Ads 468x60px

.

යුද අපරාධ චෝදනා රැගත් තවත් ඡායාරූප!

හමුදාවට එරෙහිව ඉදිරිපත් කරන අභූත චෝදනා...

ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල වන ඡායාරුපයක් සහ වීඩියෝ පටයක්  ජනමාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.මෙතෙක් හෙළි නොවූ සේ සැලකෙන මෙම ඡායාරූපය බීබීසී යට ලබා දී ඇත්තේ ලන්ඩනය මුලස්ථාන කොට ගත් ජගත් දමිළ මුළුව (GTF) විසිනි.

අත් අඩංගුවේ පසුවන දෙමළ යයි සැක කළ හැකි පිරිසකගේ දෑත් පසුපසට බැඳ තිබෙන අකාරය මෙම ඡායාරුපයෙන් පෙන්නුම් කැරේ. එම කණ්ඩායම අතර පිරිමි දරුවකුද සිටී. වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ අත්අඩංගුවේ වන පිරිසකට වෙඩි තබන ආකාරයයි.

හිසට වෙඩි වැදී මිය ගිය පිරිමි දරුවකු එහි දක්නට සිටී. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඡායාරූපයේ දැක්වෙන දරුවා යුද හමුදා අත් අඩංගුවේ බවට සැක කෙරෙන බව ජගත් දමිළ මුළුවේ ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් මහතා බිබිසි සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.


ශ්‍රී ලංකා රජයේ හමුදා නිලධාරියකුගෙන් මෙම ඡායාරූපය සහ වීඩියෝ පටය තම සංවිධානය විසින් ලබා ගත් බවත්, කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකළ බවත්  GTF ප්‍රකාශකයා සඳහන් කළේය.

තමිල්නාඩු රුපවාහිනිය ඔස්සේ ඡායාරූපය හා වීඩියෝ දර්ශන මේ වන විටත් විකාශනය කර තිබෙනවා.

ඒවායේ නිර්ව්‍යාජ භාවය පිළිබඳව බීබීසීය කළ විමසීමට පිළිතුරු දෙමින් සුරේන් සුරේන්දිරන් මහතා  කියා සිටියේ, තමන් වෙත ලැබුණු ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව දැනගත හැකි වන්නේ අපක්ෂපාතී පරීක්ෂණයකින් බවය.

එහෙත් , ශ්‍රී ලංකා හමුදාව මේ චෝදනාව විග්‍රහ කරන්නේ, ගෝලීය දෙමළ සමුළුව නම් "බෙදුම්වාදී ව්‍යාපාරය" හමුදාවට එරෙහිව ඉදිරිපත් කරන "අභූත චෝදනා" අතරින් එකක් ලෙසිනි.

"හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින්" ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාවේ කිසිදු සත්‍යයක් නැති බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා, එවැනි කිසිදු සිදුවීමක් සිදු නොවූ බව අවධාරණය කරයි.

ප්‍රභාකරන්ගේ කනිටු පුත් බාලචන්ද්‍රන් ඝාතනය වීමට පෙර අත් අඩංගුවේ ඉන්නා බව පෙනී යන ඡායාරූප කිහිපයක් මෙයින් මසකට පමණ ඉහතදී බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කැරුණි.



 
Related Posts with Thumbnails