Ads 468x60px

.

අම්මේ ක්‍රීඩාවලින් සහතිකයක්‌ ලැබුණොත් රට යන්න පුළුවනි කියා ගෙදරින් පිටවූ අනිල් පුතා කැලණි ගඟේ.

හොර රහසේ හිතුවක්‌කාර ගමන් බිමන් යන සිසු පරපුරට යස පාඩමක්‌...

ඉකුත් සිකුරාදා (29 වැනිදා) පෙරවරුවේ කොට්‌ඨාස ක්‍රීඩා තරගයට සහභාගිවී එය නිමවීමෙන් පසු ආපසු එන අතුරතුරදී සිය සිසු මිතුරන් දෙදෙනකු සමග කැලණි ගඟේ කපුගොඩ තොටුපළට ගොස්‌ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගිය දොම්පේ අලුත් පාරේ පදිංචිව සිටි දොම්පේ සියනෑ ජාතික පාසලේ නව වැනි වසර පන්තියේ අධ්‍යාපනය ලැබූ කේ. ඒ. අනිල් කුමාර 14 හැවිරිදි පාසල් ශිෂ්‍යායාගේ අකල් වියෝව වාවාගත නොහැකිව වැලපෙමින් ඔහුගේ ලොකු අම්මා වන හේමාද සිල්වා වීරක්‌කොඩි මහත්මිය සිය පුතු තවදුරටත් සිහිපත් කළේ මෙසේය.

අනිල් පුතුගේ අම්මා රැකියාවකට යන නිසා අනිල් පුතු පුංචි කාලයේ සිටම ඇතිදැඩි කළේ මායි. හැමදාම පුතා පාසලට යන විට මට වැඳලයි පාසලට ගියේ. එදා ක්‍රීඩා තරගයට යන විටත් මට
වැඳලයි පාසලට ගියේ. එයා කීවා ක්‍රීඩාවලින් සහතිකයක්‌ ගත්තොත් මට රට යන්නටද පුළුවන් කියලා. එහෙම කියලා ගිය අනිල් පුතාට සිදුවූ මේ විපත මට අදහා ගන්නට බැහැ.

මා කවරදාකවත් පුතාට කිසිම අඩුවක්‌ තිබ්බේ නැහැ. පුතා රෑ වුනොත් පුතා එක්‌කර ගෙන එන්නට මා පාරට යනවා. හැබැයි එදා පුතා ක්‍රීඩා තරගයට යන විට කීවේ අද රෑ වුනොත් මාව බලන්නට වෙනදා එන පාරෙන් එන්නට එපා කීවා. අද රෑ වුනොත් මම එන්නේ පන්සල් පාරෙන් කීවා. ඒත් සවස 6.00 පමණ වන විට අපට ආරංචි වුණා පුතා ගඟේ ගිහින් කියලා.

එම පවුලේ බාලයා වූ අනිල් බුද්ධික සම්පත් (20) නමින් සොහොයුරකු සිටින අතර මේ දෙදෙනා නිරතුරුවම සොයුරු පෙමින් බැඳී සිටියහ. අනිල්ගේ පියා මිය ගොස්‌ ඇත. මව දයාද සිල්වා වීරක්‌කොඩි මහත්මිය (57) කැලණිය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කරයි.

ඉද්දලමල්දෙනිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු අනිල් එහි පස්‌වන වසර පන්තිය සමත්වීමෙන් පසුව දොම්පේ සියනෑ ජාතික පාසලට ඇතුළත් විය. එම පාසලේ වොලිබෝල් කණ්‌ඩායම නියෝජය කළ අනිල් ඉගෙනීමට මෙන්ම මලල ක්‍රීඩාවටද දක්‍ෂයෙක්‌ වූයේය. ඒ නිසාම අනිල් ගුරුවරුන්ගේ හා සහෝදර සිසු කැළගේ සිත් දිනාගැනීමට සමත් විය.

ඉකුත් සිකුරාදා (29 වැනිදා) පෙරවරුවේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ කොට්‌ඨාස පාසල් තරගයට අනිල් ගියේය. එය නිමවීමෙන් පසුව ඔහුගේ පාසල් මිතුරන් දෙදෙනකු සමග කැලණි ගඟේ කපුගොඩ තොටුපළට අනිල් පැමිණ ඇත. එහිදී අනිල් දියනාමින් සිටියදී එක පාරටම මරුවා වැළඳ ගත්තේය.

මා මේ පුවත ආරංචි වීමත් සමග දොම්පේ අලුත් පාරේ අනිල් පුතුගේ දේහය තැන්පත් කර තිබූ නිවසට ගියෙමි. ඒ අවස්‌ථාවේ අනිල් පුතුගේ දේහය අසල හඬා වැටෙන ඔහුග් ආදරණීය අම්මා ලොකු අම්මා හා එකම සොහොයුරා එම දේහය දෙස බලමින් දක්‌වන ශෝකාකූල භාවය දකින හද සිත් ඇත්තකුගේ වුවද කම්පා වනු නොඅනුමානය.

මෙසේ කිසිවකු නොසිතූ අවස්‌ථාවක මෙලොවින් සමුගත් අනිල් පුතු පාසලේ සහෝදර සිසු කැළ හඬවමින් අවසන් ගමන් ගියත් මෙය මවුපියන්ට හොර රහසේ හිතුවක්‌කාර ගමන් බිමන් යන සිසු පරපුරට යස පාඩමක්‌ වනු ඇත.
 
Related Posts with Thumbnails