Ads 468x60px

.

නිදහස් දා ජාතික කොඩියත් විකෘති කරලා...

ජාතික කොඩිය විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා...

පිටකොටුව ප්‍රදේශය තුල මහා පරිමාණයෙන්...

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා බෙදා හරින බවට 'බොදු බල සේනා' සංවිධානයට ලැබුන පැමිණිල්ලකට අනුව එම සංවිධානයේ විමර්ශන කණ්ඩායම් පිටකොටුව ප්‍රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.

ජාතික කොඩියට මෙලෙස අපහාස කරන පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න ලෙසත් ඉදිරියේදී ජාතික කොඩිය මුද්‍රණය, බෙදා හැරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම පිලිබඳව ගැලපෙන ප්‍රමිතියක් ඇති කරන ලෙසටත් බොදු බල සේනා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරියේදී ජාතික කොඩියට ගරු කරන පරිසරයක් නිර්මාණය කිරීමට දැනුවත් කිරීම් හා පුහුණු වීම් කිරීමට තම සංවිධානය ඉදිරියේදී කටයුතු කරන බවද 'බොදු බල සේනා' සංවිධානය පවසනවා.

එම සංවිධානය නිකුත්කළ නිවේදනයක එබව සදහන්
වෙනවා. එම නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.

'ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය හෝ ධජය යනු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිර්වචනය කරනලද පැහැදිලිව චිත්‍රණය කොට නිරුපනය කර ඇති කරුණකි. එය හිතමතා හෝ නොදැනුවත්ව යම් වෙනසකට ලක් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

පසුගියදා බොදු බල සේනාවට ලැබුන පැමිණිල්ලකට අනුව ප්‍රකාශ වුයේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා බෙදා හරින බවය. ඒ අනුව බොදු බල සේනාව පිටකොටුව ප්‍රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගන්නා ලදී.

මේ සොයා බැලීම සඳහා ගිය බොදු බල සේනා විමර්ශන කණ්ඩායමට පහරදීමට යම් මැර කණ්ඩායමක් උත්සහ ගනු ලැබිණ. මේ සියලු කරුණු ශාක්ෂි සහිතව ඉදිරිපත් කල හැක. 


ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ජාතික කොඩිය.


වෙනස් කරන ලද ජාතික කොඩිය 

 
Related Posts with Thumbnails