Ads 468x60px

.

අචලාට කෘතිම අතක් දෙන දේශපාලන පොරොන්දු සිහිනයක් වේ.

පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේ ජනවාරි 17 වැනිදා...

තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට රටේ බලවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දුන් පොරොන්දු සිහිනයක් බවට පෙරලී ඇතැයි කොළඹ නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන අචලා ප්‍රියදර්ශනී මෙනෙවිය කියයි. 

ඉකුත් ජනවාරි 17 වැනිදා මාතර පිහිටි සිය නිවසේදී අචලා ප්‍රියදර්ශනී පඩිපෙලකින් ඇද වැටී අතක් බිඳී ගියේය. ප්‍රතිකාර සඳහා ඇය මුලින්ම ඇතුලත් කරනු ලැබුවේ මාතර මහ රෝහලටය.

මෙහිදී වගකිවයුතු අංශවලින් සිදුවූ බලවත් නොසැලකිල්ල නිසා ඇගේ අත මිය ගියේය. මේ නිසා ඇගේ අත කොළඹ මහ රෝහලේදී ඉවත් කරන්නට සිදුවිය. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හටගත් අතර එම ආන්දෝලනය යටපත් කරන්නට පක්ෂ විපක්ෂ ප්‍රධාන පෙලේ දේශපාලඥයන් කොළඹ මහ රෝහලට ගොස් අචලා ප්‍රියදර්ශනී හමුවී කෘතිම අතක් වහාම ලබා දෙන බවට පොරොන්දු වූහ. 

දේශපාලඥයන් රෝහලේදී අචලා සමග සිනහ මුසු මුහුණින් සාකච්ඡා කළ ආකාරය දැක්වෙන ඡායාරූපද ජනමාධ්‍යන්හි පලවිය. මේ කිසිවක් තවමත් සැබෑ නොවූ බව අචලා ප්‍රියදර්ශනී කියයි.
 
Related Posts with Thumbnails