Ads 468x60px

.

දෙමාපියන්ට හොරෙන් පීනන්න දැදුරු ඔයට ගිය චාවික දැදුරුඔය පතුලේම සැඟව ගිය හැටි...

ඒ වන විට උදාවී ඇත්තේ මාරයාගේ හෝරාවයි... 

දිය යටට ගිය පුංචි චාවික යළිත් ඉහළට මතුවී නොපෙනී ගියා...

ළමා වියේදී විවිධ දඟකාරකම් කිරීම ළමා ගතියකි. වැඩිහිටි යන්ට දෙමාපියන්ට හොර රහසේ ඔවුහු යම් යම් දේ කිරීම, අත්හදා බැලීම, ගමන් යැම සිදුකරති. ගසක හැදුණු පලතුරක්‌, වෙලේ මඩේ දිව පැන සෙල්ලම් කිරීම, ගඩා ගෙඩි කඩාගෙන කෑම ගම්බද ජීවත්වන කුඩා ළමයින්ගේ සිරිතක්‌ වී තිබේ. 

පුංචි පුංචි හිතුවක්‌කාරකම් කර වැඩිහිටියන්ට, දෙමාපියන්ට හසුවූ විට ගුටියක්‌ දෙකක්‌ කෑම හෝ වරදට සමාව ගැනීම මෙම වයස්‌ තත්ත්වයේ සිරිතකි.එහෙත් ඇතැම් දඟකාරකම් කිරීමට ගොස්‌ තම ජීවිතය අහිමිකර ගත් අවස්‌ථාද අපට අසන්නට දකින්නට ලැබේ. 

මෙම අනුවේදනීය සිද්ධියද එසේ වූ සිද්ධියකි. බංගදෙණිය වෙහෙර කැලේ නම් ග්‍රාමයේ ජීවත් වූ අයි. එම්. චාවික ශෙහාන් වයස අවුරුදු 15 ක හුරු බුහුටි දරුවෙකි. බංගදෙණිය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ඔහු ඉගෙනුමට දක්‍ෂ සිසුවෙකි.

ඔහුගේ පියා ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ රියෑදුරකු ලෙස රැකියාව කරන අතර මව ස්‌වයං රැකියාවක්‌ ලෙස සිමෙන්ති ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක්‌ කරගෙන යනුයේ වාචික හා ඔහුගේ නැගණියගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආර්ථික ශක්‌තිය ගොඩනැඟීමටය.

දෙමාපියන්ගේ සියලු පැතුම් පසුගිය 9 වැනිදා දැදුරු ඔය පතුලේ සැඟවී ගියේය. පවුලේ එකම පිරිමි දරුවා වූ චාවික ශෙහාන් මිතුරන් පිරිසත් සමග ඔයේ පිහිනීමට ගොස්‌ සිටියදී දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්විය.


අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එදින සෙනසුරාදා දිනයක්‌වූ බැවින් උදැසන සිට තම අසල්වාසී මිතුරන් සමග ගෙවත්තේ ක්‍රීඩා කරමින් සිට ඇති අතර වැඩිහිටි දෙමාපියන්ට රහසේ යෝජනා වූ කටයුත්තක්‌ සඳහා ඔවුහු පිටත් වූහ. ඒ නිවසට මඳක්‌ දුරින් පිහිටි දැදරු ඔය සමීපයටය.

මේ පිරිස ඔයට බැස පීනා දිය නෑමට පටන් ගත්තේ ඔය ඔවුනට හුරු නිසා විය හැක. එහෙත් මෙම ස්‌ථානය දිය නෑමට හෝ පිහිනීමට නුසුදුසු අවදානම් තැනක්‌ බව මේ දඟකාර කොලු ගැටව් අවබෝධ කරගෙන නොතිබිණි. 


ජලය අඩු ඔයේ පිහිනීමට මොවුන් පටන් ගත්තේ තරගෙටය. එහෙත් චාවික හරි හැටි පිහිනීමට නොහැකි වුවත් ඔහු තුළ පැවැති පිහිනීමේ ආශාව නිසා තම මිතුරන් පසුපස ඔවුන් අනුගමනය කිරීමට ඔහු පෙළඹී තිබේ. 

