්දී ඔවුහු නිරුත්තර වුහ. කනින් කොනින් ප්‍රේමනාත්ගේ සංවේදී කතා පුවත ජනමාධ්‍ය ඔස්සේ පළවෙද්දී අදාළ බලධරයන්ගේ ව්‍යාජ නිදාශීලී බව බිදුණි. 

"කලබල කරන්න එපා හාමුදුරුවනේ, අපි ඉක්මනට ප්‍රේමනාත් ගැන කටයුතු කරනවා". තානාපති කාර්යාලයත්, විදේශ සේවා අමාත්‍යාංශයත්, විදේශ සේවා කාර්යංශයත් සංඝයා වහන්සේට පොරොන්දු වුහ. දැන් වාරය පැමිණ ඇත්තේ එම ආයතන වල වගකීම හා යුතුකම ඉටු කොට පෙන්වීමටය. 

එකසත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රමිකයන් සම්බන්ධව දක්වා තිබෙන නෛතික ප්‍රඥප්තියට අනුව විදෙස් ගතවන ඕනෑම අයකුට එම රට තුල ආගම ඇදහීමේ නිදහස නීතිමය අයුරින් තහවුරු කොට තිබියදී අරාබියේ ෂරීයා නීතියට අනුව එය වරදක් වී තිබේ. සෞදි අරාබියේ සුපිරි වෙළඳසලක් අසල සිටි ශ්‍රී ලාංකික කතක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ ඇය අරාබි දැරියක් දෙස බලා ගුරුකම් කළා යැයි සැකයෙනි.

මෙවැනි උදාහරණ මැදපෙරදිග රටවලින් තවත් පෙන්වාදිය හැකිය. තව තවත් ප්‍රමාද නොවී මේ සම්බන්ධයෙන් මෙරට රජය ක්‍රියා කරන්නේ නම්, ප්‍රේමනාත් දංගෙඩිය හමුවේ අසරණ නොවේ. එවිට හිස් අතින් හෝ පැමිණ ප්‍රේමනාත්ට තම පවුලේ ආදරය මැද තමාට ඉතිරි වූ ජීවිතය පමණක්වත් බෙදා හදා ගන්නට හැකිවේ. 

කතකට සුරයක් විකිණීමට තැත්කිරීමේ දී අත්අඩංගුවට පත්වුණා - විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ සෞදි අරාබියේ රියාද් නගරයේ දී බුදුන් වඳින අතරතුර අත්අඩංගුවට ගත් ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද කථාවක් බවයි. 

ඔහු හඳුනන කාන්තාවකගේ මාස 02 ක වැටුප් ප්‍රශ්නයක් පිළිබඳව කතාකිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවත්, එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක දී සුරයක් අලෙවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාළ කාන්තාවට රියාල් 2000 ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමග එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය(පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව අත් අඩංගුවට පත් ප්‍රේමනාත් පෙරේරාගේ තුංගසිරි ප්‍රකාශ කල බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 

සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් හා මෙවැනි සම්බන්ධතාවලට නීතියෙන් අවසර නොමැති බවත්, එවැනි අවස්ථාවලදී එරට පොදු ස්ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් එම කාර්යාංශය පෙන්වාදෙනවා.
 
Related Posts with Thumbnails