Ads 468x60px

.

සැමියාට හොරෙන් ‘ෆේස් බුක්’ ගිහින්...

කොල්ලෝ 7ක් සමඟ පෙමින් වෙලිලා...

වැඩේ මාට්ටු වී බිරියගේ අතපය කඩා ගෙදරිනුත් එලවයි...

හතළිස් හැවිරිදි කඩවසම් සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නියැළි සිටී. දරු තිදෙනා උදෑසන පාසල් ගිය පසු බිරිය නිවෙසේ තනිවේ. තම තනිකම හා පාළුව මකා ගැනීම සඳහා ඇය මිතුරියකගේ මඟ පෙන්වීම අනුව අන්තර්ජාලය හා එක්වේ. 

කාලය සෙමෙන් ගලා යද්දී සැමියාගේ හා දරුවන්ගේ කටයුතු අතපසු කරමින් සැමියා හා දරුවන් නිවසේ සිටියදීම “ෆේස් බුක්” මිතුරන් හා සම්බන්ධවීමට තරම් ඇය එඩිතර වූවාය.

බිරියගේ වෙනස් වීම ගැන විමසිල්ලෙන් සිටි සැමියාට බිරියගේ
ෆේස් බුක් මිතුරන් හත්දෙනකු හඳුනාගත හැකි වූ අතර ඒ වනවිට යළි බිරිය සමඟ පවුල් ජීවිතයක් ගත කළ නොහැකි ලෙස ඇය ප්‍රතික්ෂේප කළ සැමියා පසුගියදා හිතේ හැටියට ඇයට පහර දී අත පය කඩා නිවෙසින් පලවා හැර ඇත.

දරු තිදෙනා මවගේ නිවෙසේ රඳවා සැමියා රැකියාවට යමින් සිටින අතර බිරිය ඇගේ මවුපිය සහෝදරයින් භාර නොගත් හෙයින් පොළොන්නරුව ප්‍රදේශයේ නෑදෑ නිවෙසකට වී හන්දි බෙහෙත් බඳිමින් සිටින බව පැවැසේ.
 
Related Posts with Thumbnails