Ads 468x60px

.

ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි - මහින්ද රාජපක්ෂගෙ පුතා නාමල් හොඳ කෙනෙක්

නාමල් මහත්තයා රගර් සෙල්ලම් කරලා ඉන්නේ

ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි අපේ රාජපක්ෂ ජනාධිපති තුමාගෙ පුතා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා. එතුමා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති හොඳ කෙනෙක්. 

නාමල් රාජපක්ෂ හොඳ දර්ශනයක් වැඩපිළිවෙළක් තියෙනවා. නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි වැටහීම් විපක්ෂය අද සමාජගත කරලා තියෙනවා.

දවසක් මගෙන් තරුණයෝ පිරිසක් අහනවා නාමල් මහත්තයා වැඩිපුර බොන්න කැමැති මොනව ද කියලා. මම ඇහුවා ඒ මොනවා ද කියලා. දන්නවා ඇතිනේ නාමල් මහත්තයා බොන්නෙ මොන වර්ගයේ අරක්කු ද කියලා කියනවා. 


මම කිව්වා නාමල් මහත්තයා අරක්කු බොන්නෙ නෑ කියල. ජනාධිපතිතුමාගේ පුතා බොන්නෙ නෑ. පුදුමයෙන් වගේ ආයතේ මගෙන් ඒ අය අහනවා. නාමල් උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නේ නෑ කියලා මම ඒ තරුණ පිරිසට කිවුවා. 

නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි දේවල් අද සමාජගත කරලා තියෙන්නේ’ යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

මඟ නැඟුම ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ගමින් ගම යා කරන මඟ යටතේ දඹුල්ල තිත්තවැල්ගොල්ල මාර්ගය පුනරුත්ථාපන වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් හෙතෙම එසේ පැවැසීය.

විපක්ෂය අද සන්නිවේදන බළකායක් හදලා ග‍්‍රාමීය මට්ටමෙන් පච පතුරුවන්න දාලා තියෙනවා. විපක්ෂය අද රාජපක්ෂ පවුලට විවිධ චෝදනා බොරු ප‍්‍රචාර ගෙනියනවා. මේ ඇවිල්ලා වාඩිවෙලා ඉන්නේ ජනාධිපතිතුමාගේ වැඩිමහල් සහෝදරයා (චන්ද්‍රා රාජපක්ෂ මහතා පෙන්වමින්) මෙතුමාට සැප විඳ විඳ ඉන්න තිබුණා. 


නාමල් රාජපක්ෂ මහත්තයා අද එන්න හිටියේ. එතුමා රගර් ක‍්‍රීඩකයෙක්. මේ දවස්වල රගර් සෙල්ලම් කරලා තෙහෙට්ටුවෙන් ඉන්නේ. ඒ නිසා මට කතා කරලා කිව්වා මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා.
 
Related Posts with Thumbnails