Ads 468x60px

.

ටියුනීසියාවේ කාන්තා උඩුකය නිරුවත් විරෝධයක්.

උද්ඝෝෂණය නැරඹීම සදහා විශාල ජනකායක්.

Femen යනු යුක්රේනයේ ආරම්භ කල කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ආන්දෝලනාත්මක උද්ඝෝෂණ මෙහෙයවන සංවිධානයක් වේ.

මෙම සංවිධානයේ කාන්තාවන් තුන් දෙනෙකු ටියුනීසියාවේ ටියුනිස් අගනුවර උඩුකය නිරුවත්ව උද්ඝෝෂණයක් මෙහෙය වීමත් සමග අත්අඩංගුවට පත්ව ඇත. මෙය ඔවුන්ගේ අරාබි ලෝකයේ පළමු ආන්දෝලනාත්මක කි‍්‍රයා කාරිත්වයක් ලෙස හැදින් වේගනගරයේ ප‍්‍රධාන අධිකරණය ඉදිරිපිට සිදුකල මෙම උද්ඝෝෂණය නැරඹීම සදහා විශාල ජනකායක් ඒකරාශී විය.

මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වුනු කාන්තාවන් තිදෙනා ගෙන් දෙදෙනෙක් ප‍්‍රංශ ජාතිකයින් වන අතර අනෙක් කාන්තාව ජර්මන් ජාතිකයෙකු වේ.

මෙම උද්ඝෝෂණයේ අරමුණව ඇත්තේ ඉස්ලාමීය ප‍්‍රතිපත්ති ප‍්‍රශ්ණ කිරීම හේතුවෙන්   අත්අඩංගුවට ගත් ටියුනීසියානු
කාන්තාවක් නිදහස් කරන ලෙස බල කිරීමකි. මාධ්‍ය කරුවන් ඉදිරියේදිම ආරක්ෂක නිලධාරින් මෙම කාන්තාවන් තුන් දෙනාව උසාවි සංකීර්ණය පිටුපසට ගෙන ගොස් ඇත.

මෙම කාන්තාවන් උඩුකය නිරාවරණය වන සේ මෙන්ම කුඩා ඩෙනිම් කලිසම් ඇද සිට ඇත නිරාවරණ කර තිබූ උඩුකයේ  ‘Brest feed revolution’ හා ‘Femen Extrimist’ ලෙස සදහන් කර තිබුණි. මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය වාර්තා කරුවන් හය දෙනෙක්ද රදවා ගෙන ප‍්‍රශ්ණ කර පසුව නිදහස් කොට ඇති අතර මේ අතර රොයිටර් වාර්තා කරුවෙකු සහ ෆ‍්‍රාන්ස් චැනල් ආයනයේ වාර්තා කරුවෙකුද සිටි බව සදහන් වේ.

මෙවැනිම සිදුවීමක් රුසියානු ජනාධිපති පුටින් සහභාගිවුනු තාක්ෂණික ප‍්‍රදර්ශණයකදීද සිදුවුනු අතර එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේද මෙම සංවිධානය විසින් බව පැවසේ. සිදුවීමෙන් අනතුරුව ජනාධිපති පුටින් පවසා සිටියේ එම ප‍්‍රදර්ශණයට ප‍්‍රසිද්ධියක් ලබාදීම පිළිබදව  යුක්රේන ජාතික කාන්තාවන්ට ස්තූති කරන බවයි.


 
Related Posts with Thumbnails