Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලින් ගුණාත්මක පුහුණුවක් නොලැබේ...

ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි...

එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති...

- අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා කියයි 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලින් බිහි කරන වෛද්‍යවරුන් අන්තර්ජාතික ප්‍රමිතීන් අනුව ඉතාම පහල මට්ටමක සිටින බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවිය අනුබද්ධිත වෛද්‍ය විද්වතුන් පිරිසක් විසින් කල ඇගයීමකදී හෙළි වී තිබේ.

මේ තත්වය කණගාටුදායක නමුත් සත්‍ය බව ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විශේෂඥාවරු  කීපදෙනෙකු  විසින්ද පෙන්වා දී ඇත. මනෝවෛද්‍ය ඩී  වී ජේ හරිශ්චන්ද්‍ර මහතා විසින් පවසන පරිදි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පුහුණුකිරීමේ ක්‍රියාවලිය තුල බරපතල අඩුපාඩු තිබේ. 

මේ තත්වය මෑතකදී, අස්ථි බිදීමක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළ අචලා ප‍්‍රියදර්ශනී නැමති නීති ශිෂ්‍යාවගේ වම් අත වෛද්‍ය සහ හෙද නොසැලකිල්ල නිසා කපා ඉවත්කිරීමට සිදුවීම තුලින්ද  පෙනී යන බව එතුමා පෙන්වා දෙයි. 

අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ දී ඇත්තේ උගත් වෘත්තිකයෙකුට නොගැලපෙන ඉතා සරල ප්‍රකාශයකි. ඔහු මෙසේ පවසා තිබේ.

"නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති." 

ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යනයට අනුව ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන වෛද්‍යවරු තුල ආචාර ධර්ම (Professional Ethics), ආකල්ප (Attitudes) සහ රෝගියා සම්බන්දයෙන් වගකිමත්වය (Accountability) ඉතාම පහල බව හෙළි වී තිබේ. 

එසේම ලංකාවේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනික ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහත වැටී තිබෙන අතර අප්‍රිකාවේ නයිජීරියාව, උගන්ඩාව, බුරුන්ඩි වැනි, රටවල වෛද්‍ය පීඨ පවා ලංකාවේ වෛද්‍ය පීඨ වලටත් වඩා දර්ශක වලින් ඉදිරියෙන් සිටියි.

- දර්ශිනි විමලසුරිය
 
Related Posts with Thumbnails