Ads 468x60px

.

ඩිවෝස් එක කියන දෙයත් කලාවක් වගේ තමයි - ඉරේෂා කියයි...

එයාට ඕනෑ මගේ ආශාව ඉටු කරල මාව පුදුමයට පත් කරන්න. විස්මයට පත් කරන්න.

ඉතිං ඉරේෂා කොහොමද මේ දවස්වල මානවී ට?
මේ දවස්වල මානවී හදිසි අනතුරකට ලක්වෙලා, මානවී තූර්යා සඟරාවේ මාධ්‍යවේදිනියක්. 

කෙළින් කතාකරන, හිත හයිය චරිතයක්. ඒ හින්දම මානවී හුඟක් ජනප්‍රියයි. ඇත්තටම ඒ වගේ චරිතයක් මට ලැබුණු පළමුවැනි අවස්ථාව තමයි

මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ.
හුඟක් හොඳ ප්‍රතිචාර, ක්‍ෂේත්‍රයේ අයගෙන් වගේම මඟ තොටේදී හමුවන රසික රසිකාවියන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නිළි-ජීවිතය ඔය විදිහට ගතවෙනකොට පෞද්ගලික ජීවිතයේ තොරතුරු මොනවාද?
මම මගේ පෞද්ගලික ජීවිතයට තමයි පළමුවැනි තැන දෙන්නෙ. මට අවුරුදු 3ක පුතෙක් ඉන්නවා. ඒ හින්ද වගකීම් වැඩියි. මහත්තයාගෙනුත් නෑදෑයන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හින්ද මට නිළියක් හැටියට කටයුතු කරන එක අපහසුවක් වුණේ නෑ

ඔයාගෙ සැමියාත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?
නෑ. මේ ක්‍ෂේත්‍රයේ නෙවෙයි මහත්තයා වැඩ කරන්නෙ ප්‍රවාහන අමාත්‍යංශයේ. ඒ වුණාට කලාවට කැමැතියි. රඟපෑමට මාව උනන්දු කරවන්නෙ ඔහු, ගීතයක රූපගත කිරීම්වලට සහභාගි වෙච්ච වෙලාවකයි අපි හමුවුණේ.

ඉස්සර ඉඳලම ඔයා සිහින මැව්වේ නිළියක් වෙන්නද?
ඔව්. නිළියක් වෙන එක පුංචි කාලෙ ඉඳලම මට තිබිච්ච ආසාවක්. ඉස්සර මං මේක් අප් කරගෙන ඉන්න හරිම කැමැතිලු. මං ඒ විදිහට හැඩ වැඩ වෙනකොට බලාගෙන ඉඳල තමයි අම්මා මාව මේ පැත්තට උනන්දු කළේ. මට මතකයි මං පරණ චිත්‍රපටවලටත් හරිම ආසයි. මාලනී ෆොන්සේකා අපේ නිළි රැජනට ඉස්සර වගේ අදටත් මං ආදරෙයි.

ඒ සිහින සැබෑවෙලා නිළියක් වීම ගැන අද ඔයාට මොකද හිතෙන්නෙ
ලොකු සතුටක් දැනෙනවා. ඒත් මම නිළි-කම ඔළුවෙ තියාගෙන නෑ. මං මහ පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක්. මහ පාරෙ බැහැල ගියත් අනෙක් අය වාගෙ මමත් සාමාන්‍ය ගැහැනියක්.

විවාහක නිළියන්ට ගොඩක් වෙලාවට කාර්යබහුලකමත් එක්ක පෞද්ගලික ජීවිතයේ ගැටලු මතු වෙනවානෙ?
මට නම් මගේ පෞද්ගලික ජීවිතයේ එහෙම ගැටලු මතුවෙලා නෑ. අනෙක් එක මම නිළියක් කියල මගේ පෞද්ගලික ජීවිතය අමතක කරල කාර්යබහුල වෙන්න කැමැතිත් නෑ. අඹු සැමියො හැටියට අපි අතරෙ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හින්ද අපි ආදරයෙන් සතුටින් ජීවත් වෙනවා. එයාට ඕනෑ මාව විස්මයට පත් කරන්න.

ඒ කියන්නෙ.?
මගේ කැමැත්ත, ආශාව ඉටු කරල මාව පුදුමයට පත් කරන්න. විස්මයට පත් කරන්න. පහුගිය ඔක්තෝබර් 16දා මගේ උපන් දිනය දවසෙත් ඒ වගේ දෙයක් සිදුවුණා. මම මගේ උස ප්‍රමාණයේ ෆොටෝ එකකට ආසාවෙනුයි හිටියෙ. මගේ ඒ ආසාව කොහොම හරි දැනිල එදා මට මගේ උසටම මගේ ෆොටෝ එකක් තෑගි දුන්නා. ඒ වගේ දේවලින් මං ලොකු සතුටක් අත් විඳිනවා. විශාල ආදරයක් ඇති වෙනවා.

ඒත් මේ කාලයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නෙ කලාකරුවන්ගෙ පවුල් අවුල්, ප්‍රේමය බිඳවැටීම් වගේ දේවල්නෙ. එහෙම වටපිටාවක ඔයාගෙ හිතත් තිගැස්සෙන් නැද්ද?
ඩිවෝස් කියන දෙයත් කලාවක් වගේ වෙලා තමයි. ඒත් අවබෝධය විශ්වාසය තියෙනවා නම් ඒ වගේ දේවල් වෙන්නේ නැහැනෙ. ආදරේ කරන එක සෙල්ලමක් කරගන්න නරකයි. ආදරය කියන්නෙ උතුම් දෙයක්. ඒ උතුම් බව නැති කරන්න හොඳ නෑ.

ආදරය ඔයා දකින්නේ මොන විදිහටද?
දෙන්නකු අතරේ තියෙන විශ්වාසයට, අවබෝධයට ඒක බොහොම වින්දනීය සුන්දර හැඟීමක්. වචනවලින් විස්තර කරනවාට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. මට නම් ආදරේ කියන දේ ඕනෑමයි. අපි වැඩි වයසට පත්වෙනකම් මවුපියන්ගෙ ආදරය ලබනවා. ඊට පස්සේ පෙම්වතුන් හැටියටත් විවාහයෙන් පස්සේ අඹු සැමියන් හැටියටත් දරුවො ලැබුණට පස්සෙ මවුපියන් හැටියටත් විවිධාකාරයෙන් ජීවිත කාලය තුළ ආදරය භුක්ති විඳිනවා.

 
Related Posts with Thumbnails