Ads 468x60px

.

ගීතා බෙන්තොට ප්‍රා.සභා උප සභාපතිට කෝපි කෝප්පයෙන් ගහලාලු...

දෙදෙනා දැඩි අසභ්‍ය වචන වලින් එකිනෙකාට බැනගෙන...

සිද්ධියෙන් පස්සේ රැස්වීම අතරමඟ නැවතිලා...

ආයතන සංග්‍රහයට එරෙහි වූ නිසා කෝපි වලින් නාවලා...

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඊයේ (04 දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජ.නි.ස.) රංජිත් වික්‍රමසිංහ මහතාට කෝපි කෝප්පයකින් පහරදී තිබෙනවා.

බෙන්තොට ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ පැවැති මෙම රැස්වීමේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති
වුණා. ගීතා කුමාරසිංහ මහත්මිය මීට පෙර දිනක
ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ අවස්ථාවට සහභාගිවන ලෙස බෙන්තොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට ලිඛිතව දන්වා තිබෙනවා.

ආයතන සංග්‍රහයට එරෙහිව කළ මේ ක්‍රියාවට විරුද්ධවීම නිසා ඇතිවූ බහින්බස් වීමේදී ඇය උපසභාපතිවරයාව මෙසේ කෝපිවලින් නහවා
තිබෙනවා. එම සිද්ධියෙන් පසු රැස්වීම අතරමඟ නැවැතුණු අතර ඊට පසුවත් දෙදෙනා දැඩි අසභ්‍ය වචනවලින් එකිනෙකාට බැන ගන්නා අයුරු දක්නට ලැබුණා.

මෙම සිදුවීමේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා ගීතා කුමාරසිංහ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. එහිදී අදහස් දැක්වූ ගීතා කියා සිටියේ මෙවැන්නක්.

ඔයාට ඔය කතාව සම්පුර්ණයෙන් දැනගන්න පුළුවන් මුළු කතාවම ඇහුවම. මුළු කතාවම මගේ ටේප් රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. මම ඒක ඔයගොල්ලොන්ට දෙන්නම්.

කොහමත් ඒක සාමන්‍යය මාධ්‍යයක දාන්න බැහැ. අමු තිත්ත කුණුහරුප තියෙන්නේ. ඒ කතාව අහන ඕන කෙනක් කියාවි කෝපි කොප්පෙකින් නෙමේ පිහියකින් අනින්න තිබ්බේ කියල.

එයා රැස්වීම පටන්ගත්තාම කිව්වා..නිල් බලකායට මම බඳවා ගත්ත ගොඩක් අය එක්සත් ජාතික පක්ෂයේ ඇය කියල..ඉතින් මම ඇහුව එකට මොකද ඒ අය ඇවිත් බැඳෙනවානේ..ඔයත් එක්සත් ජාතික පක්ෂයේ ඉදන් මෙහෙට ඇවිත් තාම සාජිකත්වයත් නැතුව ඉන්න කෙන්කෙනේ කියල..

ඒක කිව්වා ගමන් මෙයා කුණුහරුපෙන් බනින ගමන් මගේ ඇඟට කඩා පැන්න..එතකොට මගේ අතේ තිබුන කෝපි කෝප්පේ ඉහිරුනා..

පස්සේ තමයි එයා හැම මීඩියා එකටම කතා කරලා ඔය වගේ කතාවක් කියල තියෙන්නේ..මම කොහමත් රේකොඩින් එක මිඩියා වලට එවනවා. 


ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගි නොවීමද මෙහි ඇති විශේෂත්වයකි.
 
Related Posts with Thumbnails