Ads 468x60px

.

මට නරක මිනිහා කියන්න එපා. මම මේ දඹරැඟිල්ල දික්කරලයි කියන්නේ - මර්වින්

චන්ද්‍රිකා මගේ චරිතය ඝාතනය කර තියෙනවා... 

මම ඇයට මගේ කට අවුස්ස ගන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කර තියෙනවා.

මම දිවුලපිටිය ආසනයේ  ඕනෑ ම තැනක යන්න පුළුවන්. මම දිවුලපිටිය ජනතාවට ආදරෙයි. මම සෑම දවසක ම කරන්නේ පින්පොතේ ලියැවෙන වැඩ. අද දවසෙත් එසේම යි.

මම ඔළුව නමන්නේ මහා සංඝ රත්නයට සහ රාජපක්ෂලාට පමණයි. ජනාධිපතිතුමා රටේ ජාති, කුල, ආගම්, භේද නැතිකරලයි තියෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් නැවත ජාති, කුල, ආගම් භේද අවුස්සා රටේ සාමය නැතිකරන්න උත්සාහ ගන්නවා නම් ඊට මම දැඩි ලෙස විරුද්ධ වෙනවා. මට නරක මිනිහා කියන්න එපා. මම මේ දඹරැඟිල්ල දික්කරලයි ඒ බව කියන්නේ.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආසන හතරක පැවැති උත්සවවලට සහභාගී වෙමින් පැවැසීය.

මම කෙළින් වැඩකරන මිනිහෙක්, ඡන්ද වෙලාවට ඡන්ද ගන්න හැටි මම දන්නවා. මම දේශපාලනය කරන්නේ කැලණියේ හා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණයි යැයි ද ඔහු කීය.


‘ගම්පහට වැඩ කරන්නට, ඡන්දය ඉල්ලන්නට මට ආසන සංවිධායක ධූර අවශ්‍ය නැහැ. මම කැලණිය සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වුණේ ජනාධිපතිගේත් මගේත් ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා යි.

කැලණියේ මිනිස් ඝාතනයකට මට ඇඟිල්ල දික්වුණා. ඒ අසත්‍ය චෝදනාවක්. මා දේශපාලන බිමෙන් ඉවත් කරන්න උත්සාහ ගන්නා අයගේ උත්සාහයක් බව තව ටික දවසකින් කාටත් අවබෝධ වේවි.

මම මුලින් ම එළෙව්වේ මගේ තාත්තගේ කාර් එක. ඊට පස්සේ අනුර බණ්ඩාරනායක මහත්මයගේ, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙ කාර් එක. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මියගේ කාර් එළවා තියෙනවා. එම නිසා මම බණ්ඩාරනායක පවුල ගැන දන්නවා. 


මම බණ්ඩාරනායක පවුලට ගරු කරනවා. එසේ වුවත් පසුගිය දවසක චන්ද්‍රිකා මහත්මිය මගේ චරිතය ඝාතනය කර තියෙනවා. මම ඇයට මගේ කට අවුස්ස ගන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කර තියෙනවා’ යැයි ද ඇමැතිවරයා පැවැසීය.
 
Related Posts with Thumbnails