Ads 468x60px

.

අවිස්‌සාවේල්ල රෝහල් සේවිකාවගේ දවස්‌ පහේ බබාගේ බිස්‌නස්‌ එක වරදියි...

බබා.දවස්‌ 5යි, ගන්නවනම් ලක්‌ෂ 2යි...

අවිස්‌සාවේල්ල මූලික රෝහලේ සුළු සේවිකාවක විසින් දින පහක්‌ වයසැති කිරිකැටි බිළිඳියක රුපියල් ලක්‍ෂ දෙකකට විකිණීමට ගෙන යමින් සිටියදී අවිස්‌සා වේල්ල පොලිසිය විසින් බිලිඳියගේ මව සමඟ බිළිඳිය ඊයේ 10 වැනිදා දහවල් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික ළමාරක්‍ෂක අධිකාරිය මගින් කළ දැනුම් දීමකට අනුව අවිස්‌සාවේල්ල පොලිස්‌ නිලධාරීන් විසින් දරුවා සමඟ
එම කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවාගේ මව සීතාවක කර්මාන්ත පුරේ සේවිකාවක බවත් ඇය දැරණියගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක බවත් පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා.

මෙම දරුවා මිලදී ගැනීමට ඊයේ 10 වැනිදා උදෑසන අවිස්‌සාවේල්ල නගරයට ආසන්න ස්‌ථානයකට ගනුදෙනුකරුවන් කිහිපදෙනකු පැමිණ ඇති අතර ඒ අය දරුවා මිලදී නොගන්නේ නම්

මැදපෙරදිග රටකට විකිණීමට තීරණය කර සිටි බව බිලිඳියගේ මව පොලිසියට පවසා තිබෙනවා.

අවිස්සාවේල්ල, නොම්බර 38/22, නුගේවත්ත පාර අවිස්සාවේල්ල ලිපිනයේ
පදිංචි බිලිඳියගේ මව විසි දෙහැවිරිදි වියේ පසුවන බවත් අනෙක් සැකකාරිය තිස් අට හැවිරිදි වියේ පසුවන බවත් පැවසෙනවා.

රෝහලට නුදුරු නිවසකදී අඹුසැමි යුවලකට රුපියල් ලක්ෂ 2කට අලෙවි කිරීමට තැත් කිරී
මේ හා එම රෝහල් සුළු සේවිකාව මව අතහැර දමා ගිය දරුවෙකු තම නිවසේ රඳවා එම අඹුසැමි යුවලට මුදලට විකිණීමේ සැලැස්ම පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කොට තිබෙනවා. අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
 
Related Posts with Thumbnails