Ads 468x60px

.

රවීන්ද්‍ර විජේරත්නට ශලනි තාරකා නැතුව ටෙලි නාට්‍යයක් කරන්න බෑ කියන්නේ ඇත්තද?

ශලනි තාරකා දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. නර්තන ශිල්පිනියකි. පුංචි තිරය හරහා පසුගිය කාලයේ ඇය ප්‍රේක්ෂක හදවත් වලට වඩාත් ළං වූවාය. මේ දිනවල ඇය කාර්ය බහුලව සිටින්නේ සිනමා රංගනයට ශලිනි වැඩි දායකත්වයක් ලබාදෙන නිසාය. මේ ඇයගේ නවතම තොරතුරු බිඳක්.

මේ දවස්වල වැඩ වැඩියි වගේ….?
‘ස්පන්ධන’ චිත්‍රපටයේ රූගත කිරීම් නිසා ටිකක් කාර්ය බහුල වුණා. බණ්ඩාරවෙල ෂූටින් තිබුණේ….

විවාහ වුණ ගමන්ම කනවැන්දුම් වෙනවා… එහෙම වුණාට කමක් නැද්ද?
කවුද දෙයියනේ එහෙම වෙනවට කැමැති. දන්නවානම් කසාද බඳින්නේ නැහැනේ.


ටෙලි නිර්මාණයකට වුණත් ඒ වගේ චරිතයක් භාර ගත්තෙ කැමැත්තෙන්ද?
කනවැන්දුම් වෙනවට අකැමැති වුණාට එහෙම වෙන අවස්ථා සමාජයේ කොච්චර තියෙනවද? ඒක නිසයි ‘සඳ පිනි බිඳක’ නාට්‍යයේ උත්පලාගේ චරිතය බාර ගත්තේ…

ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?
මං හිතන්නේ 20ක විතර.

වැඩිපුරම දායක වෙලා තියෙන්නේ කාගේ නිර්මාණවලටද?
රවීන්ද්‍ර විජේරත්න අයියාගේ නිර්මාණවලට.

රවීන්ද්‍ර විජේරත්නට ශලනි තාරකා නැතුව ටෙලි නාට්‍යයක් කරන්න බෑ කියන්නේ ඇත්තද?
මෙගා නාට්‍යවල මම රඟපාන්නේ නෑ… ඒක නිසා රවීන්ද්‍ර අයියාගේ මෙගා නාට්‍යවල ඇරෙන්න අනික් හැම නිර්මාණයකටම මට කතා කරනවා. මමත් කැමැත්තෙන්ම සහභාගි වෙනවා. රවීන්ද්‍ර අයියා විතරක් නෙවෙයි තරංග අයියාගෙ පිටපත සහ සුහදශීලී සෙට් එකත් ඒකට හේතුවක්.

සිරස කුමරිය වුණ ශලනි නිළියක් වුණේ ඇයි?
දෛවයේ එහෙම ලියැවිලා තියෙන්න ඇති.

සිරස කුමරිය කියන්නේ නිළියක් වීමට සුදුසුකමක්ද?
කොහෙත්ම නෑ… ඒත් නිළියක් වෙන්න පුංචි අඩිතාලමක් කියන්න නම් පුළුවන්. ඒත් දක්ෂතාවය නැත්නම් ඒකෙනුත් වැඩක් නෑ.

ඔබට නිළියක් වෙන්න තිබුණු සුදුසුකම මොකක්ද?
දක්ෂතාවට වඩා මං හිතන්නේ වාසනාව.

නිළියක් වෙලා ජීවිතේ වැඩිපුර තියෙන්නේ හරිගිය තැන්ද, වැරදුණ තැන්ද?
හරිගිය තැන්.

සිරස කුමරිය වෙලා ශලනිට හරිගියා කියලා මම කිව්වොත්?
හරියටම හරි.

නිළි මවුවරු නිසා බිහිවුණු නිළි දූවරු ඉන්නවා…. නමුත් ඔබේ මව නිළියක් වුණේ දුව නිළියක් වුණ නිසා කිව්වොත්….?
මං පුංචි කාලේ අම්මාට ඒ අවස්ථාව ලැබුණේ මං නිසා කිව්වොත් වැරැදි නැහැ. හැබැයි මං සිරස කුමරිය වෙනකොට අම්මා නිර්මාණ කිහිපයක රඟපාලා තිබුණා.

