Ads 468x60px

.

නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ.

විවිධ රටවලින් කාදිනල්වරුන් 116 දෙනෙක්..

මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉදිරි සතියේ රෝමය බලා පිටත් වෙනවලු...

16 වැනි ශුද්ධ වූ බෙනඩික්‌ට්‌ පාප් වහන්සේ විශ්‍රාම ගැනීමෙන් අලුතින් පාප්වහන්සේ පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්දයට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද සහභාගි වනවා.

මෙම පාප් තනතුර සඳහා ලෝකයේ විවිධ රටවලින් කාදිනල්වරුන් 116 දෙනකු ඉදිරිපත්
වීමට නියමිතයි. ඉතාලියෙන් පමණක්‌ කාදිනල්වරු 21 දෙනෙකු සහභාගි වෙන බව කොළඹ අගරදගුරු මැදුරේ ආරංචි මාර්ග පවසනවා.

මීට පෙර පාප් තනතුරුවලට පත්වූ වැඩි දෙනෙකු සුදු ජාතිකයෝ වීම නිසා මෙවර පාප් තේරීමේදී නව මුහුණුවරක්‌ ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙනවා. නව පාප් වහන්සේ තෝරා ගැනීම පාස්‌කුවට කලින් සිදුවිය හැකි බව අගරදගුරු මැදුර
පවසනවා.

නව පාප්තුමන් තෝරා පත්කර ගන්නා අවස්‌ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉදිරි සතියේ රෝමය බලා පිටත් වෙනු ඇත.

පාප් තනතුර සඳහා වන ඡන්දයට කාදිනල්වරු සහභාගි වෙන රටවල් අතරින් යුරෝපයෙන් 61 දෙනෙකුද, ලතින් ඇමරිකාවෙන් 19 දෙනකුද, උතුරු ඇමරිකාවෙන්ද 14 දෙනෙකුද, අප්‍රිකාවෙන් කාදිනල්වරු 11 දෙනෙකුද, ආසියාවෙන් කාදිනල්වරු 11 දෙනෙකුද ඉදිරිපත්
වනවා. මෙම 11 දෙනාට ශ්‍රී ලංකාව වෙනුවෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා අයත් වනවා.
 
Related Posts with Thumbnails