Ads 468x60px

.

කවදහරි මම අම්මගෙන් වෙන්වෙලා යන එක එයාට උහුල ගන්න බැරිලූ, අතුල - සමිතාගේ දුව කියයි.

වයසට යන එකට අම්මා අකමැතියි...

සමිතා - අතුල  කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටිනවා. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය මෙලෙස ගායනයට පැමිණි ප‍්‍රථම  අවස්ථාව මෙය වන අතර යුග ගීතයක් ගයමින් ඇය මෙලෙස ගායනයට පිවිස සිටිනවා.

ලසිත ජයනෙත්ති ආරච්චිගේ පද රචනයට තනුව හා සංගීතයෙන් ප‍්‍රසන්න දිසානායක දායකවූ  මෙම ගීතය කවින්ද්‍යා සමග ගයනු ලබන්නේ අමිල පෙරේරායි.


ඇය ගායනයට සුවිශේෂී හැකියාවක් ඇති ශිල්පිණියක වන බව ඔවුන් ඉඳුරාම පවසන දෙයකි. මෙම ගීතය අද සිට වී එෆ්. එම්. රේඩියෝ විකාශයට පමණක් සීමා නොවී, දිවයිනේ සියලූම එෆ්.එම්. නාලිකා ඔස්සේ ප‍්‍රචාරය කෙරෙනවා.

මේ ගායන ක්‍ෂේත‍්‍රයේ ආ මේ භද්‍ර යෞවනයේ හැඩකාරිය කවින්ධ්‍යා සමග කල කතා බහක්.

කවින්ධ්‍යා සම්පුර්ණ  නම කියමුද?
කවින්ද්‍යා දේවින්දි අධිකාරි.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?
සාමාන්‍ය පෙළ විභාගය ලියලා දැන් එහි ප‍්‍රතිඵල අපේක්‍ෂාවෙන් ඉන්නේ.

කොහොමද විභාගය හොඳට ලිව්වද?
ඔව්. අධ්‍යාපනයට මුල්තැන දෙන්න  ඕනෑ.

විභාගය සමත්වෙලා, ඊට පස්සේ මොනවගේ ඉලක්කයක්ද තියන්නෙ.?
කවදාහරි   ගුවන්සේවිකාවක වීම අරමුණයි.

කවින්ධ්‍යාගේ වයස කීයද?
අවුරුදු 16යි.

ඔබ වැඩිපුර අහන්න ආස බටහිර ගීත නේද?
ඔව් ජස්ටින් බීබර් සහ  රිහෑනා ඇතුළු බොහෝ අයගේ ගීත අහන්න කැමතියි.

ඔයා බටහිර ගීත ගයන්නත් දක්‍ෂයි කියා ආරංචියි.
බොහෝ වෙලාවට නිදහසක් ලැබුණාම බටහිර ගීත ගයනවා.

කවින්ධ්‍යා ඔයාට ඔයා ගැන හිතෙන්නේ කොහොමද?
ගොඩක් සතුටුයි. මම ගොඩක් හොඳයි කියලා හිතෙනවා.

ජීවිතේ ගෙවන්න  ඕනෑ කොහොම කියලද හිතෙන්නෙ?
සතුටින්  හැකි විදියට නැති බැරි අයටත් උදව් කරමින්.

ඔයාගේ අම්මා සමිතා කියන්නේ ඔයා  ඕනෑම දෙයකට මුහුණදෙන්න තරම් ධෛර්යවන්ත යුවතියක් කියලයි ඒ කතාව ඇත්තද?
ඔව්, හොඳ දේ කරන්න හොඳ දේ ඉගෙන ගන්න වගේම හැමෝටම ගරු කරන්න කැමැතියි.

මේ ගීතය සඳහා රූප රචනා කරලද තියෙන්නෙ?
තවම මම පාසල් අධ්‍යාපනය ලබන නිසා ඊට අවසර නැහැ. අවස්ථාව ආවාම එය නිර්මානය වේවි.

ඔයාගේ හඬ මොන ආරයකට හුරුද?
ලස්සන කටහඬක් තියෙන්නේ කියලා අම්මියි. මල්ලියි නම් කීවා.

ඔයා වයසට යන එකට අම්මා අකමැතිලූ නේ?
ඒක නම් ඇත්ත.. එයා ආස. සැමදාම මම මේ වයසෙ ඉන්නවටයි. මොකද කවදහරි මම විවාහ වෙලා එයාගෙන් වෙන්වෙලා යන එක උහුලගන්න බැරිලූ. අම්මගේ ශක්තිය මමයි. මල්ලියිලූ.

කොහොමද ජීවිතේ ගත කරන විදිය?
විවේකයක් ලැබුණාම ලෝකයේ කොහේ හරි රටකට ගිහින් එහි සංචාරය කරමින් විස්තර දැනගන්න කැමතියි.

අන්තිමට කියන්නෙ ඔයා සතු විශේෂිත  හැකියාව මොකද්ද.
සෑම දෙයකටම උපේක්‍ෂාවෙන් මුහුණදීම. වෛර නොකිරීම. 


හංගාගෙන සිටියා....................

පි-    හංගානෙ සිටියා මා සිතක කොනේ
        නොවෙනස් හැඟුමන් ඒ ඔබම කෙරේ
        හීනයෙන් පවා නම කියවුණා ඔබේ
        ඊයෙටත් වඩා අද ආදරෙයි මා
ගැ-   ඔය බැල්මන් මා උමතු කරාවී නොසිතනු මැනවි
පි-    ඔය බැල්මන් මා උමතු කලා පිළිගනු මැනවි
ගැ-   සඳ එළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
පි-    මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා
        හීනයෙන් පවා නම කියවනා ඔබේ
        ඊයේටත් වඩා අද ආදරෙයි මා
පි-    ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
        දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
        සිහින් ඇස් පියන් කොහේදේ රැගෙන යයි
        නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
ගැ-   හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
        ඔය හිත නොහඳුනවා නෙමෙයි
        ජීවිතය  ගැන බයයි
        ආදරයේ....... නිසි අරුත තව සොයයි
පි-    හංගාගෙන සිටියා මා සිතක කොනේ


එහි ඕඩියෝ පටය පහතින්



එලෙසින් පද රචනය වූ එම ගීතය සම්ප‍්‍රදායික ක‍්‍රමයට අනුව නිර්මාණය නොවූවක් බව වී.එෆ්.එම්. සේවය සඳ හන් කරනවා. පද රචනයෙන් දායකවූ ලසිත ජයනෙත්ති ආරච්චිගේ සහ සංගීත නිර්මාණය කළ ප‍්‍රසන්න දිසානායක පවසන්නේ මව මව සහ පියාගේ උරුමය ලද නමුත්, කවින්ධ්‍යා තමාගේ ගායන හැකියාව අපූරුවට ඉස්මතු කළ අවස්ථාව මෙය බවය.
 
Related Posts with Thumbnails