Ads 468x60px

.

මෙවැනි අසත්‍ය පුවත් ඡායාරූප වෙබ් අඩවිවල පළවීම ඇත්තටම අපේ ජීවිතයට කැළලක් - සුරේෂ්

මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි...

මේ දවස්වල කාගේත් කතා බහට ලක්වෙන ජනප්‍රිය තරුවක් තමයි සුරේෂ් ගමගේ. අන්තර්ජාලයේ පැතිරුණු අසත්‍ය පුවතක් නිසා මේ දවස්වල ඔහු නොහිතපු විදිහේ අකරතැබ්බයකට මුහුණ පාලා. ඒ නිසා සුරේෂ් මේ දවස්වල තරමක් කනස්සල්ලෙන් පසුවෙන බව අපිට දැනගන්නට ලැබුණා.

“මම එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’ චිත්‍රපටයේ පසුගිය දවස්වල රඟපෑවා. එහි ප්‍රධාන චරිතයක් තමයි රඟපෑවේ.

ඒ චිත්‍රපටයේ විවාහ වෙන දර්ශනයක් තිබෙනවා. මේ දර්ශනයේ පින්තූර තමයි කවුරුන් හෝ වංචනික ඉතා ම පහත් පුද්ගලයෙක් අන්තර් ජාලයේ පතුරලා තිබෙන්නේ. ‘සුරේෂ් කසාද බඳියි’ කියලා.


මේ පින්තූර හරියට ඇත්ත විවාහ මංගල්‍යයක පින්තූර විදිහට අන්තර්ජාලය පුරා ප්‍රචාරය කර තිබෙනවා. මේ ඡායාරූප නිසා මම මහත් අපහසුතාවයකට පත් වුණා. එය මහා කරදරයක් බවට පත්වුණා.

මගේ මව්පියන්, සහෝදර සහෝදරියන්, යාළු මිත්‍රාදීන්, ප්‍රේක්ෂකයන් හැමෝම මේ සිදුවීම වැරදි විදිහට අවබෝධ කරගෙන තිබුණා. හැමෝ ම හිතුවේ මම කාටත් නොදන්වා හොරෙන් විවාහ වෙලා කියලයි. සමහර යාළුවො තරහවෙලා.

හැමෝම අහන්න ගත්තා හොරෙන් විවාහ වුණා නේද? කියලා. සමහර රසිකයින් පිටරට සිටිය අය මට සුබ පැතුම් කාඩ්පත් පවා එවා තිබුණා. මම ඉදිරියේදී කවදා හෝ විවාහ විය යුතුයි. මෙවැනි අසත්‍ය පුවත් ඡායාරූප වෙබ් අඩවිවල පළවීම ඇත්තටම අපේ ජීවිතයට කැළලක්. මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි. මම මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අසත්‍ය ප්‍රවෘත්ති ඡායාරූපවලට රැවටෙන්න එපා කියලා.


අන්තර්ජාලය පුරා ප්‍රචාරය කර තිබෙන පින්තුර පහතින්



 
Related Posts with Thumbnails