Ads 468x60px

.

අනාගත මාමණ්ඩියගේ වියෝව නිසා දෙහිතක් නැතුවම උපන් දින සාදය කල් දැමු නිළිය...

හෙට වුණත් බඳින්න මම කැමැතියි...

ජනවාරි 31 කියන්නේ කලා ලෝකයේ ජනප්‍රිය තරු තුන් දෙනෙක්ගේ උපන්දිනය යෙදුණ දවසක්. ඒ චිලී, සාරංග සහ ආක්‍ෂා සුධාරී.සාරංග උපන්දිනය දවසේ එයාගෙ ගීතයක් එළිදැක්වූවා. 

ආක්‍ෂා එයාගෙ උපන් දිනය කොළඹ කිංග්ස්බර් හෝටලයේ මහ ඉහළින් සමරන්න පිඹුරුපත් සැකසුවා..... 31 වැනිදා ඉපදුණාට උපන් දින සාදය සූදානම් කරලා තිබුණේ දෙවැනිදා.....

ආක්‍ෂා ජනප්‍රිය නළු කාවිංග පෙරේරාගේ පෙම්වතිය කියලා කවුරුත් දන්නවා. පසුගිය සතියේ 29 වැනිදා කාවිංගගේ පියා සදහටම නෙත් පියා ගත්තා.... තමන්ගේ අනාගත

මාමණ්ඩියගේ වියෝව නිසා ආක්‍ෂා දෙහිතක් නැතුවම උපන් දින සාදය කල් දැම්මා..... කල්ගිය උපන් දින සාදය පසුගිය සිකුරාදා (8දා) ආයෙමත් කලා ලෝකයේ හිතවතුන් සමඟ සැමරුවා.

'හෙට වුණත් බඳින්න මම කැමැතියි.' මේ අවුරුද්දෙ විවාහ වෙනවාද කියලා අපි අහපු ප්‍රශ්නෙට ආක්‍ෂා දුන්නේ ඒවගේ උත්තරයක්. ඉතිං එහෙම එකේ ආක්‍ෂාගේ අහිංසක ආදර බලාපොරොත්තු ඉටුවෙන්න කියලා අපිට සුබ නොපතා ඉන්න බැහැනේ.
 
Related Posts with Thumbnails