Ads 468x60px

.

නෙහාරගෙයි මේනකගෙයි ලව් එක මාධ්‍යට වසන් කල හේතුව මෙන්න...

වෙලාවකට නෙහාරාගේ ආදරය මට කරදරයක්...මේනක

මේනක වෙනත් නිළියන් එක්ක රඟපාද්දී මට ලොකුම ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...නෙහාරා

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුවත් මවන්නේ බොහෝ කලක සිටය. වරින්වර ඔවුන් දෙපොළ ගැන විවිධ කටකතා ක්ෂේත්‍රය පුරා පැවතිණ. ඒවාට මේනක, නෙහාරා පිළිතුරු බඳින්නට ද පසුබට නොවූහ.

මේනක - නෙහාරා විවාහයට සූදානම් වනවා...මේ ඔවුන් පිළිබඳ දැන ගන්නට ලැබුණු අලුත්ම පුවතය. එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපි ඔවුන් ගෙන් සෘජුවම විමසුවෙමු. මේනක ඒ සඳහා පළමුව අදහස් දැක්වීමට ඉදිරිපත්
වුනා.

මේනක ඇත්තද ඒ කතාව?

මමයි නෙහාරයි විවාහ වෙන්න හදනවා කියන එකද?

ඔව්?

ඒ ආරංචිය ඇත්ත. අපි දෙන්නා ළඟදීම බඳිනවා.

කවදද?

තවම දවසක් තීරණය කරලා නැහැ.

ඒ කියන්නේ ඔබයි නෙහාරයි දැන් සුපෙම්වතුන්?

සත්තකින්ම.

ඇයි මෙච්චර කල් ඒක මාධ්‍යයෙන් වසන් කළේ?

අපි දෙන්නා යාළුවො විදිහට ගොඩක් කල් සමීපව ඇසුරු කළා. ඒත් ආදරවන්තයින් බවට පත් වූයේ ඉතා මෑතකදීයි. කියන්න පුළුවන් වුණ ගමං තමයි මේ කිව්වේ.

ඔබ දෙදෙනාටම ජීවිතයේ එක් අවස්ථාවකදී වැරදුණා?

ඔව්. මනුස්සයින්ගේ ජීවිතයන්හි එහෙම වැරදීම් සිද්ධ වෙනවා. අපි දෙන්නටම වැරදිච්ච වෙලාවේ දෙන්නට දෙන්නා දුක කියා ගත්තා. ප්‍රශ්න කතා බහ කළා. අපේ ඇසුරත් වැඩුණේ ප්‍රශ්නත් එක්ක.

ඔබ හිතනවද ඔබේ අනාගතය වෙනුවෙන් මේ ගන්න හදන්නෙ නිවැරදි තීරණයක් කියලා?

මෙහෙමයි. අනාගතය ගැන මට කියන්න බැහැනෙ. සමහරක් විට බැන්දට පස්සේ නෙහාරා වෙනස් වෙන්න පුළුවන්. මම වෙනස් වෙන්න පුළුවන්. ඒ ලෝකෙ හැටිනෙ. හැබැයි මේ තීරණය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. ඒක අනාගතයට බාරයි.

ඔබට නෙහාරා ගැන වැඩි විශ්වාසයක් නැහැ වගෙයි?

ඇයව අවිශ්වාස කරනවා නෙවෙයි, මං කිව්වේ අනාගතය ගැන මං දන්නේ නැහැ කියලයි.

ඔබ බලාපොරොත්තු වුණ ආදරය ඇය ගාව තියනවද?

ඒක නම් ඕනෑවටත් වඩා මට ලැබෙනවා. වෙලාවකට නෙහාරාගේ ආදරය මට කරදරයක්. එච්චරටම ඇය මං ගැන හොයනවා.

පෙර කසාදයේ ඔබට දියණියක් සිටිනවා. ඇගේ අනාගතය කෙබඳු වේද?

හැකි සෑම අවස්ථාවකදීම මගේ දූට පියකුගේ සෙනෙහස ආරක්ෂාව ලබා දෙනවා. ඇයගේ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීමට මං නිබඳව කටයුතු කරනවා. අදටත් එහෙමමයි.

කවදා හරි දියණිය රඟපාන්න ආසයි කිව්වොත්?

කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයට ඊට මග පාදලා දෙනවා.

