Ads 468x60px

.

සේමිණි මිලියන 500ක් ඉල්ලා නඩු දැම්මොත් මම මිලියන 1000ක් ඉල්ලා නඩු දානවා - දමිතා...

සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කියලා මම කිව්වේ නෑ...

පසුගිය සතියේ අපට වාර්තා වූයේ රන් එෆ් එම් නාලිකාවෙන් දමිතා කියූ හෝටල් ගානේ යන සේමිණි ගැන කතාව තමාට අපහාසයක් වූ බැවින් සේමිණි මිලියන 500ක් ඉල්ලා දමිතාට නඩු දැමූ  පුවතකි. නමුත් මෙම සතියේදී අපට දැනගන්න ලැබුනේ සේමිණිගේ චෝදනාව අපහාසයක් යයි පවසා දමිතා අබේරත්නත් මිලියන 1000 ක් ඉල්ලා නඩු දමන පුවතකි.

ඒ පිළිබඳ චෝදනා සහිත එන්තරවාසිය දැන් දමිතාට ලැබී ඇති අතර ඇය කියන්නේ තමාට එරෙහි එම චෝදනාව පවා අපහාසයක් බවත් එබැවින් එයට විරුද්ධව තමාද මිලියන 1000ක් ඉල්ලා සේමිණිට නඩු දමන බවයි.

ටෙලි නාට්‍ය නිළි සේමිනි ඉද්දමල්ගොඩ නඩු පවරා ඇති බව ප්‍රචාරය කළත් මේවනතුරු කිසිදු අධිකරණයකින් තමාට සිතාසියක් තවම ලැබී නැතැයිද දමිතා කියනවා.

සේමිනිගේ නීතිඥවරුන් විසින් එවා තිබූ එන්තර වාසිය දමිතාගේ නීතිඥවරුන් වෙත යොමු කළ බවත් ඒ තුළ අඩංගු කරුණු තමන්ට අභූත චෝදනා නගා ඇති එකක් බැවින් එමගින් ඇයට සිදුවී ඇති හානියට රුපියල් මිලියන දහයක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බව දන්වමින් පිළිතුරක් යැවූ බවත් දමිතා පවසනවා.


ඒ අනුව ජනප්‍රිය නිලි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය විසින් තමාගේ  කීර්ති නාමයට එරෙහිව පදනම් විරහිතව, ද්වේශ සහගත ලෙස නඩු පවරා තිබුණහොත්, එකී නඩුවට ඉදිරිපත්වී තමාගේ  නිර්දෝෂී භාවය ඔප්පු කිරීමටත්,  තමාගේ  නීතිමය අයිතීන් ආරක්‍ෂා කිරීමටත්, එයින්  තමා හට සහ තමාගේ  කීර්ති නාමයට සිදුකරණ හානියට වන්දි ලබාගැනීමට කටයුතු කරන බවත් ප්‍රවීන කළා ශිල්පිනි දමිතා අබේරත්න මෙනවිය අවධාරණය කර සිටිනවා.

තමා කිසිදු කෙනෙකුට අපහාසයක්වන ප‍්‍රකාශයක් සිදුකොට නොමැති බවත්, විශේෂයෙන් සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට අපහාස කර,  ඇයගේ කීර්ති නාමයට හානිවන කිසිවක් කර නොමැති බවත්  දමිතා අබේරත්න මෙනවිය පවසනවා.

ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී තමාට අපහාස වන ලෙස අදහස් පළ කළ බවට චෝදනා කරමින් ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්නට එරෙහිව රුපියල් මිලියන 500ක් ඉල්ලා ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පසුගිය 21 නඩු පවරා තිබුණා.

සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය විසින් එසේ ඇයට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් කරමින් දමිතා අබේරත්න මෙනවිය ඉහත කාරණා සඳහන් කර තිබෙනවා.

දමිතා අබේරත්න මෙනවිය  නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වේ.


දමිතා අබේරත්න,

නො297/1,
නුගේගොඩපාර ,
පැපිලියාන,
බොරලැස්ගමුව.

මහත්මයාණනි/මහත්මියණි,

සේමිණී ඉද්දමල්ගොඩ දමිතා අබේරත්නට විරැද්ධව නඩු මගට


ඉහත කාරණය සම්බන්ධව දමිතා අබේරත්න වන මාගේ කරැණු දැක්වීම මෙසේයි.

