Ads 468x60px

.

ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි.ඒක පුදුම ලිංගික එක්වීමක්-සනී ලියොන්

ස්ත්‍රී දූෂණය ගැන ඒ මෝඩ අදහස කවුරු දැම්මද කියලා මම නම් දන්නේ නෑ… 

මම ඒ වගේ කතාවක් කවදාවත්ම කියලා නෑ... වැඩේ වණ කරගත්ත සනී අන්තිමට කියලා...

කැනේඩියානු පෝන් ස්ටාර් කෙනෙක් විදිහට ඉන්න සනී ලියොන්ව නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඒ තරමට ප්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ නියම වදනක් දාලා තියෙනවා ට්විටර් එකේ. හැබැයි ඉතින් දැන් ගිහින් හෙව්වටනම් හම්බවෙන්නේ නෑ. 

මොකද ඒකට හම්බවුණ හොඳ හොඳ ප්‍රතිචාර නිසාම සනී එයාගේ වදන ට්විටර් එකෙන් අයින් කරලා.හැමෝම කල්පනා කරනවා ඇති සනී ඉල්ලන් කාපු මේ වදන මොකක්ද කියලා.

“ස්ත්‍රී දුෂණය කියන්නේ වරදක් හෝ අපරාධයක් නෙමෙයි. ඒක පුදුම සහගත ලිංගික ක්‍රියාවලියක්” කියන වදන තමයි සනී මේ විදිහට ට්විටර් වෙබ් අඩවියේ දාලා තිබුණේ.

මේක දැකපු සනීගේ රසිකයින්ට සනී ලියොන් ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතාගන්න එච්චරම අමාරු වෙන්නේ නෑනේ. කොහොම වුණත් මේකට එක දිගට විවේචනාත්මක පිළිතුරු ලැබෙද්දි තමයි සනීට තේරිලා තියෙන්නේ වැඩේ වැරදුණු බව. හැබැයි ඉතින් ඒ වෙද්දිත් සනී හොඳටම පරක්කු වැඩියි.


මොකද ඉතින් පහුගිය දවසක ඉන්දියාවේ, දිල්ලි නුවර සිද්ධ වුණු සමූහ දූෂණ සිද්ධියේ උණුසුම යන්නත් කලින් මේ වගේ දේවල් කියද්දී ප්‍රතිචාරත් වැඩියිනේ.


මේ දේවල් නිසාම සනී ප්‍රේක්ෂකයින්ට තර්ජනය කරලා ලියලා තිබ්බේ “මේ විදිහට බැනලා ප්‍රතිචාර දක්වන එක නවත්වන්න. ඒ පිළිතුරු අයින් කරගන්න. එහෙමත් නැත්තන් මට සිද්ධ වෙනවා ඔයාලාව අයින් කරලා දාන්න” කියලයි. 


කරන්න දේකුත් නෑනේ… වැඩේ වණ කරගත්ත සනී අන්තිමට කියලා තිබ්බේ “ස්ත්‍රී දූෂණය ගැන ඒ මෝඩ අදහස කවුරු දැම්මද කියලා මමනම් දන්නේ නෑ… මම ඒ වගේ කතාවක් කවදාවත්ම කියලා නෑ” කියලයි.

හැමෝම තමන් කරපු කියපු දේවල් ටික කාලෙකින් “මට මතක නෑ” කියලා කියන එකේ සනී නම් කියලා තියෙන්නේ “මම නම් දන්නේ නෑ” කියලයි. 

සනී මේ වගේ කතාවක් දැම්මේ ප්‍රසිද්ධියට ද එහෙමත් නැත්නම් අත්වැරදීමක් ද කියලානම් හරියටම දන්නේ නෑ. ඒ කොහොම වුණත් සනී මේකට ඇඟිල්ල දික්කරන්නේ කාමල් ආර් ඛාන්ට. 

මොකද ට්වීටර් එකේ ලියලා තිබිලා තියෙන්නේ “Ye lo… Sunny Leone says — Rape is not a Crime, It’s just a Surprise Sex.” කියලයි. හැබැයි මේක ලියලා තියෙන්නේ කාමල් කියලා තමයි සනී කියන්නේ. 

මේ ගැන කාමල්ට එරෙහිව දැඩි පියවරක් ගන්න කියලා සනී පොලීසියේ පැමිණිල්ලකුත් කරලාලු. ඒ දේවල් කොහොම වුණත් මේ අදහස මානසික රෝගයකින් පෙළෙන්නෙක්ගේ කියලා තමයි හැමෝම නම් කියන්නේ.

 
Related Posts with Thumbnails