Ads 468x60px

.

බිරිඳගේ අනියම් සම්බන්ධතාවය විසඳා ගන්න දරුවාට වසදී මව සහ පියාද වස බීලා...

පළමුව පැණි බීම යෑයි කියා තම පුතුට දී තිබෙනවා...

පවුලේ අඹු සැමියන් අතර ඇතිවූ සැකයක්‌ විසඳාගත නොහැකිව සිය දරුවාටද වස පොවා සිය දිවි හානිකර ගැනීමට ගත් උත්සාහයක්‌ ව්‍යර්ථවී තිදෙනාම මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් මාතලේ දුම්කොලවත්ත ප්‍රදේශයේ පදිංචි මව, පියා සහ තුන් හැවිරිදි දරුවා රෝහල්ගත කර
තිබෙනවා. මාස කීපයක සිට සැමියා තුළ ඇතිවූ බිරිඳගේ ඥතියකු සමඟ ඇතැයි කියන අනියම් සම්බන්ධතාවක්‌ පිළිබඳව ඇතිවූ සැකයක්‌ මෙම වස පෙවීමට හේතුවී තිබෙනවා.

සැමියාගේ සැකය දුරුකිරීමට අවස්‌ථා ගණනාවකදීම බිරිඳ ගත් උත්සාහය නිෂ්ඵල වීම නිසා දරුවාටද වස පොවා අපි දෙදෙනාත් වස බී එකට මිය යමු යෑයි තීරණය කර මෙසේ වස පානය කර
තිබෙනවා.

සැකය පිළිබඳව ඇතිවූ කතාබහ අවසානයේදී නගරයට ගිය සැමියා වස බෝතලයක්‌ රැගෙන විත් එය සමසේ බෙදාගෙන පළමුව පැණි බීම යෑයි කියා තම පුතුට දී
තිබෙනවා. පසුව දරුවා වස බඳුන මුවට ගෙන තිත්ත දැනීමෙන් සිය මිත්තනිය හමුවීමට ගොස්‌ තිබෙනවා.

එම කාලය තුළදී අඹු සැමි යුවළ වස බඳුන් දෙක පානය කර
තිබෙනවා. මිත්තනිය පැමිණ බලන විට ඔවුන් වස පානය කර සිටි නිසා අසල්වැසියන්ද සමඟ එක්‌වී තිදෙනාම මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මූලික විමර්ශන පැවැත්වූ පොලිසිය අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන මේ වන විට පොලිස්‌ ආරක්‍ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධිය පිළිබඳව ඊයේ (4දා) අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව
තිබෙනවා.
 
Related Posts with Thumbnails