Ads 468x60px

.

දරුවට කුකුළෙක්ට වගේ තැලුවා මදිවට දැන් දොස්තරලා ලොකු බොරුවකුත් ගෙනියන්න හදනවා

නවලෝක වෛද්‍යවරුන් මරණයේ වගකීම මියගිය දැරියටම පටවයි...

මගේ සුදු දුව මම දැක්කේ නිල් වෙච්ච කළුම කළුවෙච්චි ලොකු බඩක් එක්ක...

කොළඹ නවලෝක රෝහලේදී එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුකොට ගෙන බුද්ධිනී කෞෂල්‍යා නැමැති සිඟිති දැරිය මියගිය ශෝචනීය පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව අපට වාර්තා වන පරිදි එම රෝහලේදී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවට භාජනය කළ අවස්ථාවේ මියගිය සිය දියණියගේ මරණය පිළිබඳව රෝහලේ ඉන්න වෛද්‍යවරුන් සත්‍යය අනාවරණය නොකරන බවට එම දැරියගේ දෙමාපියෝ චෝදනා කරනවා.

ප්‍රතිකාර ලබාදීම පිණිස රෝහලට ඇතුලත් කරන ලද බුද්ධිනී කෞශල්‍යා දියණිය ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදුව මියගිය බව දැරියගේ මව චමිලා ඒකනායක කියා සිටියා.


‘රෝහලේ ඉන්න වෛද්‍යවරුන් ලොකු බොරුවක් ගෙනියන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන් කියන්න හදනවා මේ බබාට උත්පත්තියේ ඉඳන් වලිප්පු රෝගයක් තිබුණා, තදබල ස්නායු රෝගයක් තිබුනා නමුත් එහෙම තත්ත්වයක් වෙලා නෑ’ යනුවෙන් ඇය කියා සිටිනවා.

සාමාන්‍ය අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලට රැගෙන ගිය සිය දියණියගේ ජීවිතය අහිමි වීමේ වගකීම නවලෝක රෝහලේ වෛද්‍යවරුන් සහ කළමනාකරණය භාර ගත යුතු බව චමිලා ඒකනායක මාතාව අවධාරණය කරනවා.

“එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයට ළමය දීල විනාඩි දහයකින් මගේ සුදු දුව මම දැක්කේ නිල් වෙච්ච කළුම කළුවෙච්චි ලොකු බඩක් තියෙන දරදඬු සිරුරකින්,” ඇය තව දුරටත් කියා සිටියා.

වෛද්‍යවරුන්ගේ හෝ රෝහලේ වරදක් නොමැති නම් දරුවාට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවට පොරොන්දු වූයේත්, තමන්ට පවා නොදන්වා නොමිලේ අවමංගල රථයක් සැපයීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළේත් මන්දැයි ඇය ප්‍රශ්න කරනවා.

සිදුවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාටද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පවසන දැරියගේ මව, මුදලට සහ බලයට යට නොවී සාධාරණ පරීක්ෂණයක් පැවැත්වුවහොත් තමන්ට සාධාරණයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු පළ කරනවා.



මගේ දරුවට කුකුළෙක්ට වගේ තැලුවා - ස්කෑන් යන්ත්‍රයේ දෝෂයෙන් මියගිය සිඟිතියගේ මව කියයි
 
Related Posts with Thumbnails