මම කිසිදු කෙනෙකුට අපහාසයක්වන ප‍්‍රකාශයක් සිදුකොට නැත. ක්‍ෂත‍්‍රයේ සිටින කිසිදු කෙනෙකුට අපහාස කොට ක්‍ෂෙත‍්‍රය තුළ හෝ පෞද්ගලික ජීවිතයේ මාහට ලබාගන්නට හෝ දිනාගන්නට දෙයක් නැත. විශේෂයෙන් සේමිනී ඉද්දමල්ගොඩට මම අපහාස කර නැහැ .ඇයගේ කීර්ති නාමයට හානිවන කිසිවක් මා කර නැත.

සේමිනී වෙනුවෙන් ඇයගේ නීතිඥවරුන් විසින් එවා තිබූ එන්තරවාසිය  ට මම මගේ නීතිඥවරි වන සමන්ති ගමගේ මහත්මිය මගින් මට සිදුව ඇති  හානියට  රුපියල් මිලියන දහසක වන්දි ඉල්ලා නඩු දමන බව  දන්වමින් පිළිතුරු යවා ඇත.

කෙසේවෙතත් මාධ්‍ය මගින් සේමිනී ඉද්දමල්ගොඩ මට එරෙහින නඩු පවරා ඇති බව  ප‍්‍රචාරය කළත් මෙතෙක් මට කිසිඳු අධිකරණයකින් මා වෙත සිතාසියක් ලැබී නොමැත. (මේ ලිපිය සකස් කළ 2013 03 25 දින තෙක්)

නමුත් කලා ක්‍ෂෙත‍්‍රයේ හඩ කැවීම් අංශය ගායන ක්‍ෂෙත‍්‍රය රංගන ක්‍ෂෙත‍්‍රය (සිනමාව ,වේදිකාව, ටෙලිනාට්‍ය ) මෙම සියලු අංශ නියෝජනය කරණ ශිල්පිණියක ලෙස පුරා වසර 32ක් රැදී සිටිමින් මෙරටට ජාත්‍යන්තර අභිමානයන් දෙවරක් ලබාදීමට තරම් සහ  මෙරට පැවති සියළු සම්මාන උළෙලවල්වල හොඳම, විශිෂ්ඨ සම්මාන දිනා ඇති මාගේ කීර්ති නාමයට එරෙහිව පදනම් විරහිතව, දවේශ සහගත ලෙස නඩු පවරා තිබුණහොත් එකී නඩුවට මාවෙනුවෙන් ඉදිරිපත්වී මාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමටත්, මාගේ නීතිමය අයිතීන් ආරක්‍ෂා කිරීමටත්, මෙයින් මාහට සහ මාගේ කීර්තිනාමයට සිදුකරණ හානියට වන්දි ලබාගැනීමට කටයුතු කිරීමට මාගේ නීතිඥවරුන් වන සමන්ති ගමගේ මහත්මිය ප‍්‍රදීප් ගමගේ මහතා සහ ෙජ්‍යෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න යන මහත්ම මහත්මීන්ට මා විසින් උපදෙස් ලබාදී ඇත.

මේ වස්ථාවෙ මා සමග මට ශක්තියක් වෙමින් කටයුතු කරණ කලාක්‍ෂෙත‍්‍රයේ සියලුම දෙනාටත්, මගේ හිත මිත‍්‍රාදීන් සියලුම දෙනාටත්, නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්‍ෂවරුන් ටත්, ලංකාව පුරා විසිරී පැතිරී සිටින මගේ ආදරණීය රසික රසිකාවියන්ටත්, විදේශ රටවල සිටින ආදරණීය රසික රසිකාවියන්ටත්, මාහට නොයෙකුත් උපදෙස් දෙමින් මට ශක්තියක් වනවාට බොහොම ස්තුතියි !

මේ සියලු දෙනාට  පවසන්නට ඇත්තේ හෘද සාක්‍ෂියට වඩා වෙනත් සාක්‍ෂියක් නොමැති බවත්, සත්‍ය ජයගන්නා බවත් විශ්වාසකරන මා මේ වෙනුවෙන් කටයුතු කරන්නේද දැඩි ආත්ම විශ්වාසයෙන් බවයි,
දමිතා අබේරත්න.



සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කිව්වැයි සේමිනි කෝටි 50 ක්‌ ඉල්ලා දමිතාට නඩු දමයි... 
 
Related Posts with Thumbnails