Ads 468x60px

.

නිර්වස්ත්‍රාභරණයෙන් සැරසුණු වීනා...

සර්වාභරණයෙන් සැරසී සිටින තාරකා වකටත් වඩා උපන් ඇඳුමින් සැරසුණු තාරකාවකට එක් රැයකින් ලොවම දෑස් තමන් වෙත ආන්දෝ ලනාත්මක ලෙස රඳවා ගත හැකියි. 

වීනා මලික් චරිතය ලොවම හඳුනා ගත්තේ ඇය පුංචි තිරයේ සහ රිදී තිරයේ තාරකාවක වී බොහෝ කලකට පසුය. ඒ ‘ෆෝ හිම් මැගසින්’ (එෆ් එච් එම්) කවරයට නූල් පොටක් හෝ නැතිව පෙනී සිටීම නිසාය. එෆ් එච් එම් යනු පිරිමින් සඳහා නිකුත්වන ජනප්‍රිය අන්තර් ජාතික සඟරාවකි.

2012 දී එෆ් එච් එම් සඟරාවෙන් ඇය ලොව සරාගී කතුන් සිය දෙනා අතර විසිහය වැනියා ලෙස ශ්‍රේණිගත කෙරුණි. ඒ ඇන්ජලිනා ජොලී, මෙගන් ෆොක්ස්, පැරිස් හිල්ටන්, කිම් කාඩෂියන් යන සුපතළ තාරකාවන් සමඟ තරග වදිමිනි.


රඟන චරිතවලට වඩා මැවෙන පුවත් නිසා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින වීනාගේ අලුත්ම පුවත ‘විවාහය’ හා සම්බන්ධය. ඇය සමාජ වෙබ් අඩවියක අප්‍රේල් 1 වැනි සඳුදා සැඳෑවේ විවාහ වූ බව සඳහන්කර තිබුණි.

‘සතුටුයි කියන්න, පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන් සමඟ එක්ව පෞද්ගලික උත්සවයක් පවත්වා විවාහ වුණා. පසුව මාධ්‍යයට තොරතුරු දෙන්නම්’ ට්විටර් වෙබ් අඩවියට ඇය එසේ සඳහන්කර තිබුණි. පසුව ඇය මුස්ලිම් බැතිමතකු වූ ඉතාලි මෝස්තර නිරූපණ ශිල්පී ජෝන් එස්පොසිටෝ සිය සැමියා බව සඳහන්කර තිබුණි.

වීනාගේ ඉතිහාස පුවත් අනුව මෙය මෝඩයාගේ දවසේදී අවධානය දිනා ගැනීමට කළ දෙයක්දැයි කියා සැකයක් මේ වන විට කාහටත් මතු වී තිබේ. වීනාගේ කළමනාකරු පවා මේ පුවත ගැන දැන සිටියේ නැත. පසුව මාධ්‍ය මේ ගැන ඇයගෙන් කෙළින්ම කරුණු විමසා ඇති අතර, වීනා පවසා ඇත්තේ තමන් සැබෑවටම විවාහ වී යුරෝපයේ මධුසමය ගත කිරීමට යන බවයි.

වීනා මේ වන විට බොලිවුඩයේ ‘අයිටම්’ ගීතමය ජවනිකා සඳහා නැතිවම බැරි තාරකාවකි. විද්‍යා බාලන් රැඟූ ‘ඩර්ටි පික්චර්’ හි සිල්ක් ස්මිතා චරිතය ‘සිල්ක් සකාත් මාගා’ කන්නඩ සිනමාපටයේ රැඟුවේ වීනා ය. දැන් ඇය කාර්යබහුල නිළියකි.

මීට පෙර වීනාගේ නම සම්බන්ධ කර තිබුණේ අධ්‍යක්ෂ හේමන්ත් මධුකර්, පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසීෆ්, අෂ්මිත් පටෙල් වැන්නන් සමඟය. මේ දිනවල වීනා ‘ද සිටි දැට් නෙවර් ස්ලීප්’ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙමින් සිටින්නීය.
 
Related Posts with Thumbnails