Ads 468x60px

.

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ ගීතය විකෘති කළාට ඉරාජ් විත්ති කූඩුවට නගියිද...?

තාත්තා වෙනුවෙන් පුතෙක්ට එහෙම හිතෙන එකත් සාධාරණයි...

මම තිස්ස මහත්තයාගේ අවසරය ඇතිවයි ගීතයේ පද වෙනස් කළේ...

ඉරාජ්ට විත්ති කූඩුවට නඟින්න වෙලා..... යසට හිටපු කොලු ගැටයාට එහෙම වුණේ ගීතයක් නිසා..... හිතන්නවත් පුළුවන්ද? ඉරාජුත් කියන්නේ ඒ ගැන 'මට හිතන්න බෑ අදහගන්නවත් බෑ' කියලලු. 

ඉරාජ් විත්ති කූඩුවට නග්ගන්නේ හර්බර්ට් එම්. සෙනෙවිරත්න ප්‍රවීණ ගීපද රචකයාගේ පවුලේ උදවිය. චෝදනාව 'මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ' ගීතය විකෘති කළාට..... ඒත් ඉරාජ් නම් කියන්නේ එයාගේ දෑත් පිරිසුදුලු. ඒ වගේම හිතත් පිරිසුදුලු. අහිතකින්වත් වැරැද්දක් කරන්න හිතුවේ නැහැල්ලු.

'මම තිස්ස නාගොඩවිතාන මහත්තයාගේ අවසරය ඇතිවයි ගීතයේ පද වෙනස් කළේ.... ඒක චිත්‍රපට ගීතයක්.... චිත්‍රපටයේ නිෂ්පාදකවරයාටයි ගීතයේ අයිතියක් තියෙන්නේ....' 

ඉරාජ් තමන්ගේ නිර්දදෝෂීකම ඔප්පු කරන්නේ එහෙම. පැමිණිල්ල ඉරාජ්ගෙන් කෝටියක් ඉල්ලලා තියෙනවා.....

කෝටිපති ඉරාජ්ට ඕකනම් මහා කජ්ජක් නෙවෙයි කියලයි රට්ටු නම් කියන්නේ. ඒත් කවුරු හරිද කවුරු වැරැදිද කියලා බලන්න 19 වැනිදා වෙනකන් ඉවසාගෙන ඉන්න සිද්ධ වෙනවා.

අදහා ගන්න බෑ
ගීතය විකෘති කළාට පැමිනිල්ල දාපු චින්තන සෙනෙවිරත්න කියන්නේ මෙන්න මෙහෙම 

කාලෙකට ඉස්සර තාත්තා කියපු සින්දුවක් හිතුවක්කාර කොලු ගැටයෙක්ගේ කටහඩින් ඇහෙන්න පටන් ගත්තාම තාත්තා ජීවතුන් අතර නොසිටියත් පුතාටත් බිරියටත් ඉහිළුම් ගියේ නෑ. ඉවසන්නෙ කොහොමද සින්දුවත් හිටු කියලා ජනප්‍රිය වෙද්දි. 


මේ කොලු ගැටයත් නිකම්ම නෙවෙයි සින්දුවට කරන්න ඕන හැම සෙල්ලමක්ම දාලා තමයි සින්දුව කිව්වේ. තමන් ජීවතුන් අතර ඉද්දි තාත්තා ලියපු පද රචනාවට අසාධාරණයක් වෙන්න දෙන්න පුළුවන්ද......? මෙහෙම හිතුවේ ප්‍රවීණ ගී පද රචක හර්බට් එම්. සෙනෙවිරත්නගේ පුතා චින්තන සෙනෙවිරත්න.

'මගේ තාත්තගේ මට ආලෝකෙ ගෙනදේවි....' කියන ගීතයේ පද මාලාවට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මම වාණිජ මහාධිකරණයට ගියා.....' තවම නඩුව විභාග වෙන නිසා ඒ සම්බන්ධයෙන් මොනවත්ම කියන්න බෑ. නඩුව පෙබරවාරි 19 වැනිදාට ආයෙත් කැඳවනවා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් විස්තර ඇතුව කතා කරන්නත් සූදානම්.


තාත්තා වෙනුවෙන් පුතෙක්ට එහෙම හිතෙන එකත් සාධාරණයි. හැබැයි චෝදනාව එල්ල වෙලා තියෙන ඉරාජුත් නීතියට පිටුපෑවේ නෑ කියලයි කියන්නේ. මොනවා වුණත් අපිටත් මේ හැමදේම දැනගන්න 19 වැනිදා වෙනකල් ඉන්නම වෙනවා.


ඉරාජ් අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කරන්න අවසර ගත්තලු...
අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ්ට නඩු - රු.කෝටියක වන්දි ඉල්ලයි.
 
Related Posts with Thumbnails