Ads 468x60px

.

හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්.

සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සමත්ව තිබෙනවා.

පිපාසයෙන් සිටී නම් බීමක් ගෙන දීමටද,කුසගිනිව සිටී නම් මයික්‍රොවේව් (ක්ෂුද්‍ර තරංග) උදුනට ආහාරයක් දමා රත් කර පිළිගැන්වීමටද මේ රොබෝ බොටලේරුවා සමත්ය. 


සිය ස්වාමියාගේ මුහුණේ සටහන් වන හැගීම් දෙස බලා ඔහු කුසගිනිව සිටීද, පිපාසයෙන් සිටීද, යන්න තීරණය කර අවශ්‍යතාව අනුව කි‍්‍රයාත්මක වීමට මේ රොබෝවාට හැකි බව සදහන්ය.

පරීක්ෂණ වලදී සියයට අසූදෙකක පමණ නිරවද්‍ය තාවයකින් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හදුනාගැනීමට මේ රොබෝවාට හැකියාව ඇති බව හෙළිව
තිබෙනවා.

රොබෝවාගේ ‘‘ඇස්‘‘ ලෙස කි‍්‍රයාකරනුයේ ති‍්‍රමාණ දර්ශන ලබාදෙන කැමරාය.මේවා ආධාරයෙන් මිනිස් මුහුණේ සටහන් වන හැගීම් හොදින් නිරීක්ෂණය කිරිමේ හැකියාව රොබෝවාගේ පරිගණක පද්දතියට ලැබෙන බව රොබෝවා නිර්මාණය කළ සිසුන් පිරිස කියයි. 


මුලින් රොබෝවා සැළැසුම් කළේ හිස් වතුර කෝප්පයක් පුරවා දීම වැනි වැඩකටයුතු වලට වුවද පසුව කි‍්‍රයාකාරීත්වය වැඩිදියුණු කළ බව ඔවුන් පවසයි. බීම පිළිගැන්වීම,කෑම පිළිගැන්වීමට අමතරව ගේදොර පිරිසිදු කිරීම ආදියටද මේ යකඩ බොටලේරුවා දස්කම් දක්වයි.

සැබැවින්ම රොබෝවෙකු කි‍්‍රයාකාරී විය යුත්තේ මිනිස් සිතැගි හදුනාගෙන බව කොර්නෙල් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ප‍්‍රධානී මහාචාර්ය ඇසුටොෂ් සැක්සෙනා පවසයි. නමුත් එය සංකීර්ණ කි‍්‍රයා දාමයකි. මේ නිර්මාණය ඒ අභියෝගය ජයගැනීමට මහගු පිටිවහලක් වනු ඇති බව ඔහුගේ අදහසයි.



 
Related Posts with Thumbnails