මිතුරෝ ඊට විරෝධය පා ගොඩට යන ලෙස පැවසුවද ඒ වන විටත් මාරයාගේ මුඛය ආසන්නයට ඔහු පැමිණ හමාරය. ඉවුරේ සිට අඩි 40-50 ක්‌ පමණ ඔයේ පිහිනා ගොස්‌ සිටියේ ඔහුටද නොදැනී විය හැක. ඒ වන විට උදාවී ඇත්තේ මාරයාගේ හෝරාවයි. වරක්‌ දිය යටට ගිය පුංචි චාවික යළිත් ඉහළට මතුවී නොපෙනී ගියේ මිතුරන් තැති ගන්වමින්ය.

බියට පත් මිතුරෝ කෑ ගසා ඇත. එහෙත් උදව්වට පිරිස්‌ පැමිණෙන විට අහිංසක සිසු දරුවා ඔය පතුලේ සැඟවී ගොස්‌ අවසානය.

පැමිණි පිරිස්‌ දියට පැන චාවික සෙව්වද ඔහු එම පිරිසට හමුවන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. දෙමාපියන් නෑදැ හිත මිතුරන්ගේ අෙ¹aනා මැද්දේ ඔහුගේ සිරුර ගොඩට ගෙන හලාවත රෝහලට රැගෙන ගියද ඔහුට යළි මෙලොව ජීවත් වීමට වරම් දීමට එහි කිසිවෙකු සමත් කමක්‌ දැක්‌වීමට නොහැකි වූයේ ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන සිටි නිසාය.

දරාගත නොහැකි ශෝකයෙන් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ චාවිකගේ පියා වන අයි. එම්. චමින්ද දනසිරි මහතා, මගේ පුතා පිහිනන්න හරි කැමතියි. එයාට පීනන්න පුරුදු කරන්න කියලා මට හැමදාම කරදර කරනවා. මම පිහිනන්න පුරුදු කළේ නැත්තේ මම නැතිවෙලේ පිහිනීමට යයි කියලා බයටයි. ඔය තියෙන්නේ අපේ නිවසට ආසන්නයේ නිසා එහෙම වුණොත් එයා හැමදාම ඔයට යයි කියලා මම හිතුවා.

ඒ නිසා මම හැමදාම පස්‌සේ බැරියැ කියලා මග ඇරියා. එදා උදේ මම වැඩට යන්න කලින් මගේ "බයික්‌" එක පදින්න ඉල්ලුවා. කවදාවත් මම බයික්‌ එක පදින්න දීලා නෑ. ඒත් එදා මම දුන්නා. එයා බයික්‌ එකෙන් ගිහින් යාළුවෝ එක්‌කගෙන ඇවිත් ගේ ඉස්‌සරහා වත්තේ සෙල්ලම් කරමින් හිටියා. මම වැඩට ගියා. එදා මට වෙන්නප්පුවට යන්න වුණා. එහිදී දැන ගත්තා පුතා ඔයේ ගිලිලා කියලා.

මම මගේ මිතුරන්ට කතා කරලා කිව්වා දරුවා ගැන බලන්න කියලා. මමත් ඉක්‌මනට ගෙදර ආවා. ඒ එද්දී වෙන්න තියෙන සියලු දේ අවසන් වෙලා. පුතා ඉගෙන ගන්නත් දක්‍ෂයි. හොඳට ඉගෙන ගෙන ලොකු රස්‌සාවක්‌ කරන්න ඕනෑ කියලා එයාගේ බලාපොරොත්තුවක්‌ තිබුනා.

එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල දැදුරු ඔයේ සේදී ගහගෙන ගොස්‌ අවසානය. එහෙත් ජීවත්වන අපට චාවිකගේ මරණින් ඉගෙන ගත හැකි බොහෝ දේ පවතී.
 
Related Posts with Thumbnails