අම්මද ජනප්‍රිය දුවද ජනප්‍රිය?
ඒක මට කියන්න බෑ… ප්‍රේක්ෂකයාගෙන් තමයි අහන්න ඕනෑ.

නිළියක් වෙන්න වයස බලපාන්නේ නැද්ද?
නැහැ. හැබැයි ජනප්‍රිය නිළියක් වෙන්න වයස බලපානවා.

ඔබ නිළියක් වුණේ අවුරුදු කීයෙදිද?
18 දී.

එතකොට අම්මා….?
එතකොට අම්මාගේ වයස මට මතක නෑ….

අම්මයි දුවයි නිළියන් වෙනවාට තාත්තා කැමැතිද?
කිසිම අකැමැත්තක් නැහැ. මම රඟපාන්න බෑ කියනකොට තාත්තායි උනන්දු කළේ.

නිළියක් වෙන්න පෙනුම කොයිතරම් වැදගත්ද?
ඒ ඒ චරිතෙ අනුව වෙනස් වෙනවා… පෙනුමත් වැදගත්… දක්ෂතාව ඊට වඩා වැදගත්.

ලස්සන වෙනුවෙන් කොයිතරම් මුදලක් වැය කරනවාද?
මුදල් වැයකර කර ලස්සන වෙන්න ඇත්තටම මට වෙලාවක් නෑ… මාසෙකට සැරයක් ක්ලීනප් එකක් කරනවා. ඒ ඇරෙන්න සුදු වෙන්න ක්‍රීම් තට්ටු ගාන්නේ නෑ… මගේ පාට ගැන මම තෘප්තිමත්.

නිළියක් නිවේදිකාවක් වුණාට කමක් නැද්ද?
කරන දේට සාධාරණයක් කරන්න පුළුවන්නම් කමක් නෑ.

ඔබත් නිවේදිකාවක්?
මට නිවේදිකාවක් කියනවාට වඩා
නිළියක් කිව්වොත් හරි.

ඔබ කරනදේට සාධාරණයක් කරනවාද?
ප්‍රේක්ෂකයො එහෙම කියනවා.
 

තිරයේ හමුවුණ හොඳම පෙම්වතා කවුද?
විශේෂයක් නෑ… හැමෝගෙන්ම හොඳ සහායක් ලැබුණා.

නළුවො කීදෙනෙක්ට ආදරේ කළාද?
එක්කෙනෙක්ටවත් නෑ…

සමහරු කියනවා ඔබ නළුවො දෙන්නෙක්ට ආදරේ කළා කියලා…?
ඒක කතාවක් විතරයි…

ප්‍රථම ප්‍රේමය මතකද?
හොඳටම මතකයි.

එතකොට වයස කීයද?
15 යි.

කී දෙනෙක්ට ආදරේ කළාද?
දෙන්නෙක්ට.

දැන් ඔබ පෙම්වතියක්ද?
නෑ…..

හේමාල් ඔබේ පෙම්වතා නෙමෙයිද?
තාම නෑ….

ඒ කියන්නේ ඉදිරියේදී පෙම්වතා වෙන්න පුළුවන්ද?
මමවත් හේමාල්වත් එහෙම හිතලා නෑ… හැබැයි අපි වෙනුවෙන් ගොඩාක් අය එහෙම හිතනවා… ඒකට අපිට කරන්න දෙයක් නෑ… හැබැයි අපි හොඳ යාළුවෝ.

ගෑනු ළමයෙක්ට පෙම්වතා ඇරෙන්න හොඳ යාළුවො ඉන්න පුළුවන්ද?
අපෝ පුළුවන්. මට පුංචි කාලේ ඉඳන්ම යෙහෙළියන්ට වඩා හිටියේ යාළුවෝ… යෙහෙළියන් ඇසුරු කරනවාට වඩා යාළුවෝ ඇසුරු කරන එක පහසුයි කියලා හිතෙනවා.

විවාහ වෙන්නේ අවුරුදු කීයෙදිද?
ඉස්සර නම් හිතාගෙන හිටියේ අවුරුදු 24 දී බඳිනවා කියලා… එහෙම බැලුවොත් මම ලබන අවුරුද්දේ බඳින්න ඕනෑ… ඒත් දැන් මම ඒකට ලෑස්ති නෑ… ඒ බලාපොරොත්තුව තව අවුරුදු දෙක තුනකට කල් ගියා.
 
Related Posts with Thumbnails