නොකියාම විවාහ වෙන එකක් නැහැනේ?

මෙච්චර දේවල් කියපු එකේ විවාහය හොරෙන් පවත්වයිද අපි? කාට නැතත් ඔයාලට කියනවා.

ඊළඟට නෙහාරා කියූ කතාව අහමු.

මේනක කිව්වා ඔබ දෙපොළ ආදරවන්තයින් කියලා?

ඔව්. මේනක මගේ පෙම්වතා තමයි.

ඔබ හරිම සතුටින් ඒක කිව්වේ?

සතුටු නැත්තෙ මොකද.මේනක වගේ කෙනෙකු විවාහ කරගන්න ලැබීමත් වාසනාවක්නේ.

ඒ වුණාට මේනක නම් පැවසුවේ ඔබේ ආදරය වෙලාවකට කරදරයක් කියලා?

එයා ගැන එයාට වැඩිය උනන්දු වෙන්නේ මං. ඒක නිසා ඕනෑවට වැඩිය හොයලා බලනවා. ඒක හින්දයි එහෙම කියන්න ඇත්තේ.

මේනක වෙනත් නිළියක් එක්ක පෙම් ජවනිකා කරද්දී ඔබට පුංචි ඊර්ෂ්‍යාවක් එහෙම ඇති නේද?

පුංචි? පුංචි ඊර්ෂ්‍යාවක් නෙවෙයි. මට ලොකුම ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා මේනක වෙනත් නිළියන් එක්ක රඟපාද්දී. ඒක ඕනෑම ගැහැනු ළමයකුට ඇතිවන්නක්. තමාගේ පෙම්වතා වෙනත් ගැහැනු ළමයකු එක්ක රඟපානවා වුණත් ඒක බලාගෙන ඉන්න අමාරුයි.

ඉදිරියේදී මේනකට ඔබ රඟපාන්න එපා කියලා තහංචි දමාවිද ඒ වගේ හේතූන් මත?

නැහැ, නැහැ, ක්ෂේත්‍රයේ හැටි දන්නවා. මට මේනකව විශ්වාසයි. කවදාවත් මේනකට රඟපාන්න එපා කියලා තහංචියක් නම් දාන්නේ නැහැ මම.

මේනක කිව්වොත් ඔබට රඟපාන්න එපා කියලා?

දෙවතාවක් හිතන්නේ නැහැ ගෙදර ඉන්නවා. මට පොඩි කාලේ ඉඳලා ඕනෑ වුණේ හොඳ ගෘහණියක් වෙන්න.

ඔබයි මේනකගෙයි ආදරය ඔබ දෙපොළගේ විවාහ ජීවිතය බිඳ දැමීමට ප්‍රධාන හේතුව වූ බව ඇතැම් අය කියනවා?

ඒක නම් බොරුවක්. අපේ පවුල් ජීවිත බිඳ වැටෙද්දී මේනකයි මමයි යාළුවො විතරයි.

ඔබ සහ මේනකගේ පළමු හමුවීම මතකද?

මුතු කිරිල්ලී නාට්‍යයෙදියි අපි මුල්වරට හමුවුණේ.

අතීතය ගැන කතා කරන්න කැමැතිද?

බැහැ. අපි අනාගතය ගැන සහ වර්තමානය ගැන විතරක් කතා කරමු.

ඔබලාගේ මවුපියන් මේනකගේ සහ ඔබේ සම්බන්ධයට මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?

ඔවුන් අපිට ආශිර්වාද කරනවා.

පසුගිය කාලේ ඔබ දෙපොළ ගැන තවත් ආරංචියක් පැතිර ගියා?

ඒ මොකක්ද?

පසුගිය දෙසැම්බරයේ දෙන්නා විවාහ වුණයි කියලා?

ඔය කතාව පැතිර යන්නට හේතුව වුණේ මේකයි. මේනකගේ අම්මගේ හැට වැනි උපන් දිනය සැමරීමට සුදුසු හෝටලයක් බලන්න අපි ගියා. උත්සවයට අවැසි කේක් එකක් පවා ඕඩර් කලේ ඒ හෝටලයෙන්මයි. අම්මාගේ උපන් දින උත්සවය හොඳීන් පැවැත්වූවා. ඒක දැකපු අය හිතන්න ඇති ඒ තිබ්බේ අපේ විවාහයයි කියලා.
 
Related Posts with Thumbnails